645 - ගොපල්ලෙක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ධර්මය ඉගෙන ගන්න පටන්ගන්න පුද්ගලයෙක්, අවබෝධයෙන් තිසරණයේ නොපිහිටා, ශීලයක් නොමැතිව, ශ්‍රද්ධාවක් නොමැතිව මුලින්ම අභිධර්මය ඉගෙන ගතහොත්, ඔහු ධර්මය දන්නව කියල මාන්‍යයෙන් යුතුව ධර්ම මාර්ගය නොවැඩෙන පුද්ගලයෙක් බවට පත්වීමේ ඉඩකඩ වැඩියි නේද?

A / R. “අභිධර්මය” පමණක් නොව, කුමන “ධර්මය” වුවත්, කොපමණ දැනගත්ත ද, කුමන හේතුවක් නිසා හෝ භාවිතා නොකරන්නේ නම් මාර්ගය නො වැඩේ.


“මහණෙනි, තොපට ධර්මය පහුරකට උපමාකොට දෙසන්නෙමි. එය එතරවීම පිණිසය, ගැනීම පිණිස නොවේ. එය අසව්. මනාකොට මෙනෙහි කරව කියන්නෙමි” …

‘‘කුල්ලූපමං වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි නිත්ථරණත්ථාය, නො ගහණත්ථාය. තං සුණාථ, සාධුකං මනසිකරොථ, ..."
https://pitaka.lk/main?n=18122&p=240

“බණදහම් දැනගෙන කියන නමුත් එහි නොයෙදෙන
ගොපල්ලෙකි ඔහු නම් අනුන් හරකුන් බලාගන්නා

ඔහුට පස්ගෝරස බිඳක් හෝ නොලැබී යයි
ටිකක් බණ දැනගෙන කියන දහමෙහි හැසිරෙන
රා දොස් මෝහ හැරදා මිදුණු සිතකින් යුතුවන
ඔහු සමණ පලයට පැමිණ එහි උරුමයට හිමිවේ”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll