Q. සමූහ ඝණය, සංතති ඝණය, ආරම්මන ඝණය, ක්‍රියා ඝණය යන ඝන හතරක් ගැන අභිධර්මයේ සඳහන් වේ. මේ පිළිබඳ පැහැදිලි කිරීමක් හා මූලාශ්‍රයක් සඳහන් කරන්න පුලුවන්ද?
A. “1. සමූහ ඝනය
එකිනෙක ගැටී පවත්නා වූ රූප කලාප රාශියක් ඒකත්වයෙන් ගැනීමෙන් සත්‍ය වශයෙන් නැත ද, ඇති සේ වැටහෙන මහත් වූ දෙය සමූහ ඝනය යි. මල ය, කොළ ය, ගෙඩි ය, ගස ය, ගල ය, ඇස ය, කන ය, දත ය, අත ය, පය ය, පුටුව ය, පිඟාන ය, කෝප්ප ය යනාදීන් සලකන සියල්ල ම සමූහ ඝනයෝ ය. ඔවුනොවුන් ඇසුරු කොට පවත්නා වූ නාම රූප ධර්ම සමූහයක් ඒකත්වයෙන් ගැනීම නිසා ඇති සේ හැඟෙන මහත් වූ දෙය ද සමූහ ඝනය යි. ස්ත්‍රිය ය, පුරුෂයා ය, ළමයා ය, ගවයා ය, එළුවා ය යනාදීන් සලකන සියල්ල, නාම රූප දෙපක්ෂය ඒකත්වයෙන් ගැනීම නිසා ඇති සේ හැඟෙන සමූහ ඝනයෝ ය.
2. සන්තති ඝනය
පරම්පරා වශයෙන් සම්බන්ධ වූ අතීත වූ ද අනාගත වූ ද, වර්තමාන වූ ද නාම රූප ධර්මයන් ඒකත්වයෙන් ගෙන ඇතැ යි සිතින් සළකා ගන්නා ලද කලක් පවතින්නා දෙය සන්තති ඝනයයි. කලක් ජීවත් වන සත්ත්වයන් වශයෙන් ද, කලක් පවත්නා වස්තු වශයෙන් ද, සලකන සියල්ල සන්තති ඝනයෝ ය. අසවලා මෙතෙක් කල් ජීවත් වූයේ ය, අසවල් දෙය මෙතෙක් කල් පැවැත්තේය යන හැඟීම වන්නේ සන්තති ඝනය නිසා ය.
3. කෘත්‍ය ඝනය
වෙන් වෙන් වශයෙන් නාම රූප ධර්ම බොහෝ ගණනකින් සිදුකරන ක්‍රියා බොහෝ ගණනක් ඒකත්වයෙන් ගෙන සලකනු ලබන මහා ක්‍රියාව කෘත්‍ය ඝනය යි. ඉදිරියට යෑම ය, පස්සට යෑම ය, වාඩි වීමය, නැගිටීම ය, අත එසවීම ය, පය එසවීම ය යනාදීන් සලකන සියල්ල ම ක්‍රියා ඝනයෝය. අතක් එසවීම එක් ක්‍රියාවක් සේ සලකතත් එය චිත්ත චෛතසික සමූහයකගේ ද, ඒ සිත් වලින් උපදවන වායු කලාප සමූහයකගේ ද, අත ය යි කියනු ලබන රූප කලාප සමූහයකගේ ද ක්‍රියා රාශියකි.
4. ආරම්මණ ඝනය
සිත් බොහෝ ගණනක් විසින් වෙන වෙන ම සිදු කරන, වෙන් වෙන් වූ සිත් වලට අයත්, අරමුණු ගැනීම් සමූහයක් ඒකත්වයෙන් ගෙන, එක දැනීමක් වශයෙන් ගන්නා ලද ආකාරය ආරම්මණ ඝනය යි. වෙන් වෙන්ව ඉපිද වෙන් වෙන් ව අරමුණු ගන්නා වූ චක්ෂුර්විඥානය, සම්ප්‍රත්‍යේක්ෂණ, සන්තීරණ, ව්‍යවස්ථාපන, ජවන, තදාරම්මණ සංඛ්‍යාත සිත් සමූහයෙක ආරම්මණ ග්‍රහණයන් එක්කොට, එක් දැකීමක් යයි ගන්නා ආකාරය යන ආදීහු ආරම්මණ ඝනයෝ ය.”
https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/10-8.html
"ඝන සතර
දෘෂ්ටි විශුද්ධි සම්පාදනයෙන් ම යෝගාවචරයනට සංස්කාරයන් ආන්ම නො වන බව හා සංස්කාරයන්ගෙන් අන්‍ය ආත්මයක් නැති බවත් වැටහෙන නමුත් ඝන සංඥාවෙන් වැසී යා හැකි පෘථග්ජනයාගේ අනාත්ම දර්ශනය තිර නැති බැවින් හා අපිරිසිදු බැවින් ද යෝගාවචරයන් විසින් නැවත නැවතත් අනාත්ම ලක්ෂණය විමැසිය යුතුය. භාවනාවෙන් අනාත්ම දර්ශනය තහවුරු කළ යුතුය.
සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය ඝන සංඥාවෙන් වැසෙන්නේ ය. ඒ ඝන සංඥාව සංස්කාරයන් හැර අන්‍ය ආත්මයක් ඇති සේ වැටහීමට ද හේතු වන්නේය. එ බැවින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, චිත්ත, එස්ස වේදනාදි ධර්මයන් වෙන් වෙන් කොට බලා නුවණින් ඝන සංඥාව දුරු කළ යුතුය. ධර්ම වෙන් කොට නො බැලීමෙන් ඝන සංඥාව ද, ඝන සංඥාවෙන් ආත්ම සංඥාව ද ඇති වේ. අනාත්ම දර්ශනය ශුද්ධ වීමට නුවණින් ඝනය බිඳ පරමාර්ථ ධර්ම බැලිය යුතුය. අභිධර්මය දැනීම, ඝනය බිඳ ගැනීමට ඝන සංඥාව දුරු කර ගැනීමට ඉතා උපකාරය. අභිධර්මය උගත් උගත් පමණට එය පහසු වන්නේය. එකිනෙක ගැටී පවත්නා වු කුඩා වස්තු රැසක් නිසා නිත්‍යවශයෙන් නැති, සිතට ඇති සේ හැඟෙන මහත් වූ දෙය ඝනය යි. සමූහ ඝනය, සන්තති ඝනය, කෘත්‍ය ඝනය, ආරම්මණ ඝනය යි ඝන සතරෙකි.
....
කාංක්ෂාවිතරණ විශුද්ධිය සම්පාදනය කළ යෝගාවචරයා විසින් මෙහි දැක්වූ ත්‍රිලක්ෂණ විස්තරය නැවත නැවතත් කියවා හොඳින් තේරුම් ගෙන, සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණ තුන පිරිසිදු ව පෙනෙන තුරු සියල්ල පිළිබඳව ම නිත්‍ය-ශුභ-සුඛ-ආත්ම සංඥා දුරු වන තුරු එකින් එක ද සමූහ සමූහ වශයෙන් ද සංස්කාරයන් ගෙන ඒවායේ ත්‍රිලක්ෂණය විමසීම් වශයෙන්, මෙනෙහි කිරීම් වශයෙන් කලක් භාවනාවෙහි යෙදිය යුතුය. අනිත්‍යාදි වශයෙන් භාවනා කළ යුත්තේ සංස්කාරයන් අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න, ආධ්‍යාත්මික, බාහිර, ඖදාරික, සූක්ෂ්ම, හීන, ප්‍රණීත, දූර, සන්තික වශයෙන් කලාප එකොළොසකට බෙදා ගෙන ය. නාම රූප දෙකින් රූපය වටහා ගැනීම පහසු බැවින් රූපය පිළිබඳ පළමුවෙන් භාවනා කළ යුතුය. මතු දක්වන වගන්ති පාඩම් කරගෙන භාවනා කරනු."