771. අහේතුක සිත් අටළොස (දහඅට - 18) තුළ, චෛතසික සංග්‍රහය දන්නවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සර්වචිත්ත සාධාරන චෛතසිකයන් අහේතුක කුසල අකුසල විපාක සිත් හා යෙදීම පැහැදිලිකර දෙන්න. බුදුසරණයි!

A. දෙපස් විඤ්ඤාණ (10) තුළ, සර්වචිත්ත සාධාරණ චෛතසික හත පමණක් ම යෙදේ.

සම්පටිච්ඡන දෙසිත හා පඤ්චද්වාරාවජ්ජනය (මනෝධතු ත්‍රිකය) හා උපෙක්ඛා සහගත සන්තීරණ සිත් දෙක (අහේතුක පටිසන්ධි යුගල) යන 5 තුළ, සර්වචිත්ත සාධාරණ චෛතසික හත හා විතක්කය - විචාරය - අධිමොක්ඛය යන චෛතසික තුන, ලෙසින් චෛතසික දහයක් යෙදේ.

සෝමනස්ස සහගත සන්තීරණය තුළ, සර්වචිත්ත සාධාරණ චෛතසික හත හා විතක්කය - විචාරය - අධිමොක්ඛය - පීති යන චෛතසික හතර, ලෙසින් චෛතසික එකොළහක් යෙදේ.

මනොද්වාරාවජ්ජනය (වොට්ඨපන / වොත්ථපන) සිත තුළ, ප්‍රීතියත් - ඡන්දයත් හැර ඉතිරි අන්‍යසමාන 11 යෙදේ.

හසිතුප්පාදය තුළ, ඡන්දය හැර ඉතිරි අන්‍යසමාන 12 යෙදේ.

{මෙහි (මාගේ / මුල් ම පිළිතුරෙහි) සඳහන් වෙන්නේ, ප්‍රශ්නයට අදාළ, අහේතුක කුසලාකුසල (කුසල්-අකුසල්) විපාක සිත් 15 ඇතුළත්, අහේතුක සිත් 18 තුළ චෛතසික සංග්‍රහය පමණ ම යි.}


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll