479. එයා අමතක වෙන්නෙ ම නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මානසික වදයක් වී ඇති මතකයක් (පැරණි මතක(යක්) / පරණ පෙම්වතිය / පරණ පෙම්වතා) අමතක කරන්නේ කෙසේ ද? [මෙය ද කියවන්න!]
[The Original Post Has Been Removed - "This post has been removed or could not be loaded."]

A. [ඔබේ අවශ්‍යතාවය මත (ස්ත්‍රී/පුරුෂ) ලිංග භේදය වෙනස් කොට යොදා පිළිතුර සකස්කරගන්න.]

සැ: යු: මෙය මූලික මනෝවිද්‍යාත්මක සිධාන්ත මත, යම් අවස්ථාවකින් මිදී, සුවසේ සිටීමට ලබා දෙන උපදේශනයක් විනා කිසිදු පාර්ශවයක්/කෙනෙක් අවතක්සේරු කිරීමේ අරමුණක් නොමැති බව කරුණාවෙන් සලකන්න. එසේම, මෙම උපදේශන / උපදේශන මාලාව තවත් කෙනෙකුගේ හෝ සමාජයේ අයහපතට යොදාගැනීමෙන් මුළුමණින් ම වළකින්න.

{කාලය (කාලයා) සියලූම තුවාල සුව කරයි! ("Time Heals All Wounds!")
කාලය (කාලයා) ඕනෑම තුවාලයක් සුව කරයි! ("Time Heals Every wound!") - ලෙස, සියල්ල කාලයට බාර දී, බලා නොඉඳ, ඉක්මණින් ම ඉන් මිඳීමට නම් ...}

1. ඇඟේ මතකයන් ඇති සියලුම භෞතික දේ ඉවත්කරන්න.
උදා: දුරකථන අංක, ඡායාරූප, කෙටි පණිවුඩ, සංවාද, ... ආදිය.

2. මතකයන් රැඳී පවතින්නේ සිදුවීම් හා අවස්ථා මත ද බැවින්, ඇඟේ මතකයන් නැවත ඇතිවිය හැකි උපකාරක වලින් ඉවත්ව ඉන්න.

උදා: ප්‍රේම/විරහ ගීත, ප්‍රේම/විරහ ජවනිකා, ඇය හා ආ ගිය තැන්, ... ආදිය.

3. හැකි නම් ඔබේ “ප්‍රේම කතාව” මුල සිට අග දක්වා හොඳ විශ්වාසවන්තයෙක්ට හා හොඳ සවන් දෙන්නෙකුට (මත්ද්‍රව්‍ය හෝ වැරදි ක්‍රියාවලින් තොරව) කියා නිම කරන්න.

නොඑසේනම් ඔබේ ප්‍රේම කතාව මුල සිට අග දක්වා ම ඔබ විසින්ම ලියා ගෙන යන්න (මතක් වෙන පරිදි කියන්න/ලියන්න, පිළිවෙල හෝ වෙනත් කිසිදු දෙයක් අදාළ නොවේ), පසුව එය පුළුස්සා දමන්න.

ඇය/ඔබ කෙරෙහි දැඩි තරහක් ඇති වන්නේ නම් කෙසෙල් කොටයක් සොයාගෙන එයට තරහා/දුක/පසුතැවිල්ල ඉවත්වන තුරු යමකින් අනින්න.

ඔබට කෙනෙකු සමඟ හෝ තනිවම හෝ රහසේ හෝ විශේෂයෙන් ම “කෑගසා හඬන්නට” හැකිනම් එයද වටී.

යාළුවකුගේ සතුන් (කුරුල්ලන්/රිලවුන් වැනි) එන හේනක්/කුඹුරක් ඇත්නම් ගොස්, (සාමාන්‍යයෙන් සතුන් එළවන වේගයට වඩා වේගයෙන් “යටි ගිරියෙන්”) කෑගසා සතුන් එලවන්න.

ඔබ කළ හොඳ හෝ නරකද, ඇය කළ හොඳ හෝ නරකද තම තමන්ට අයිති වන බව ද සිතන්න.

4. තනි වෙන්නම එපා; කාර්යය බහුල (busy) වෙන්න. ("busy වෙනවා" කියලා, වැරදි වැඩ කරන්නත් එපා.)

උදා: මෙතෙක් අතපසු වූ ඔබ ආසම කරන "ඵලදායි දෙයක්/දේ" වෙනුවෙන් මුලු දවසම උණත් යොදන්න - කාටහරි/යාළුවෙකුට උදව් වෙන්න, පංසලට ගොස් පිරිසිදු/ශ්‍රම දානයක් කරන්න, අළුත් පාඨමාලාවක් හදාරන්න, ධර්මය හෝ ඵලදායි දෙයක් ශ්‍රවණයකරන්න/ කියවන්න ... ආදිය. (ආදර නව/කෙටි කතා කියවන්න එපා. වෙන/අළුත් දෙයක්/විෂයක් කියෙව්වට/ඉගෙනගත්තට, විහිළු චිත්‍ර පටයක් බැලුවට, මව්ගුණ/පියගුණ/බුදුගුණ ගී ශ්‍රවණය ආදිය ද කම් නැත/කමක් නෑ.)

5. ඇඟේ මතකයන් සිතට නැගීඑන සෑම විටම එහි (ඇගේ සිතේ/කයේ) ඇති අසුබ/පිළිකුල් බව මෙනෙහි කරන්න හෝ ඇඟේ වැරදි අඩුපාඩු ඒ වෙනුවට ආදේශ කරන්න.

උදා: ඇයට, ඇඟේ රූපයට හෝ ඇඟේ අඟ-පසඟ කටහඬ ස්පර්ශය හෝ සුලලිත හැසිරීම් ආදිය කෙරෙහි ඔබේ සිතේ නැගෙන මතකයන් හෝ චිත්තරූප වෙනුවට, ඒවායේ විරුද්ධ/අසුබ/පිළිකුල් අරමුණු ආදේශ කර මෙනෙහි කරන්න.

“කාම සැප” හා “නෙක්ඛම්ම සැප” ලෙස සැප දෙකක් ඇති බවත් “කාම සැප” හෙවත් කැමති දේ ලැබීමෙන් ලබන සැප සඳහා බොහෝ කායික මානසික වෙහෙස වීමට හා “වහල් වීමට” සිදුවන බවත්, “නෙක්ඛම්ම සැප” හෙවත් යමක් අත්හැරීමෙන් ලැබෙන සැප නිසාවෙන් “වහල් බැවින් මිදීම” වැනි නිදහසක් හා බොහෝ කායික මානසික වෙහෙස වීම් වලින් නිදහස් වීමක් බව සිතන්න, එසේ චිත්තරූප (සිහින) දකින්න.

(ඇය ඔබට නොලැබීයාම ඔබේ පින/කුසලය/වාසනාව නිසා හෝ, ඇය ඔබට කුමන ලෙසකින් හෝ නොගැලපෙන නිසාවෙන් හෝ ඇයට වඩා සෑම අතින්ම ගැලපෙන කෙනෙකු ලැබීමට හෝ ඔබට නිදහසේ තනිකඩව ඔබේ ජීවිතය කෙරේ නැවත හැරී බලා සුන්දර නිදහස් මිනිසෙකු වීමට ලබා දුන් නව අවස්තාවක් ලෙස හෝ සිතන්න.)

[නැවත] සැ: යු: - මෙය මූලික මනෝවිද්‍යාත්මක සිධාන්ත මත, යම් අවස්ථාවකින් මිදී, සුවසේ සිටීමට ලබා දෙන උපදේශනයක් විනා කිසිදු පාර්ශවයක්/කෙනෙක් අවතක්සේරු කිරීමේ අරමුණක් නොමැති බව කරුණාවෙන් සලකන්න. එසේම, මෙම උපදේශන / උපදේශන මාලාව තවත් කෙනෙකුගේ හෝ සමාජයේ අයහපතට යොදාගැනීමෙන් මුළුමණින් ම වළකින්න.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll