725. ගෙදර දී ම නිවන් දකින්නේ කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මා කාමයන්ගෙන් වෙන්වී ඉන්ද්‍රිය සංවර සීලය රකිමි.එමෙන්ම ආජීව අශ්ටමක සීලය හැකි අවස්ථාවන්හිදී රකිමි. මා මෙය රකින්නේ නිවසේ අයට නොපවසා. මේ නිසා මා ඔවුන් සමග උසුලු විසුලු රූපවාහිනී නැරඹීම සිදු නොකිරීම නිසා ඔවුන් සිත් රිදවා ගනී. මන්ද ඔව්න්ට තනිකමක් දැනෙනවා කියමින් හඬා වැලපේ.
මේ නිසා මගේ නිවසේ අයගේ සිත රිදීම මා හට අකුසලයක් වේද???

A. “එබැවින් යෝගාවචරයන් විසින් තමාගේ හැඟීම් කෙබඳු වුව ද අන්‍යයන් සමඟ කථා කිරීමේදී හා ක්‍රියා කිරීමේදී හා සාමාන්‍ය ලෝකයා ගේ හැඟීම් වලට අනුව කථා කරන්නටත් ක්‍රියා කරන්නටත් අමතක නොකළ යුතුය. ගෙයක වාසය කරතහොත් සාමාන්‍ය මිනිසුන් ගේ හැඟීම් වලට අනුව ක්‍රියා නොකිරීම නිසා යෝගාවචරයනට උමතු බවක් නැතිව උම්මත්තක සම්මුතිය ලැබේ. එබැවින් යෝගාවචරයන් විසින් නිතරම පරෙස්සමින් ක්‍රියා කළ යුතුයි. සාමාන්‍ය ලෝකයාගේ හැඟීම් වලට වෙනස් වූ තමන්ගේ හැඟීම් අන්‍යයන් හා කීමෙන් ද යෝගාවචරයෝ පරෙස්සම් වෙත්වා.”
< https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/4-3.html >

A. “නගර ග්‍රාමවල ජනයා අතර හැසිරෙමින් භාවනා කරන්නවුන් විසින් එය හැකි තාක් ගුප්ත වශයෙන් කළ යුතුයි. භාවනාව තමන් වෙසෙන ගෙයි තමන් වෙසෙන විහාරයේ අන්‍යයන්ට පවා නො දැනෙන සේ කළ හැකි නම් වඩා යහපති. යෝගාවචරයකු සැටියට පෙනී සිටීම බාධක කරුණකි. තමාගේ භාවනාවට උපදේශයක් ගත හැකි කෙනකු සමඟ හෝ තමා වැනි යෝගාවචරයකු සමඟ හෝ මිස අන්‍යයන් සමග තමන් කරන භාවනා කර්මය පිළිබඳ කථා නො කළ යුතුයි.”
https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/4-1.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll