687. පව් සෝදා හරිමු ද? පව් කමා කරගනිමු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. තෙරුවන්සරණයි !
අපි කල පවු කමාකරගන්න පුලුවන්ද... අර සමහර වාක්‍ය තියෙන්නෙ පවු කමාකරන සේක්වා කියල... එතකොට පවු කමාවෙනවද... කොහොමද අපි කල පවු අකුසල් කමාවෙන්නෙ... මෙතන කමාවෙනව සහ කමාකරගන්නව කියන එකේ තේරුම මොකද්ද... කරුණාවෙන් පහදන්න.
තෙරුවන්සරණයි !

A. 1. මනෝ විද්‍යාවෙහි “සමාව ගැනීම” හා “සමාව දීම” චිකිත්සක ක්‍රමයකි. (මනසට සහනයකි.)

2. වෙනත් ආගම්වල “පව් සමාකර ගැනීම” ඒ හා සමාන ක්‍රමයක් ම විනා, ඉන් “පව්වල විපාක” (සෑම පවක ම විපාක) අහෝසි වන්නේ නැත; එසේ කිරීමෙන්, “පව්වල විපාක අහෝසි වන්නේ යැයි” සිතාගන්නේ නම්, එය මුලාවක් (තමා ම රවටා ගැනීමක්) මෙන් ම සෑම පාර්ශවයට ම අහිතකර ඛේදයකි.

3. බුදු දහමේ “පව් සමා කරගැනීම” වෙනුවට ඇත්තේ “වරද සමාකර ගැනීම” වන අතර, කළ වරද සමා (කමා / ක්‍ෂමා) කරගැනීමෙන්, (සමාව දීම / සමාව ලැබීම තුළින් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරය ද ලැබෙනවා සේ ම / සෑම විපාකය ම අහෝසි නොවුණ ද, ඇතැම් පව්වල විපාක අහෝසි වී) පුද්ගලයාගේ ඉදිරිගමන (නිවන්මඟ දක්වා ම) එළිපෙහෙළි / නිවැරදි / නිරවුල් වේ.

ලෞකික / සාංසාරික බාධා මෙන් ම නිවන් මඟට ඇතිවන බාධා දුර ලීම බුදුදහමේ “වරද සමාකර ගැනීම” තුළින් අපේක්ෂිත ය.

උදාහරණ ලෙස, ත්‍රිවිධ රත්නය කමා කරවා ගැනීම, සුප්‍රසිද්ධ සැරියුත් හිමියන්ගේ කතාව, සුප්‍රසිද්ධ සෝරෙය්‍ය තෙරුන්ගේ කතාව, ධම්මපදයේ ඇතැම් කතා වස්තූන්, ත්‍රිපිටකයේ ඇතැම් සිදුවීම්, ආර්ය උපවාදය, ... ආදිය දැක්විය හැක.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll