440. "එහි හැම රූපය කවරැ යත්"?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රූපය න සවිතක්ක සවිචාරං කියලා කියන්නෙ මොකක්ද?
රූපය න අවිතක්ක විචාර මත්තං කියන්නෙ මොකක්ද?
රුපය අවිතක්ක අවිචාරං ධර්මයක් කියලා කියන්නෙ මොකක්ද?
කියලා, කියලා දෙන්න පුලුවන්ද?

A / R. “රූපය” යම් හැකියාවක් ඇති සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් යනාදී දෘෂ්ටි ඉවත් කිරීමට, “රූපය”ට සිතන්න (කියන්න, කරන්න) නොහැකි බව පෙන්වීමට යොදන වචන මාලාවක් බව වටහාගන්න.

{“රූපය” - http://www.thripitakaya.org/tipitakaya/Index/722?s=21752

“විතක්කය - අරමුණ කරා යන, අරමුණට නඟින ස්වභාවය විතක්ක නම් වේ. විතර්කය අරමුණට පැමිණෙන කල්හි එය හා උපදනා චිත්ත චෛතසිකයෝ ද එය අනුව අරමුණට පැමිණෙති. එබැවින් චිත්ත චෛතසිකයන් අරමුණට පමුණුවන ධර්මය විතර්කය යි ද කියනු ලැබේ. දුබල විතර්කය අප්‍ර‍කට ය. එය ප්‍ර‍කට වන්නේ ඕනෑ කමින් විතර්ක උපදවන කල්හි ය. කල්පනා කිරීම යයි කියනුයේ එසේ කිරීමට ය. එතෙක් සිත නො පැමිණි තැන්වලට පැමිණ වීමට, නො දත් දේ දැන ගැනීමට කරන උත්සාහයට කල්පනා කිරීම ය” යි කියනු ලැබේ

විචාරය - විතර්කය පැමිණි අරමුණ පිරිමදින ස්වභාවය විචාරය නම් වේ. මෙහි අදහස් කරන පිරිමැදීම අරමුණෙහි ඇතිල්ලෙන, අරමුණෙහි පැතිරෙන ස්වභාවය ය. විතර්ක බලයෙන් අරමුණට පැමිණියා වූ සිත විචාරයේ බලයෙන් එහි පැතිරේ. ඔබා බලන්නාක් මෙන් කරයි. විතර්ක විචාර දෙකින් විතර්කය ඖදාරිකය. විචාරය සියුම් ය. එය අප්‍ර‍කට ය. ඖදාරික වූ විතර්කය ඝණ්ටාවකට පළමුවෙනි ගැසීම මෙන් ද, සියුම් වූ විචාරය පළමු ඇති වූ ඝණ්ටා නාදය අනුව පසු ව ඇදෙන සියුම් හඬ මෙන් ද දත යුතු යයි කියා තිබේ. මේ උපමාවෙන් විචාරය විතර්කයට පසුව ඇති වන්නක් සේ හැඟෙන්නට පිළිවන. චෛතසික දෙකේ සැටි දැක්වීමට මේ උපමාව කියා ඇති මුත් ඒ දෙක පෙර පසු නොවී ඒකක්ෂණයෙහි ඇති වන ධර්ම දෙකක් සැටියට තේරුම් ගත යුතු ය.”}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll