478. මනස අවුල්-වියවුල් ද? මානසික ආතතිය ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මානසික ආතතිය හෝ වියවුල් සහගත බව හටගන්නේ කුමන කර්මයන් නිසා ද? එවැනි විටකදී කල යුතු පිංකම් හා සජ්ජායනා කල යුතු පිරිත් දේශනා මොනවාද?

A / R. 0. කළ අකුසල්/වැරදි ගැන පසුතැවිලි නොවන්න; කළ කුසල්/හොඳ නිතර නිතර සිහි කරන්න. එසේම, වක්‍රව හෝ ඍජුව කළ/සම්බන්ධ වූ අකුසල්/වැරදි වලට ප්‍රතිවිරුද්ධ කුසල්/හොඳ (දේවල්) වක්‍රව හෝ ඍජුව බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම කරන්න. (බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) පස්පව්, දස අකුසල් ආදී සෑම පවක්ම/අකුසලයක්ම/වැරද්දක්ම දිවිහිමියෙන් දුරු කරන්න. (බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) දාන, සීල, භාවනා –– ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍යක්‍රියා, දස කුසල් ආදී සෑම පිනක්/කුසලයක්ම/හොඳක්ම දිවිහිමියෙන් පුරුදු කරන්න, වඩන්න.

0. (ඔබේ කළින් ප්‍රශ්නයට, මා ලබාදුන් පිළිතුර ද හොදින් අධ්‍යනය කරන්න.)
කළ අකුසල් ගැන පසුතැවිලි නොවන ගමන්, කළ කුසල් නිතර නිතර සිහි කරන්න. එසේම, වක්‍රව හෝ ඍජුව කළ/සම්බන්ධ වූ අකුසල් වලට ප්‍රතිවිරුද්ධ කුසල් වක්‍රව හෝ ඍජුව බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම කරන්න. (බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) පස්පව්, දස අකුසල් ආදී සෑම පවක්ම/අකුසලයක්ම දිවිහිමියෙන් දුරු කරන්න. (බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) දාන, සීල, භාවනා––ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍යක්‍රියා ආදී සෑම පිනක්/කුසලයක්ම දිවිහිමියෙන් පුරුදු කරන්න, වඩන්න.
(ඉහත, මෙම ක්‍රමවේදය ඕනෑම අකුසල කර්මයක්/අකුසල කර්ම විපාකයක් මැඬලීමට අදාළ වේ.)

1. කොතරම් කාර්ය බහුල වුවත් ...
1. (පැයකට විනාඩියක් හෝ) ඉතා කුඩා විවේක ගැනීමට අමතක නොකරන්න. එකී විවේක තුළ (හෝ වෙන්කරගත් කාලයක් තුළ, හැකි නම් හුදෙකලා වෙන්න, නිසල නිහඬ තැනකට ගොස් පහසු ඉරියව්වකින්) දෙනෙත් පියාගෙන (දෙනෙත් පියාගැනීම අත්‍යවශ්‍ය ය) දිගුව සෙමින් හුස්මක් ගෙන, එසේම දිගුව හා සෙමින් පිටකරන්න. හුස්ම ගැනීමේදී නාසයෙන් ද පිටකිරීමේ දී මුඛයෙන් ද ලෙස කිහිපවිටක් (හෝ අවශ්‍ය තරම්) නිදහසේ කරන්න. (හුස්ම ගැනීමේදී හුස්ම හිස් මුදුනේ සිට දෙපතුළ දක්වා කය පුරා ගොස්, හුස්ම පිට කිරීමේ දී සිත කය දෙකෙහි ඇති පීඩනය පිටවන හුස්මත් සමඟ ම සිතින් කයෙන් බැහැර වන බව පරිකල්පනය (imagine) කිරීමට හැකිනම් වඩා වටී.)
හෝ/හා
2. (පැයකට විනාඩියක් හෝ) ඉතා කුඩා විවේක ගැනීමට අමතක නොකරන්න. එකී විවේක තුළ (හෝ වෙන්කරගත් කාලයක් තුළ, හැකි නම් හුදෙකලා වෙන්න, නිසල නිහඬ තැනකට ගොස් පහසු ඉරියව්වකින්) දෙනෙත් පියාගෙන (දෙනෙත් පියාගැනීම අත්‍යවශ්‍ය ය) තමාගේ සිතට එන යන සිතුවිලි දිහා නිදසේ බලා සිටින්න. කුමන සිතුවිල්ලක් පැමිණියද එය පැවැත්වීමට හෝ නැවත්වීමට හෝ අතහැරීමට නොයන්න. සිතුවිලි සමඟ පොර බැදීමෙන් ද වළකින්න. සිතුවිලි වලට නිදහසේ ගලා යාමට දී ඔබ ඒ දෙස (ගඟක් දෙස බලා සිටින්නාක් මෙන්) බලා සිටින්න.
හෝ/හා
3. … එසේ සිතුවිලි දෙස බලා සිටියාක් මෙන් කයට සවන් දෙන්න (Body Listening).
හෝ/හා
4. කෙටි වෙලාවක් හෝ කුමක් හෝ ඔබට ප්‍රිය භාවනාවක් කරන්න.
(ප්‍රමාණවත් නින්ද, සෞඛ්‍ය සම්පන්න ආහාර, සෞඛ්‍ය සම්පන්න ඉරියව් හා පුරුදු, මනස ඉහිල්වන කලා කෘතීන් (විදග්ධ සුමධුර ගීත/නාට්‍ය/ගද්‍ය/පද්‍ය, හාස්‍ය රසය ...), පරිසරය, ජාන, කර්මය, ආශ්‍රය .... ආදී බොහෝ දේ ද මානසික පීඩනය කෙරෙහි (සුබ/අසුබ ලෙස) බලපාන බව කිව යුතුය.)
හෝ/හා
5. පහත සබැඳීවලින් පිවිස (අඩුම තරමින් එහි සඳහන් සූත්‍ර පමණක් වත්) අධ්‍යනය කොට දැනුවත් වී ප්‍රායෝගික වෙන්න.
http://polgollekusaladhamma.blogspot.com/.../buddhist...
http://polgollekusaladhamma.blogspot.com/.../the-buddhit...

[Thanks to Modern/Western Psychology and Buddhist Psychology.]

2. සමාව දීම, සමාව ගැනීම, පසු නොතැවීම, පෙර දැක්ම (future plans), සමාජීය ආර්ථික ආධ්‍යාපනික ආදී තත්ත්ව ඉහළ දමා ගැනීම, ශිල්පීය හා ශාස්ත්‍රීය දැනුම, ලද දෙයින් සතුටුවීම, අඩු අශා හා අඩු බලාපොරොත්තු ඇති බව, සෞඛ්‍ය සම්පන්න සිතුම් පැතුම් ඇති බව, කායික හා මානසික සෞඛ්‍යයේ නිරෝගීබව/සමබරබව/ඉහළ අගය, කායික හා මානසික විවේකය, කායික හා මානසික ව්‍යායාම, මනා විනෝදය, හොඳ වැඩ/කුසල්/පිං දහම් කිරීම, (බලාපොරොත්තු කඩවීම් හා නොයෙක්) චිතවේග පාලනය/කළමනාකරණය, මානුෂීය ගුණ දහම් වගාව/ඉහළ දමා ගැනීම, සමාජ සේවය, අටලෝ දහමෙහි නොසැලෙන පෞර්ෂත්වය, දාන-සීල-භාවනා, සීල-සමාධි-ප්‍රඥා රැකීම/වැඩීම ... ආදී බොහෝ කරුණු ද මෙහිලා සඳහන් කළ යුතුය/හැකිය.


4. (විශේෂයෙන් ම තරුණ කාලයේ ඇතිවන හෝ ...) මානව / ආදර සබඳතා බිඳ වැටීම හෝ/හා විශ්වාසය බිඳ වැටීම (විශ්වාස ඝාතනය) නිසා ද කේන්ති යෑම ආරම්භ විය හැක. එසේ වීමෙන් යම් කලක් ගතවූ පසු, මානසික අවපීඩනය දක්වා (කාංසාව / විශාදය දක්වා පවා) මෙම තත්ත්වය වර්ධන විය හැක; එවිට ද (අධිකව / නිතර) කේන්ති යෑම සිදුවිය හැක.
(මේ කෙටි හේතු දැක්වීම ප්‍රශ්නයේ මූලය සොයා ගැනීම පිණිසය - මූල හේතු සොයා ගැනීම ප්‍රශ්නයක් විසඳීමේ ප්‍රබල ම ක්‍රමයකි.)
(කවුරුන් හරි වුවත්, වැරදි වුවත් - සිතින් හෝ) සැමවිට ම පාහේ “සමාවගැනීම හා සමාවදීම” තමා තාමාට ම කරගන්නා විශාල යහපතක් බව වටහාගන්න. (සිතින් අතහැරීම ද වටී.)
එසේම, (පැවති / පවතින / පැවතිය හැකි) මානව / ආදර සබඳතා දෙස යථාර්ථවාදීව බැලීම ද ප්‍රඥාවන්තව (පවතින / පැවතිය හැකි) මානව / ආදර සබඳතා ගොඩනඟාගැනීම ද මෙහිලා ඉතා ම වැදගත්ය.
අධික ලෙස (පමණට වඩා) හැඟීම්බර නොවීම (පමණට හැඟීම්බර වීම) ද අවශ්‍ය ය; සිරිත්-විරිත්, ගුණ-දහම්, බණ-දහම්, සංස්කෘතිය ... (ආදිය) රැකීම ද වටී.
[“සතුට” බාහිර නොව ආභ්‍යන්තරික සාධකයක් කරගැනීම ද “මානව සබඳතාව ගොඩනැඟීමේත කලාව” ඉගෙන ගැනීම ද ප්‍රගුණ කිරීම ද වටී.]
තවද, මෛත්‍රී (හෝ/හා කරුණා - මුදිතා - උපේක්ෂා) භාවනා(ව) නිතර-නිතර වැඩීමෙන් මෙම තත්ත්වයෙන් සම්පූරණයෙන් ම නිදහස් විය හැක.

5. “කාමය වරදවා හැසිරුණ කෙනෙක් අපායේ උප්පත්තිය නොලැබුනොත් (අපායේ ඉපදුනොත් නොයෙක් දුක් විඳලා, තිරිසන් වෙලා බීජෝත්පාටන ආදී දුක් ලබනවා), කාමය වරදවා හැසිරීමේ විපාක හැටියට එයාට නින්දා අපහස දුක් වැඩි වෙනවා, සතුරෝ වැඩි වෙනවා, රෝග වැඩි වෙනවා, තමන් කැමති සහකාරියව/සහකරුවවනොලැබී යනවා, ගැහැණියක් නම් ගැහැණු ආත්ම භාවයෙන් මිදෙන්නේ නෑ, පිරිමියෙක් නං ගැහැණියෙක් වෙනවා, ලිංග විපර්යාස ඇතිවෙනවා ... ආදී නොයෙක් දුක් මෙලොව පරලොව විඳින්න වෙනවා.
එහෙත් (මං නිතරම හැමෝටම කියනවා වගේ) අකුසල් කරපු කෙනෙක්, කළ අකුසල් ගැන පසුතැවිලි නොවන ගමන්, කළ කුසල් නිතර නිතර සිහි කරනවා නම්; එසේම, වක්‍රව හෝ ඍජුව කළ/සම්බන්ධ වූ අකුසල් වලට ප්‍රතිවිරුද්ධ කුසල් වක්‍රව හෝ ඍජුව බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම කරනවා නම්; (බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) පස්පව්, දස අකුසල් ආදී සෑම පවක්ම/අකුසලයක්ම දිවිහිමියෙන් දුරු කරනවා නම්; (බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) දාන, සීල, භාවනා––ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍යක්‍රියා ආදී සෑම පිනක්/කුසලයක්ම දිවිහිමියෙන් පුරුදු කරනවා නම්, වඩවා නම්, ධාර්මිකව හැසිරෙනවා නම් එයට පුළුවන් තමන් කරපු ඕනෑම අකුසලයක් (“ගරුක කර්ම” හැර) “අහෝසි කර්ම” ගණයට පත්කරන්න හෝ අකුසල් වල විපාක ශක්තිය අඩු කරන්න.
මිනීමරුවෝ, සල්ලාලයෝ, බේබද්දෝ, ගණිකාවෝ ... වගේ සමාජ සම්මත නරක චරිත පවා මාර්ග ඵල පවා ලබා ගත්තේ ඉහත ක්‍රමය නිසා (මෙය එක් ක්‍රමයක් පමණි). මාර්ග ඵල වලින් නං බොහෝ අකුසල්/ අකුසල් විපාක (කුසල් පවා) “අහෝසි කර්ම” ගණයට පත් වෙනවා.
කෙනෙක්ට තියන පෙර පිං, කන බොන දේ, මානසික ශක්තිය, ජාන, පරිසරය, ධර්ම ඥානය, දැනුම, බුද්ධිය ... කියන ප්‍රධාන කාරණා මත එයාට මොන (පෙර/සංසාරේ) අකුසලය කරත් සම්පූර්ණයෙන්ම ජීවිතය වෙනස් කර ගැනීමේ හැකියාව තියනවා.”

6. තවත් බොහෝ හේතු ද තිබිය හැකිය. කෙසේ වෙතත් ප්‍රශ්නයක “මූල හේතු” කල්පනා කිරීම, එය විසඳීමේ එක් ප්‍රබල ක්‍රමයක් බැවින් පහත කාරණා ගැන මදක් ගැඹුරින් සිතා බලන්න.
1. ඔබ දුක සිතන්නේ (අඬන්නේ අඬන්නේ ආදිය) මැරුණු පුද්ගලයාගේ රුව / ක්‍රියාකාරකම් .... ඔහු / ඇය සමඟ ගත්කල දිවිය / අවස්ථා / සොඳුරු අත්දැකීම් ... ආදිය නැවත මතකයට නඟා ගැනීමෙන් ද විය හැකිය.
2. ඔබ දුක සිතන්නේ (අඬන්නේ ආදිය) “මරණය” සම්බන්ධයෙන් ඔබේ සසර අත්දැකීම් හෝ මෙලොව (මළගෙයක) අත්දැකීම් අනුසාරයෙන් විය හැකිය.
3. ඔබ දුක සිතන්නේ (අඬන්නේ ආදිය) වෙනත් අයගේ එවැනි ක්‍රියා අනුව-යෑම නිසා ද විය හැකිය.
කුමන අයුරකින් බැලුවත් ඔබ දුක සිතන්නේ ඔබ ම දුක උපද්දවාගෙන ය - එනම්, ඔබේ ම මනසේ සිතුවිලි හා දුක එන අයුරින් නැවත නැවත සිතීමෙන් / හැසිරීමෙන් ය - එබැවින් යථාර්ථවාදී වීම හා ඔබේ ම මනසට නොරැවටී සිටීමෙන් (මනෝ විතර්ක වෙනස් කිරීමෙන්) දුක පාලනය කළ හැක / දුකින් මිදිය හැක.
මෙමෙ සුත්‍රය අනුස්සාරයෙන් ඔබට අවශ්‍ය පරිදි මනෝ විතර්ක වෙනස් කරන ක්‍රම හුරුකරන්න - https://pitaka.lk/main?n=181110&p=216
(එසේ ම, මනෝ විතර්ක වෙනස්කිරීමට හෝ හකුළුවා ගැනීමට තවත් නොයෙක් බොහෝ ගැඹුරු ක්‍රම බුදු දහමෙහි අඩංගුය.)


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll