අනිච්චා දුක්ඛා අනත්තා - අනිත්‍ය යි, දුක යි, අනාත්ම යි.


කෙටියෙන් හා ගැඹුරින්: 1. අනිත්‍ය / දුක්ඛ / අනාත්ම සහ 2. අනිත්‍ය ලක්ෂණය / දුක්ඛ ලක්ෂණය / අනාත්ම ලක්ෂණය යනු, වෙනස් ම මාතෘකා දෙකකි.
[එත්ථ ච අනිච්චං අනිච්චලක්ඛණං, දුක්ඛං දුක්ඛලක්ඛණං, අනත්තා අනත්තලක්ඛණන්ති අයං විභාගො වෙදිතබ්බො.]

1. අනිත්‍ය / දුක්ඛ / අනාත්ම = පංචස්කන්ධය / ආයතන දොළහ / ධාතු දහඅට (ධාතු අටළොස).
[අනිච්‌චන්‌ති ඛන්‌ධපඤ්‌චකං / ඛන්‌ධපඤ්‌චකං දුක්‌ඛං / ඛන්‌ධපඤ්‌චකං අනත්‌තා | පඤ්‌චක්‌ඛන්‌ධා, ද්‌වාදසායතනානි, අට්‌ඨාරස ධාතුයොති ඉදඤ්‌හි සබ්‌බම්‌පි අනිච්‌චං දුක්‌ඛං අනත්‌තා නාම.]

2. (උදය-ව්‍යය වශයෙන්) සෑම මොහොතක ම අලුතෙන් ම හටගෙන, නැත්තට ම නැතිවී යන; මොහොතක් මොහොතක් (චිත්තක්ෂණයක් ක්ෂණයක්) පාසා වෙනස් වීම අනිත්‍ය ලක්ෂණය යි; එසේ මොහොතක් පාසා අනිත්‍ය වීම මඟින් අනිත්‍යයෙන් පහර කනු ලබන බව දුක්ඛ ලක්ෂණය යි; එකී අනිත්‍ය වීම (මොහොතක් පාසා වෙනස් වීම) හා දුක් වීම (මොහොතක් පාසා අනිත්‍යයෙන් පීඩා වීම) යන ලක්ෂණ (දෙක) පාලනය කළ (වසඟයේ පැවැත්වීමට) නොහැකි වීම අනාත්ම ලක්ෂණය යි (අනිත්‍ය දුක්ඛ ලක්ෂණයන් යට‍ත්කොට පැවැත්වීමට හැකි ආත්මයක් හෝ කෙනෙක් හෝ මම හෝ නොමැති බව ද අනාත්ම ලක්ෂණය යි.) 
[අහුත්වා සම්භූතං, හුත්වා න භවිස්සතීති; හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චා - අනිච්චන්ති නිච්චධුවතාභාවතො; උප්පාදවයවන්තතායාති ඛණෙ ඛණෙ උප්පජ්ජිත්වා නිරුජ්ඣනතො; උදයබ‍්බයප‍්පටිපීළනට‍්ඨෙන දුක‍්ඛා; යඤ්හි අනිච්චං දුක්ඛං, තං අත්තනොපි අනිච්චතං වා උදයබ්බයපීළනං වා ධාරෙතුං න සක්කොති, කුතො තස්ස කාරකාදිභාවො; අහුත්‍වා හොන‍්තීති අනිච‍්චලක‍්ඛණං ආරොපෙති, උදයබ‍්බයපීළිතත‍්තා දුක‍්ඛාති දුක‍්ඛලක‍්ඛණං ආරොපෙති. අවසවත‍්තනතො අනත‍්තාති අනත‍්තලක‍්ඛණං ආරොපෙති; තථා අත්තපටික්ඛෙපතො අනත්තාති අත්තාකාරපටික්ඛෙපතො අවසවත්තනාකාරසඞ්ඛාතො අනත්තාකාරො අනත්තලක්ඛණන්ති දට්ඨබ්බං.]

{ඉතා වැදගත්: සාමාන්‍යයෙන්, අනෙක් සෑම අවස්ථාවක දී ම, අනිත්‍ය = අනිත්‍ය ලක්ෂණ(ය), දුක = දුක්ඛ ලක්ෂණ(ය), අනාත්ම = අනාත්ම ලක්ෂණ(ය) ලෙසින්, අනිත්‍යාදී ලක්ෂණ(යක්) අනුසාරයෙන් ද අනිත්‍යාදිය ම දක්වයි = ‘රූපං අනිච්චං දුක්ඛං අනත්තා, වෙදනා… සඤ්ඤා… සඞ්ඛාරා… විඤ්ඤාණං අනිච්චං දුක්ඛං අනත්තා’ති; චක්ඛුං අනිච්චං දුක්ඛං අනත්තා විපරිණාමධම්මා ... රූපා ... සොතං ... සද්දා ... ඝානං ... ගන්ධා ... ජිව්හා ... රසා ... කායො අනිච්චො දුක්ඛො අනත්තා විපරිණාමධම්මො. ඵොට්ඨබ්බා ... මනො අනිච්චො දුක්ඛො අනත්තා විපරිණාමධම්මො. ධම්මා අනිච්චා දුක්ඛා අනත්තා විපරිණාමධම්මා; ඛයට්ඨෙන අනිච්චා. භයට්ඨෙන දුක්ඛා. අසාරකට්ඨෙන අනත්තා. “ඉමෙ ධම‍්මා අහුත්‍වා භවන‍්ති, හුත්‍වා නිරුජ‍්ඣන‍්ති, තස‍්මා අනිච‍්චා”ති අනිච‍්චලක‍්ඛණං ආරොපෙති, “උදයබ‍්බයපටිපීළිතත‍්තා දුක‍්ඛා”ති දුක‍්ඛලක‍්ඛණං ආරොපෙති, “අවසවත‍්තනතො අනත‍්තා”ති අනත‍්තලක‍්ඛණං ආරොපෙති. සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති - හුත්වා අභාවට්ඨෙන අනිච්චා, සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති - දුක්ඛාති පටිපීළනට්ඨෙන දුක්ඛා, සබ්බෙ ධම්මා අනත්තාති - අවසවත්තනට්ඨෙන අනත්තා අත්තසුඤ්ඤා අස්සාමිකා අනිස්සරාති අත්ථො.}



යමක් = පංචස්කන්ධය / පඤ්චස්කන්ධයන් / පංචස්කන්ධයෝ.
("යමක් අනිත්‍ය නම් එය දුකයි" යනු - පංචස්කන්ධය දුක (බව) යි.)
[‘‘යදනිච්‌චං තං දුක්‌ඛ’’න්‌ති වචනතො පන තදෙව ඛන්‌ධපඤ්‌චකං දුක්‌ඛං."]

අනිත්‍ය = අනිත්‍ය වෙන්නේ පංචස්කන්ධය/පංචස්කන්ධයෝ යි. හටගෙන නැතිවන ක්‍රමයෙන් විනාශවෙන ස්වභාවයට පත්වන, වෙනස්වන, ඉපදී නැතිවන, ඇතිව නැතිවී යන, පැවති ආකාරයෙන් වෙනස් අයුරකට පත්වන ආදී බව පංචස්කන්ධයේ අනිත්‍ය ලක්ෂණ(ය) යි.
[“අනිච්‌චන්‌ති ඛන්‌ධපඤ්‌චකං. කස්‌මා? උප්‌පාදවයඤ්‌ඤථත්‌තභාවා, හුත්‌වා අභාවතො වා. උප්‌පාදවයඤ්‌ඤථත්‌තං අනිච්‌චලක්‌ඛණං හුත්‌වා අභාවසඞ්‌ඛාතො වා ආකාරවිකාරො.”]

එය = පංචස්කන්ධය / පඤ්චස්කන්ධයන් / පඤ්චස්කන්ධයෝ.
[“අනිච්‌චන්‌ති ඛන්‌ධපඤ්‌චකං."]

දුක් / දුක = දුක වෙන්නේ පංචස්කන්ධය යි. පංචස්කන්ධය ඇති බව ම සියලු දුක් ඇති වීමට භූමියයි - නිතර ම නොයෙක් ආකාරයේ පීඩා ගෙන දෙන බැවින්, නොයෙක් ආකාරයේ දුක්-පීඩා ගෙන ඉපදවියයුතු-රැකියයුතු බැවින් ද, (එසේ කළ ද) නොයෙක් ආකාරයේ දුක්-පීඩා-භය උපදවන බැවින් ද, (අවසන) අහිමිවන බැවින් ද (හුදු) පංචස්කන්ධය ම දුක කි - මේවා පංචස්කන්ධය දුකක් බව හඳුනාගැනීමට ලක්ෂණයි.
[දුක්ඛභූමියං; දුක්ඛවත්ථුතාය; ‘‘යදනිච්‌චං තං දුක්‌ඛ’’න්‌ති වචනතො පන තදෙව ඛන්‌ධපඤ්‌චකං දුක්‌ඛං. කස්‌මා? අභිණ්‌හසම්‌පටිපීළනතො; අභිණ්‌හසම්‌පටිපීළනාකාරො දුක්‌ඛලක්‌ඛණං.]

අනාත්ම = අනාත්ම වෙන්නේ පංචස්කන්ධය යි. අනාත්මය හඳුනාගැනීමේ ලක්ෂණ නම්: වසඟයේ පැවැත්විය නොහැකි බව, යටත් නොවන බව, පාලනය කළ නොහැකි ස්වභාවය (ආකාරය) යි.
[‘‘යං දුක්‌ඛං තං අනත්‌තා’’ති පන වචනතො තදෙව ඛන්‌ධපඤ්‌චකං අනත්‌තා. කස්‌මා? අවසවත්‌තනතො; අවසවත්‌තනාකාරො අනත්‌තලක්‌ඛණං.]

මෙය = පංචස්කන්ධය / පංචස්කන්ධයන් / පඤ්චස්කන්ධයෝ.

මාගේ = තණ්හා ප්‍රපංචය යි.
["තස්‌මා නෙතං මමාති වදන්‌තො භගවා යථාවුත්‌තප්‌පභෙදං තණ්‌හාපපඤ්‌චං පටික්‌ඛිපති."]

ප්‍රපංචය = තණ්හා-මාන-දිට්ඨි අනුව බැඳී පවතින/පවත්වන නොහොත් තණ්හා-මාන-දිට්ඨි කෙලෙස් නිසාවෙන් සත්ත්වයා (සත්ත්වයාගේ සිත) (සංසාරයෙන් මිඳීමට නොදී) දිගින් දිගටම සංසාරයේ ගමන් කරවන, කල් ගත කරවන, ප්‍රමාද කරවන, මත් කරවන (පාපී) අර්ථයෙනි; නොඑසේනම්, තණ්හා / මාන / දිට්ඨි යන කෙලෙස් තුන (හෝ ඉන් එකක් / දෙකක්) හැඳින්වීම ය.
["කෙනට්ඨෙන පපඤ්චො? මත්තපමත්තාකාරපාපනට්ඨෙන පපඤ්චො."
"පපඤ්චෙන්ති සත්තසන්තානං සංසාරෙ විත්ථාරෙන්තීති පපඤ්චං."
"පපඤ්චයන්තාති සංසාරෙ පපඤ්චං චිරායනං කරොන්තා."
"පපඤ්චො නාම වුච්චති අනුබන්ධො." "BU පපඤ්ච = (m.) an obstacle; impediment; delay; illusion; hindrance to spiritual progress."
"පපඤ්ච (පු.) = කල් ගත කිරීම; ප්‍රමාදය; ප්‍රමාදයට හේතු වූ ක්ලේශය."]
("තිවිධ පපඤ්ච (පු.) ත්‍රිවිධ ප්‍රපඤ්චය, තණ්හා මාන දිට්ඨි යන තුණ.")

මම = මාන ප්‍රපංචය යි.
["නෙසොහමස්‌මීති මානපපඤ්‌චං."]

මාගේ ආත්මය = දිට්ඨි ප්‍රපංචය යි.
["න මෙසො අත්‌තාති දිට්‌ඨිපපඤ්‌චං."]

තත්වූ පරිද්දෙන් = අනිත්‍ය, දුක්, (අසුබ,) හා අනාත්ම (සහ මගේ, මම, මගේ ආත්මය නොවන ස්ඛන්ධ, ආයතන, ධාතු) ලෙසින්.
["යථාභූතන්ති යථාසභාවං, තඤ්හි අනිච්චාදිසභාවං, තස්මා අනිච්චං දුක්ඛමනත්තාති එවං දට්ඨබ්බන්ති අත්ථො."]
[යථාභූතන‍්ති යථා සභාවං, යථා අත්‍ථීති වුත‍්තං හොති. ඛන්‍ධපඤ‍්චකඤ‍්හි එතෙනෙව ආකාරෙන අත්‍ථි. මමන‍්තිආදිනා පන ගය‍්හමානම‍්පි තෙනාකාරෙන නෙවත්‍ථීති අධිප‍්පායො.]

යහපත් නුවණින් = සෝතාපත්ති-මාර්ග, විදර්ශනා ප්‍රඥාවෙන්.
["සම්මප්පඤ්ඤායාති සවිපස්සනාය මග්ගපඤ්ඤාය."]
["සම්මප්පඤ්ඤායාති අවිපරීතපඤ්ඤාය යථාභූතපඤ්ඤාය. තෙනාහ “සවිපස්සනා මග්ගපඤ්ඤා”ති."]
["සම්මප්පඤ්ඤාය පස්සතොති සොතාපත්තිමග්ගපඤ්ඤාපරියොසානාය ¶ විපස්සනාපඤ්ඤාය සුට්ඨු පස්සන්තස්ස."]

දැක්ක යුතුයි = සෝතාපත්ති-මාර්ග, විදර්ශනා ප්‍රඥාවෙන් දැකිය යුතු යි.
["සම්මප්පඤ්ඤාය දට්ඨබ්බන්ති සහවිපස්සනාය මග්ගපඤ්ඤාය දට්ඨබ්බං."]

{"එත්‌ථ ච අනිච්‌චං අනිච්‌චලක්‌ඛණං, දුක්‌ඛං දුක්‌ඛලක්‌ඛණං, අනත්‌තා අනත්‌තලක්‌ඛණන්‌ති අයං විභාගො වෙදිතබ්‌බො. තත්‌ථ අනිච්‌චන්‌ති ඛන්‌ධපඤ්‌චකං. කස්‌මා? උප්‌පාදවයඤ්‌ඤථත්‌තභාවා, හුත්‌වා අභාවතො වා; උප්‌පාදවයඤ්‌ඤථත්‌තං අනිච්‌චලක්‌ඛණං, හුත්‌වා අභාවසඞ්‌ඛාතො ආකාරවිකාරො වා. ‘‘යදනිච්‌චං තං දුක්‌ඛ’’න්‌ති වචනතො පන තදෙව ඛන්‌ධපඤ්‌චකං දුක්‌ඛං. කස්‌මා? අභිණ්‌හසම්‌පටිපීළනතො; අභිණ්‌හසම්‌පටිපීළනාකාරො දුක්‌ඛලක්‌ඛණං. ‘‘යං දුක්‌ඛං තං අනත්‌තා’’ති පන වචනතො තදෙව ඛන්‌ධපඤ්‌චකං අනත්‌තා. කස්‌මා? අවසවත්‌තනතො; අවසවත්‌තනාකාරො අනත්‌තලක්‌ඛණං. ඉති අඤ්‌ඤදෙව අනිච්‌චං දුක්‌ඛං අනත්‌තා, අඤ්‌ඤානි අනිච්‌චදුක්‌ඛානත්‌තලක්‌ඛණානි. පඤ්‌චක්‌ඛන්‌ධා, ද්‌වාදසායතනානි, අට්‌ඨාරස ධාතුයොති ඉදඤ්‌හි සබ්‌බම්‌පි අනිච්‌චං දුක්‌ඛං අනත්‌තා නාම. වුත්‌තප්‌පකාරාකාරවිකාරා අනිච්‌චදුක්‌ඛානත්‌තලක්‌ඛණානීති."

"එත්ථ ච අනිච්චං අනිච්චලක්ඛණං දුක්ඛං දුක්ඛලක්ඛණං අනත්තා අනත්තලක්ඛණන්ති අයං ¶ විභාගො වෙදිතබ්බො. තත්ථ අනිච්චන්ති ඛන්ධපඤ්චකං. කස්මා? උප්පාදවයඤ්ඤථත්තභාවා, හුත්වා අභාවතො වා. අඤ්ඤථත්තං නාම ජරා. උප්පාදවයඤ්ඤථත්තං අනිච්චලක්ඛණං, හුත්වා අභාවසඞ්ඛාතො වා ආකාරවිකාරො. “යදනිච්චං, තං දුක්ඛ”න්ති වචනතො තදෙව ඛන්ධපඤ්චකං දුක්ඛං. කස්මා? අභිණ්හං පටිපීළනතො. අභිණ්හං පටිපීළනාකාරො දුක්ඛලක්ඛණං. “යං දුක්ඛං, තදනත්තා”ති (සං· නි· 3.15-16) වචනතො තදෙව ඛන්ධපඤ්චකං අනත්තා. කස්මා? අවසවත්තනතො ¶. අවසවත්තනාකාරො අනත්තලක්ඛණං. ඉමානි තීණිපි ලක්ඛණානි උදයබ්බයං පස්සන්තස්සෙව ආරම්මණානි හොන්ති."

"යස්මා පන එත්ථ එතං මමාති තණ්හාගාහො, තඤ්ච ගණ්හන්තො අට්ඨසතතණ්හාවිචරිතප්පභෙදං තණ්හාපපඤ්චං ගණ්හාති. එසොහමස්මීති මානගාහො, තඤ්ච ගණ්හන්තො නවප්පභෙදං මානපපඤ්චං ගණ්හාති. එසො මෙ අත්තාති දිට්ඨිගාහො, තඤ්ච ගණ්හන්තො ද්වාසට්ඨිදිට්ඨිගතප්පභෙදං දිට්ඨිපපඤ්චං ගණ්හාති. තස්මා නෙතං මමාති වදන්තො භගවා යථාවුත්තප්පභෙදං තණ්හාපපඤ්චං පටික්ඛිපති. නෙසොහමස්මීති මානපපඤ්චං. න මෙසො අත්තාති දිට්ඨිපපඤ්චං. දිට්ඨෙකට්ඨායෙව චෙත්ථ තණ්හාමානා වෙදිතබ්බා. එවමෙතන්ති එවං “නෙතං මමා”තිආදිනා ආකාරෙන එතං ඛන්ධපඤ්චකං. යථාභූතන්ති යථා සභාවං, යථා අත්ථීති වුත්තං හොති. ඛන්ධපඤ්චකඤ්හි එතෙනෙව ආකාරෙන අත්ථි. මමන්තිආදිනා පන ගය්හමානම්පි තෙනාකාරෙන නෙවත්ථීති අධිප්පායො. සම්මප්පඤ්ඤාය පස්සතොති සොතාපත්තිමග්ගපඤ්ඤාපරියොසානාය ¶ විපස්සනාපඤ්ඤාය සුට්ඨු පස්සන්තස්ස. එවමෙතාසන්ති එතෙන උපායෙන එතාසං. පහානං පටිනිස්සග්ගොති උභයම්පෙතං සමුච්ඡෙදප්පහානස්සෙවාධිවචනං."

"නෙතං මමපෙ… දට්ඨබ්බන්ති තං උභයම්පි “න එතං මම, න එසොහමස්මි, න එසො මෙ අත්තා”ති එවං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යථාභූතන්ති යථාසභාවං. තඤ්හි අනිච්චාදිසභාවං, තස්මා අනිච්චං දුක්ඛමනත්තාති එවං දට්ඨබ්බන්ති අත්ථො. යස්මා “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති පස්සන්තො නෙව කත්ථචි අත්තානං පස්සති, න තං පරස්ස කිඤ්චනභාවෙ උපනෙතබ්බං පස්සති, න පරස්ස අත්තානං අත්තනො කිඤ්චනභාවෙ උපනෙතබ්බං පස්සති, තස්මා වුත්තං “චතුකොටිකසුඤ්ඤතා නාම කථිතා”ති."

"එවමෙත්ථ අස්මීති තණ්හාමානදිට්ඨියො. කම්මස්ස පඤ්චන්නඤ්ච ඉන්ද්‍රියානං අන්තරෙ එකො සන්ධි, විපාකමනං පඤ්චින්ද්‍රියපක්ඛිකං කත්වා පඤ්චන්නඤ්ච ඉන්ද්‍රියානං කම්මස්ස ච අන්තරෙ එකො සන්ධීති. ඉති තයො පපඤ්චා අතීතො අද්ධා, ඉන්ද්‍රියාදීනි පච්චුප්පන්නො අද්ධා, තත්ථ කම්මමනං ආදිං කත්වා අනාගතස්ස පච්චයො දස්සිතොති. පඤ්චමං."

"ඡින්නපපඤ්චෙති එත්ථ පපඤ්චා නාම තණ්හා මානො දිට්ඨීති ඉමෙ තයො කිලෙසා.
පපඤ්චසඤ්ඤාසඞ්ඛානිදානොති තයො පපඤ්චා තණ්හාපපඤ්චො, මානපපඤ්චො, දිට්ඨිපපඤ්චොති. තත්ථ අට්ඨසතතණ්හාවිචරිතං තණ්හාපපඤ්චො නාම. නවවිධො මානො මානපපඤ්චො නාම. ද්වාසට්ඨි දිට්ඨියො දිට්ඨිපපඤ්චො නාම. තෙසු ඉධ තණ්හාපපඤ්චො අධිප්පෙතො. කෙනට්ඨෙන පපඤ්චො? මත්තපමත්තාකාරපාපනට්ඨෙන පපඤ්චො. තංසම්පයුත්තා සඤ්ඤා පපඤ්චසඤ්ඤා. සඞ්ඛා වුච්චති කොට්ඨාසො “සඤ්ඤානිදානා හි පපඤ්චසඞ්ඛා”තිආදීසු විය. ඉති පපඤ්චසඤ්ඤාසඞ්ඛානිදානොති පපඤ්චසඤ්ඤාකොට්ඨාසනිදානො විතක්කොති අත්ථො."

"අට්ඨසතතණ්හාපපඤ්චසතෙහීති ¶ අට්ඨුත්තරං සතං අට්ඨසතං. සංසාරෙ පපඤ්චෙති චිරං වසාපෙතීති පපඤ්චො, තණ්හා එව පපඤ්චො තණ්හාපපඤ්චො, ආරම්මණභෙදෙන පුනප්පුනං උප්පත්තිවසෙන ච තණ්හානං බහුකත්තා බහුවචනං කත්වා තණ්හාපපඤ්චානං සතං තණ්හාපපඤ්චසතං. තෙන “තණ්හාපපඤ්චසතෙනා”ති වත්තබ්බෙ වචනවිපල්ලාසවසෙන “තණ්හාපපඤ්චසතෙහී”ති බහුවචනනිද්දෙසො කතො. අට්ඨසතන්ති සඞ්ඛාතෙන තණ්හාපපඤ්චසතෙනාති අත්ථො දට්ඨබ්බො. අට්ඨ අබ්බොහාරිකානි කත්වා සතමෙව ගහිතන්ති වෙදිතබ්බං. ඛුද්දකවත්ථුවිභඞ්ගෙ පන තණ්හාවිචරිතානීති ආගතං. යථාහ - “අට්ඨාරස තණ්හාවිචරිතානි අජ්ඣත්තිකස්ස උපාදාය, අට්ඨාරස තණ්හාවිචරිතානි බාහිරස්ස උපාදාය, තදෙකජ්ඣං අභිසඤ්ඤුහිත්වා අභිසඞ්ඛිපිත්වා ඡත්තිංස තණ්හාවිචරිතානි හොන්ති. ඉති අතීතානි ඡත්තිංස තණ්හාවිචරිතානි, අනාගතානි ඡත්තිංස තණ්හාවිචරිතානි, පච්චුප්පන්නානි ඡත්තිංස තණ්හාවිචරිතානි තදෙකජ්ඣං ¶ අභිසඤ්ඤුහිත්වා අභිසඞ්ඛිපිත්වා අට්ඨතණ්හාවිචරිතසතං හොතී”ති (විභ· 842)."

"තණ්හාපපඤ්චායෙව පනෙත්ථ තණ්හාවිචරිතානීති වුත්තා. තණ්හාසමුදාචාරා තණ්හාපවත්තියොති අත්ථො. අජ්ඣත්තිකස්ස උපාදායාති අජ්ඣත්තිකං ඛන්ධපඤ්චකං උපාදාය. ඉදඤ්හි උපයොගත්ථෙ සාමිවචනං. විත්ථාරො පනස්ස තස්ස නිද්දෙසෙ (විභ· 973) වුත්තනයෙනෙව වෙදිතබ්බො. අයං පන ¶ අපරො නයො – රූපාරම්මණායෙව කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හාති තිස්සො තණ්හා හොන්ති, තථා සද්දාදිආරම්මණාති ඡසු ආරම්මණෙසු අට්ඨාරස තණ්හා හොන්ති, අජ්ඣත්තාරම්මණා අට්ඨාරස, බහිද්ධාරම්මණා අට්ඨාරසාති ඡත්තිංස හොන්ති. තා එව අතීතාරම්මණා ඡත්තිංස, අනාගතාරම්මණා ඡත්තිංස, පච්චුප්පන්නාරම්මණා ඡත්තිංසාති අට්ඨතණ්හාවිචරිතසතං හොති. පපඤ්චිතොති ආරම්මණෙ, සංසාරෙ වා පපඤ්චිතො චිරවාසිතො."

"ද්වාසට්ඨියා දිට්ඨිගතෙහීති “කතමානි ද්වාසට්ඨි දිට්ඨිගතානි බ්‍රහ්මජාලෙ වෙය්‍යාකරණෙ වුත්තානි භගවතා? චත්තාරො සස්සතවාදා, චත්තාරො එකච්චසස්සතවාදා, චත්තාරො අන්තානන්තිකා ¶, චත්තාරො අමරාවික්ඛෙපිකා, ද්වෙ අධිච්චසමුප්පන්නිකා, සොළස සඤ්ඤීවාදා, අට්ඨ අසඤ්ඤීවාදා, අට්ඨ නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා, සත්ත උච්ඡෙදවාදා, පඤ්ච දිට්ඨධම්මනිබ්බානවාදාති ඉමානි ද්වාසට්ඨි දිට්ඨිගතානි බ්‍රහ්මජාලෙ වෙය්‍යාකරණෙ වුත්තානි භගවතා”ති (විභ· 977). විත්ථාරො පනෙත්ථ බ්‍රහ්මජාලසුත්තෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො."

"තං පඤ්චක්ඛන්ධප්පභෙදං ආරම්මණන්ති යං තං “යත්ථ චෙතා දිට්ඨියො උප්පජ්ජන්තී”තිආදිනා වුත්තං රූපුපාදානක්ඛන්ධාදිපඤ්චක්ඛන්ධපභෙදං දිට්ඨීනං ආරම්මණං. එතං මය්හං න හොතීති එතං ඛන්ධපඤ්චකං මය්හං සන්තකං න හොති මම කිඤ්චනපලිබොධභාවෙන ගහෙතබ්බතාය අභාවතො. තෙනස්ස පරමත්ථතො තණ්හාවත්ථුභාවං පටික්ඛිපති තාවකාලිකාදිභාවතො. අහම්පි එසො න අස්මීති එසො පඤ්චක්ඛන්ධපභෙදො අහම්පි න අස්මි, අහන්ති සො ගහෙතබ්බො න හොතීති අත්ථො. එතෙනස්ස මානවත්ථුභාවං පටික්ඛිපති අනිච්චදුක්ඛජෙගුච්ඡාදිභාවතො. එසො මෙ අත්තාපි න හොති අත්තසභාවස්ස තත්ථ අභාවතො මමඤ්චස්ස කිඤ්චනපලිබොධභාවෙන ගහෙතබ්බතාය අභාවතො."

"තණ්හාව මමන්ති ගණ්හාති එතෙනාති තණ්හාගාහො. තං ගණ්හන්තොති තං උප්පාදෙන්තො. තෙනාහ “තණ්හාපපඤ්චං ගණ්හාතී”ති. පපඤ්චෙති සන්තානං විත්ථාරෙන්තො සත්තෙ සංසාරෙ චිරායතීති පපඤ්චො. යථා වුත්තපභෙදන්ති අට්ඨසතතණ්හාවිචරිතපභෙදං. තණ්හාපපඤ්චං පටික්ඛිපති ඛන්ධපඤ්චකස්ස තණ්හාවත්ථුකාභාවවිභාවනෙනාති අධිප්පායො. පරතො පදද්වයෙපි එසෙව නයො. දිට්ඨෙකට්ඨාති දිට්ඨියා ¶ පහානෙකට්ඨා. තෙන තෙසං පඨමමග්ගවජ්ඣතං දස්සෙති. සහජෙකට්ඨා පන දිට්ඨියා තණ්හා එව, න මානො, සා ච ඛො අපායගමනීයා. යථා අත්ථීති යෙන අනිච්චදුක්ඛාසුභානත්තාකාරෙන අත්ථි, තථා පස්සන්තො යථාභූතං පස්සති නාම. තෙනාහ “ඛන්ධපඤ්චකඤ්හී”තිආදි. එතෙනෙව ආකාරෙනාති රුප්පනාදිඅනිච්චාදිආකාරෙනෙව. ගය්හමානම්පි අප්පහීනවිපල්ලාසෙහි. තෙනාකාරෙනාති “එතං මම”න්තිආදිආකාරෙන. නෙවත්ථි යථාභූතදස්සනවිපල්ලාසානං ¶ තදභාවතො. සුට්ඨු පස්සන්තස්සාති යථා පුන තථා න පස්සිතබ්බං, එවං සුට්ඨු සාතිසයං පස්සන්තස්ස."

"තෘෂ්ණාදීන්ගේ අනුප්‍ර‍බන්ධවශයෙන් පැවැත්ම ‘පපඤ්ච’ නමැයි කියනු ලැබේ. මෙ ද වදාළහ බුදුහු: “අතීතානාගතප්‍ර‍ත්‍යුප්පන්න වු චක්ෂුර්විඥානයෙන් දතයුතු රූපය නිසා ප්‍ර‍පඤ්ච (තෘෂ්ණාදීන්ගේ අනුබන්ධප්‍ර‍වෘත්තිය) කෙරේ ය” යි."}

Tribute to Yohani!

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll