729. යමරජු කාට රජ්ජුරුවෝ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සතර අපායට අදිපති යම රජ්ජුරුවෝ කියන්නෙ සතර වරම් දෙවි කෙනෙක්ද, ඒ සෝවාන් දෙවි කෙනෙක්ද?

A. ‘යම රජු’ යනු ‘විමාන ප්‍රේත' (වේමාණික පේත) යන්ගේ රජුය; ‘විමාන ප්‍රේත’ යනු කුසලාකුසල කර්ම මත වැඩෙන, කුප්පිපාසික ප්‍රේතයන්ගේම අනු කාණ්ඩයකි.

ඒ විමාන ප්‍රේතයෝ, කුසල කර්ම හේතුවන් (විපාක වශයෙන්) දවසේ අඩක් දේව විමාන වල දිව්‍ය සැප විඳින අතර අකුසල කර්ම නිසාවෙන් (විපාක වශයෙන්) දවසේ අනෙක් අඩ ප්‍රේතයන් වශයෙන් දුක් විඳිනු ලබයි.

එසේ දවසේ දුක් විදින අර්ධය තුළ ‘යම රජු’ විසින්, අපායට පැමිණෙන නවක සත්ත්වයන්ගෙන් ප්‍රශ්න කිරීම හා ඔවුන්ට නිසි දඩුවම් නියම කිරීම ද සිදු කරයි; දවසේ දුක් විදින අර්ධය තුළ ‘යම රජු’ ට එය ඔහු විසින්ම සිදුකළ යුතු රාජකාරියකි. (අනෙක් අර්ධය තුළ දිව්‍ය සැප විඳී.)

එබැවින් ‘යම රජු’ එක අතකින් ප්‍රේතයෙකි (‘ප්‍රේත රජෙකි’); අනෙක් අතට දෙවියෙකි.

 “යමස්ස රඤ්ඤොති යමරාජා නාම වෙමානිකපෙතරාජා, එකස්මිං කාලෙ දිබ්බවිමානෙ දිබ්බකප්පරුක්ඛදිබ්බඋය්‍යානදිබ්බනාටකාදිසම්පත්තිං අනුභවති, එකස්මිං කාලෙ කම්මවිපාකං, ධම්මිකො රාජා. න චෙස එකොව හොති, චතූසු පන ද්වාරෙසු චත්තාරො ජනා හොන්ති.”

https://tipitaka.app/?a=gc2-254-si

A / S. "තමෙනං භික්‍ඛවෙ නිරයපාලා යනු මෙහි ඇතැම් තෙරවරු නිරයපාලයෝ නම් නැත. යන්ත්‍රරූපයක් මෙන් කර්‍මයම දඬුවම් කරතියි කියත්. එය අත්‍ථි නිරයෙ නිරයපාලාති ආමන්තා අත්‍ථි ච කාරණිකා යනාදී ක්‍රමයෙන් අභිධර්‍මයෙහි ප්‍රතික්‍ෂෙප කරනලද්දේමය. යම්සේ මිනිස්ලොව වධදෙන්නෝ වෙත්ද එසේම නිරයෙහි නිරය පල්ලෝ වෙති. යමස්ස රඤ්ඤො යනු යමරජු යනු වෙමානික ප්‍රේතරාජයෙකි. එක් කලෙක දිව්‍යවිමානයක දිව්‍යකල්පවෘක්‍ෂ දිව්‍ය උද්‍යාන දිව්‍ය නාටක ස්ත්‍රීන් ආදි සම්පත් අනුභව කරයි. එක් කලෙක කර්‍මවිපාකය විඳියි. ධාර්මික රජෙකි. මෙතෙම හුදෙකලා වූයේම නොවේ. දොරටු සතරෙහි සතර දෙනෙක් වෙත්. අමත්තෙය්‍යො යනු මවට හිතවූයේ මත්තෙය්‍ය නමි. මවට මනාව පිළිපන්නේය යනාත්‍ථ‍ර්‍‍යි. මත්තෙය්‍ය නොවන්නේ අමත්තෙය්‍ය නම්වේ. මව කෙරෙහි වැරදියට පිළිපන්නේය යන අර්ථයයි. සෙසුපදයන්හිද මේ ක්‍රමයමැයි. අබ්‍රහ්මඤ්ඤො යනු මෙහිද ක්‍ෂීණාශ්‍රවයෝ බ්‍රාහ්මණයෝ නම්වෙත්. ඔවුන් කෙරෙහි වැරදිලෙස පිළිපන්නෝ අබ්‍රහ්මඤ්ඤ නම් වෙත්,


තමෙනං, භික‍්ඛවෙ, නිරයපාලාති එත්‍ථ එකච‍්චෙ ථෙරා “නිරයපාලා නාම නත්‍ථි, යන‍්තරූපං විය කම‍්මමෙව කාරණං කාරෙතී”ති වදන‍්ති. තං “අත්‍ථි නිරයෙ නිරයපාලාති, ආමන‍්තා. අත්‍ථි ච කාරණිකා”තිආදිනා නයෙන අභිධම‍්මෙ (කථා· 866) පටිසෙධිතමෙව. යථා හි මනුස‍්සලොකෙ කම‍්මකාරණකාරකා අත්‍ථි, එවමෙව නිරයෙ නිරයපාලා අත්‍ථීති. යමස‍්ස රඤ‍්ඤොති යමරාජා නාම වෙමානිකපෙතරාජා. එකස‍්මිං කාලෙ දිබ‍්බවිමානෙ දිබ‍්බකප‍්පරුක‍්ඛදිබ‍්බඋය්‍යානදිබ‍්බනාටකාදිසබ‍්බසම‍්පත‍්තිං අනුභවති, එකස‍්මිං කාලෙ කම‍්මවිපාකං, ධම‍්මිකො රාජා, න චෙස එකොව හොති, චතූසු පන ද‍්වාරෙසු චත‍්තාරො ජනා හොන‍්ති. අමත‍්තෙය්‍යොති මාතු හිතො මත‍්තෙය්‍යො, මාතරි සම‍්මා පටිපන‍්නොති අත්‍ථො. න මත‍්තෙය්‍යොති අමත‍්තෙය්‍යො, මාතරි මිච‍්ඡා පටිපන‍්නොති අත්‍ථො. සෙසපදෙසුපි එසෙව නයො. අබ්‍රහ‍්මඤ‍්ඤොති එත්‍ථ ච ඛීණාසවා බ්‍රාහ‍්මණා නාම, තෙසු මිච‍්ඡා පටිපන‍්නො අබ්‍රහ‍්මඤ‍්ඤො නාම."

C. "... මොහු ධාර්මික රජකෙනෙක් නො වෙයි. දොරටු හතරේ ජනයෝ හතර දෙනෙක් වෙත්. ..."


"... ධාර්මික රජෙකි. මෙතෙම හුදෙකලා වූයේම නොවේ. දොරටු සතරෙහි සතර දෙනෙක් වෙත්. ..."
https://tipitaka.lk/atta-an-3-1-4-6/37-0/sinh [ද්වාරෙසූති අවීචිමහානරකස්ස චතූසු ද්වාරෙසු.]

"තමාගේ ධර්‍මතාවෙන් සිහි නොවන විට දේවදූතයන් තිදෙනෙකුගෙන් විමසත්. එහි කිසිවෙක් පළමු දේවදූතයා මගින් සිහිකරති. දෙවැනි තෙවැනි දේවදූතයන් මගින්ද කිසිවෙක් සිහිකරති. යමෙක් තිදෙනා මගින්ම සිහි නොකරත්ද? යම රජතෙමේ ඔහුදැක තෙමේ සිහිකරවයි. එක් ඇමතියෙක් දැසමන් මල්බඳුනකින් මහසෑය පුදා යමරජුට පින් පැමිණවීය. අකුසල කර්‍මයකින් නිරයෙහි උපන් ඔහු යමරජු වෙතට පැමිණෙව්වාහුය. ඔහු දේවදූතයන් තිදෙනා මගිනුදු කුසලයක් සිහි නොකරනකල්හි යමරජතෙමේ තමාම බලමින් දැක දැසමන් මල් බඳුනකින් මහසෑය පුදා මට පින්දුන්නේ නොවේදැයි සිහිකරවීය. හෙතෙම එකල්හි සිහිකොට දෙව්ලොවට ගියේය. යමරජ තමා විමසා බලාද නොදක්නේ මේ සත්වයා මහදුකක් විඳින්නේයයි නිශ්ශබ්ද වෙයි."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll