Q. අනාත්මයි කියන්නෙ අසාරයි කියන එකද? මේ පිළබඳ පැහැදිළි වූත් දීර්ඝවූත් ධර්මානුකූල විස්තරයක් බලාපොරොත්තු වෙමි.
A / R. මෙය විභජනය කළයුතු ප්‍රශ්නයකි. “අනාත්මය” ලෙස නොයෙක් තැන නොයෙක් සමාන අරුතින් යෙදේ. “අසාරය” යන අරුතින් ද යෙදේ.‘‘අනත්‌තා අසාරකට්‌ඨෙනා’’
https://pitaka.lk/main?n=541011&p=31
“අසාරය” යනුවෙන් අදහස් කරනුයේ : තමාට වසඟ වූවෙක් ඇතැයි ද, කරන්නෙක් ඇතැයි ද, විඳින්නෙක් ඇතැයි ද, තමහට වසග වන සුලුය යි ද, මෙසේ පරිකල්පනය කරන (සිතින් සිතන) ලද ආත්ම සාරයක් නැති බැවින් යුක්ත බවයි.
“අනත්තා අසාරකට්ඨෙනාති “අත්තා නිවාසී කාරකොවෙදකො සයංවසී”ති එවං පරිකප්පිතස්ස අත්තසාරස්ස අභාවෙන අනත්තා.”
තමා විසින් හෝ ආත්මයක් විසින් හෝ කරන-විඳින ස්වභාවයක් නැති බැවින් අනාත්ම වේ.
“අනත්තාති නත්ථි එතෙසං අත්තා කාරකවෙදකසභාවො, සයං වා න අත්තාති අනත්තාති.”
අනාත්මය හඳුනාගැනීමේ ලක්ෂණ නම්: වසඟයේ පැවැත්විය නොහැකි බව, යටත් නොවන බව, පාලනය කළ නොහැකි ස්වභාවය (ආකාරය) යි.
“අවසවත්‌තනතො, අවසවත්‌තනාකාරො අනත්‌තලක්‌ඛණං.”
https://pitaka.lk/main?n=231074
අනාත්ම යැයි ගැනෙන්නේ පංචස්ඛන්ධය ද වේ - “ඛන්‌ධපඤ්‌චකං අනත්‌තා.”
“අනත්‌තා, අනත්‌තා’ති, භන්‌තෙ, වුච්‌චති. කතමො නු ඛො, භන්‌තෙ, අනත්‌තා’’ති? ‘‘රූපං ඛො, රාධ, අනත්‌තා, වෙදනා අනත්‌තා, සඤ්‌ඤා අනත්‌තා, සඞ්‌ඛාරා අනත්‌තා, විඤ්‌ඤාණං අනත්‌තා. එවං පස්‌සං…පෙ.… නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතී’’
https://pitaka.lk/main?n=231121
අනාත්ම යැයි ගැනෙන්නේ ද්වාදසායතන ද වේ; අටළොස් ධතූහු ද වෙත්.
{අනාත්මය හඳුනාගැනීමේ ලක්ෂණ නම් ඉහත කී අයුරෙනි [වසඟයේ පැවැත්විය නොහැකි බව, යටත් නොවන බව, පාලනය කළ නොහැකි ස්වභාවය (ආකාරය) යි.].}
“අඤ්‌ඤදෙව අනිච්‌චං දුක්‌ඛං අනත්‌තා, අඤ්‌ඤානි අනිච්‌චදුක්‌ඛානත්‌තලක්‌ඛණානි. පඤ්‌චක්‌ඛන්‌ධා, ද්‌වාදසායතනානි, අට්‌ඨාරස ධාතුයොති ඉදඤ්‌හි සබ්‌බම්‌පි අනිච්‌චං දුක්‌ඛං අනත්‌තා නාම. වුත්‌තප්‌පකාරාකාරවිකාරා අනිච්‌චදුක්‌ඛානත්‌තලක්‌ඛණානීති.”
මෙසේ නොයෙක් ආකාරයෙන් “අනාත්ම” වූ පංචස්ඛන්ධය “ආත්මය” හෝ “තමා / මම” වශයෙන් ගැනීම “(විසි ආකාර) සක්කාය දෘෂ්ටිය” හෝ “(විපරීත සංඥා හතරින්) ආත්ම සංඥාව” නම් වේ.
“රූපං අත්‌තතො සමනුපස්‌සතීති ඉධෙකච්‌චො රූපං අත්‌තතො සමනුපස්‌සති – ‘යං රූපං සො අහං, යො අහං තං රූප’න්‌ති රූපඤ්‌ච අත්‌තානඤ්‌ච අද්‌වයං සමනුපස්‌සති. ‘‘සෙය්‍යථාපි නාම තෙලප්‌පදීපස්‌ස ඣායතො යා අච්‌චි සො වණ්‌ණො, යො වණ්‌ණො සා අච්‌චීති අච්‌චිඤ්‌ච වණ්‌ණඤ්‌ච අද්‌වයං සමනුපස්‌සති,’’ එවමෙව ඉධෙකච්‌චො රූපං අත්‌තතො සමනුපස්‌සතීති එවං රූපං අත්‌තාති දිට්‌ඨිපස්‌සනාය පස්‌සති. රූපවන්‌තං වා අත්‌තානන්‌ති ‘අරූපං අත්‌තා’ති ගහෙත්‌වා, ඡායාවන්‌තං රුක්‌ඛං විය, තං රූපවන්‌තං සමනුපස්‌සති. අත්‌තනි වා රූපන්‌ති ‘අරූපමෙව අත්‌තා’ති ගහෙත්‌වා, පුප්‌ඵම්‌හි ගන්‌ධං විය, අත්‌තනි රූපං සමනුපස්‌සති. රූපස්‌මිං වා අත්‌තානන්‌ති ‘අරූපමෙව අත්‌තා’ති ගහෙත්‌වා, කරණ්‌ඩකෙ මණිං විය, අත්‌තානං රූපස්‌මිං සමනුපස්‌සති. වෙදනාදීසුපි එසෙව නයො.”
හේතු-ඵල දහම අනුව සිදුවන දෑ වෙත තමා / මම / ආත්මය යැයි එළඹීම “ආත්ම සංඥාව” වේ; ආත්ම සංඥාවට අසාන්න ම හේතුව තමා / මම යැයි ගැනීමයි.
“ධම්මෙසු උපගමනලක්ඛණා අත්තසඤ්ඤා ¶, තස්සා අහඞ්කාරො පදට්ඨානං.”
https://www.facebook.com/.../permalink/1647082558932502/...
https://pitaka.lk/main?n=29149
https://pitaka.lk/main?n=54108
{පාළි පරිවර්තන අවශ්‍ය පරිදි මෙන් ම අපගේ ද දැනුම / අදහස පරිදි බැවින්, සදොස් තැනක් ඇතොත් කරුණාකර පෙන්වාදෙන්න.}