235. දෙවියන්ටත් තරහ යනව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කෙනෙක් කීවා දෙවි කෙනෙක් තව දෙවි කෙනෙක් සමග කිපීම චුත වීමට හේතුවක් කියලා. ඊට අමතරව මම කොහෙද ලියලා තියෙනවා දැක්කා දෙව්ලොව යන්න ඕන නම් තරහ නොගෙන ඉන්න කියලා. මෙවන් කාරණා නිසා පහත ප්‍රශ්ණ සිතේ ඇතිවිය. පිළිතුරු දන්නා කෙනෙක් ඇත්නම් මා ගැන අනුකම්පාවෙන් මාව දැනුවත් කරන්න.
1) දෙව්ලොව තරහ කියන දේ කොටින්ම නැති තැනක් ද?
2) දෙවියන්ට තරහක් ඇති වුවහොත් අනිවාර්යයෙන්ම දෙව් ලොවින් චුත විය යුතුද?

3) මනුලොවදී නිතරම පින් කරන, සද්ගුණවත්, ධර්මයට ලැදි, පංචශීලය රකින, ඒත් එකම එක අඩුපාඩුවක් පමණක් ඇති, එනම් සත්‍ය වශයෙන්ම සාධාරණ හේතුවකදී පමණක් තාවකාලිකව සුලු කාලයකට පමණක් තරහ යන මහත්මයෙකුට දෙව් ලොව ඉපදීමට නොහැකිද?

A. 1) “තරහ යෑම” සම්පුර්ණයෙන් ම නැතිවන්නේ ‘අනාගාමී මාර්ගයෙනි’; අනාගාමී පුද්ගලයන්ට පහළ පුද්ගලයන් (දුගති/අහේතුක පුද්ගලයන් හැර) සියලුම දෙනා ද දිව්‍යලෝකවල දැකිය හැකි බැවින්, දෙවියන්ට ද “තරහ යන” බව කිව යුතු ය; එමෙන්ම එහි (චිත්ත වේගයේ) විවිධ මට්ටම් දැකිය හැකි බව ද කිව යුතු ය.

2) විවිධ දේව කොට්ඨාශ දැකිය හැකි බැවින් දෙවියන්ගේ චුත වීම ද විවිධය. සත්වයන්ගේ මරණයට විවිධ හේතු ඇත, “කර්මය” ද ඉන් ප්‍රධාන තැනක් ගනී.

“ ... එක්තරා සත්වයෙක් ආයුෂ ක්ෂයවීමෙන් හෝ පින ක්ෂයවීමෙන් හෝ ...” (http://pitaka.lk/17106/38/cs,aps)

“ජනක කර්මයක විපාක පරම්පරාව වූ සත්ත්වයා නසන්නා වූ කර්මය උපඝාතක කර්ම නම් වේ.”
(http://pitaka.lk/books/rc/Bauddhayage_Athpotha.htm...)

1.ආයුක්‍ෂය මරණය
2. කර්මක්‍ෂය මරණය
3. උභයක්‍ෂය මරණය හා
4.උපච්ඡේදක මරණය වශයෙනි. (https://it-it.facebook.com/path.../posts/1039777782756210:0)

http://pitaka.lk/17106/42/cs,aps
http://pitaka.lk/17106/44/cs,aps
http://pitaka.lk/17106/46/cs,aps

[http://pitaka.lk/401239/cs,aps]

{අකාලමරණ ප්‍රශ්නය - VIII - http://thripitaka.org/view/other/milinda1970}

3) දෙවියෙක් වීමට / දිව්‍ය සම්පත් (ඵල) ලැබීමට සම්පූර්ණ කළයුතු ප්‍රතිපදා (හේතු) ඇත.

“ ...මේ පින්වත් සත්ත්වයෝ කයින් කරන සුචරිතයෙන් යුක්ත වූවාහු, වචනයෙන් කරන සුචරිතයෙන් යුක්ත වූවාහු, හිතින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස් නොකියන්නාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහු, ශරීර භෙදයෙන්, මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලොකයෙහි උපන්නාහුයයි ... “

“...මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්සේ මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලොකයෙහි උපදින්නේද එසේ මේ පුද්ගලතෙම පිළිපන්නේය. එසේ පවතියි. ඒ මගට බැස සිටීයයි ...”

(http://pitaka.lk/18112/147/cs,aps)

ජනක කර්මය - http://pitaka.lk/books/rc/Bauddhayage_Athpotha.htm...

“ … හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.” - http://pitaka.lk/29291/cs,aps

{http://www.lankadeepa.lk/.../%E0%B6%AF%E0%B7%99.../55-512475}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll