165. "මැරෙනවා" කියන්නේ ඇත්තට ම මොකද වෙන්නෙ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1) මරණයේදී කයේ සහ සිතෙහි වන සංසිද්ධිය ත්‍රිපිටකයේ සදහන් සුත්‍ර මොනවද?

2) මල සිරුර දරකඩකට සමාන කර ඇති සුත්‍රය කුමක්ද?

A. 1. http://pitaka.lk/18143/cs,aps > http://pitaka.lk/18143/457/cs,aps - “ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් තෙම මළේද, කලුරිය කෙළේද, ඔහුගේ කායසංස්කාරය (ආශ්වාස ප්‍රශ්වාස) නැතිවුණේ වෙයි, සංසිඳුනේ වෙයි. වාක්සංස්කාරය (විතර්ක විචාර) නැතිවුණේ වෙයි, සංසිඳුනේ වෙයි. චිත්ත සංස්කාරය (සංඥා වේදනා) නැතිවුණේ වෙයි, සංසිඳුනේ වෙයි, ආයුෂය ගෙවුනේය. උෂ්ණය (කර්මජ තෙජස) සංසිඳුනේය. ඉන්ද්‍රියයෝ බිඳුනාහ.”

2. http://pitaka.lk/18143/cs,aps > http://pitaka.lk/18143/457/cs,aps - “ඇවැත්නි, යම් විටෙක මේ ශරීරය හරණලද, ඉවත දමනලද, සිත් නැති දඬුකඩක් මෙන් පවතීද, එවිට මේ ශරීරය කෙතෙක් ධර්ම අත්හරියිද?”
“ඇවැත්නි, යම්විටෙක ආයුෂය, උෂ්ණය, විඤ්ඤාණය යන ධර්මතුන මේ ශරීරය අත්හරිද්ද, එකල මේ ශරීරය හරනලද, ඉවත දමනලද, සිත්නැති දඬු කඩක් මෙන් පවතියි.”

(http://pitaka.lk/38120/41/cs,aps) | 1. = 2.

A / R. "අචිරං වතයං කායො, පථවිං අධිසෙස්සති;
ඡුද්ධො අපෙතවිඤ්ඤාණො, නිරත්ථංව කලිඞ්ගරං.

මේ කය නොබෝ කලකින්ම ඒකාන්තයෙන් පහවූ සිත් ඇත්තේ, ඉවත දමන ලදුයේ දිරාගිය දඬුකඩක් මෙන් පොළොව මත්තෙහි හෝනේය."

https://pitaka.lk/main?n=38120&p=41


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll