500. සෝවහන් වෙලත් "පන්සිල්" කඩනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සෝවාන් උතුමන් පන්සිල් (ඉඳ-හිට හෝ) කඩනවා ද?

[ මෙය ද කියවන්න. ]

සැලකිය යුතුය: කරුණාකර (යම් තීරණයකට ඒමට පෙර) මුල සිට අග දක්වා ම මැනවින් කියවන්න. [The Original Post Has Been Removed - "This post has been removed or could not be loaded."]

A / R. ඔව්; ඇයි රතන සුත්‍රයේ තියෙන්නේ බර පව් හයක් විතරයි නොකරන්නේ කියලා. වරදක් කරොත් හංගන්නේ නෑ කියලත් එතන ම තියනවා.

T. රතන සුත්‍රයේ ඇති ඒ බරපව් / අභව්‍ය හය ගැන විස්තර කරලා තියෙන්නේ අටුවාවේ නිසා, බැරි වෙලාවත්, ඒ බර පව් හය මේවා වෙන්න බැරි ද? (තර්කයක් පමණි.)

T / R. අභව්‍ය 6 ලෙස දක්වා අටුවාවේ දක්වා ඇත්තේ  මෙයයි - http://pitaka.lk/311810/cs,aps

අභව්‍ය 6 ලෙස දක්වා ඇත්තේ අටුවාවේ බැවින්, අභව්‍ය 6 මෙය ද  විය නොහැකිද? - http://pitaka.lk/31188/cs,aps (තර්කයක් පමණි.)

අභව්‍ය 6 මෙය ද විය නොහැකිද?  http://pitaka.lk/31189/cs,aps – (තර්කයක් පමණි.)

අභව්‍ය 6 මෙය ද විය නොහැකිද?  http://pitaka.lk/311811/cs,aps - (තර්කයක් පමණි.)

A / T. (ඔබ විසින් රතන සූත්‍රය හා රතන සූත්‍ර අටුවාවේ ඇති කරුණු වලට අදාළව අභව්‍ය 6 දැක්වූ නිසා:)

අභව්‍ය 6 දක්වා ඇති අටුවාවෙහිම, භව්‍ය ලැයිස්තුව ද දක්වා ඇත.

https://tipitaka.app/?a=ja6-109-si
https://tipitaka.app/?a=ja6-113-si

Q. පංච ශීලයේ දෙවන හෝ තුන්වැනි සිල් පද යම් හෙයකින් බිඳුනොත් "පාරාජිකා" වන බැවින්, නැවත නැගී සිටිය හැකි ද?

A. පාරාජිකා වෙන්නෙ "උපසම්පදා"උණොත් විතරයිනේ.

Q / A.  මුල් කාලයේදී මහණකම හා උපසම්පදාව යන දෙකම එකට නොදුනෙහිද?

සෝවහන් වූ උපසපන් භික්ෂුන් වහන්සේලා සිටිය නොහැකිද?

(එකී උන්වහන්සේලා අතින් පංච ශීලයේ දෙවන හෝ තුන්වැනි සිල් පද යම් හෙයකින් බිඳුනොත් නැවත නැගී සිටිය හැකිද? පාරාජිකා නොවන්නේ ද?)

Q. සෝවහන් වූ උතුමන් පහත පරිදි ඉතා සුපිරිසිදුව අරියකාන්තසීලය රකින බව ත්‍රිපිටකය තුළින් ම සොයා ගැනීම දුෂ්කර නොවේ.

[7] “නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ කැළල් නොවූ නිදහස්වූ නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ශනය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්තවූයේ වෙයිද,

T / R. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. ‘මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම යම්බඳු ස්වභාවයකින් යුක්ත වේද, මමද එබඳු ස්වභාවයකින් යුක්ත වෙමි.’

“මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම කෙබඳු ස්වභාවයකින් යුක්ත වේද, මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලයාගේ ස්වභාවය මෙසේ වෙයි, සබ්‍රම්සරුන්ගේ කුඩාවූද, මහත්වූද, විමසා බලා කළයුතු කටයුතු වෙත් නම්, ඒ කටයුතු සම්පාදනයෙහි උත්සාහවත් වූයේ වෙයි. ඉක්බිති අධිශීල ශික්ෂාවෙහිද, අධිචිත්ත ශික්ෂාවෙහිද, අධිප්‍රඥා ශික්ෂාවෙහිද, බලවත් ප්‍රාර්ථනා ඇත්තේවෙයි. මහණෙනි, ළපටි වස්සකු ඇති දෙන තණකොළද කඩාකයි. වසු පැටියාද බලයි. මහණෙනි, එපරිද්දෙන්ම මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාගේ මේ ස්වභාවයයි, කිසිසේත් සබ්‍රම්සරුන්ගේ කුඩාවූද, මහත්වූද විමසා බලා කළයුතු කටයුතු වෙද්ද එහි උත්සාහ ඇති බවට පැමිණියේ වෙයි. යලිත් අධිශීලයෙහිද, අධිචිත්තයෙහිද, අධිප්‍රඥාවෙහිද බලවත් ප්‍රාර්ථනා ඇත්තේ වෙයි. හෙතෙම මෙසේ දනියි. ‘මාර්ගදෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම යම්බඳු ස්වභාවයකින් යුක්තවේද, මමද එබඳු ස්වභාවයකින් යුක්තවෙමි.’ (කියායි) ඔහුවිසින් ආර්‍ය්‍යවූ, ලොකොත්තර වූ පෘථග්ජනයන් හා සාධාරණ නොවූ පස්වෙනි ඤාණය ලබන ලද්දේ වෙයි."

[“... අධිශීල ශික්ෂාවෙහිද, අධිචිත්ත ශික්ෂාවෙහිද, අධිප්‍රඥා ශික්ෂාවෙහිද පිහිටි ...” ඉංග්‍රීසි පරිවර්තනයේ ඇති පරිදි - http://awake.kiev.ua/dhamma/tipitaka/2Sutta-Pitaka/2Majjhima-Nikaya/Majjhima1/048-kosambiya-sutta-e1.html (‘Mindful of the high virtues, training, and high wisdom.’ ‘Mindful of the high virtues, much training and high wisdom.’) (පාලි-සිංහල ත්‍රිපිටකය තුළ ඇතැම් පර්වර්තන/මුද්‍රණ දෝෂ දුටු නිසා, සම/විෂම තැන් බැලීමට ඉංග්‍රීසි පරිවර්තනය ද භාවිතා කරන/කළ බව සලකන්න.)]

Q. ශීක්ෂාව යනු හික්මීම යි.

A. ශික්ෂාව යනු හික්මීමට පමණක්ම යොදන පදයක් නොවේ; සිල්පදය, ආත්ම දමනය, විනය නීතිය ... ආදී බොහෝ අරුත් ඇති පදයකි.

A / R. 1 (වන සිල්පදය) පහත අටුවා උපුටනය තුළ බලන්න - “... අරියසාවකො ජීවිතහෙතුපි නෙව පාණං හනති”

4 (වන සිල්පදය) මුසාවාදා ද  අටුවාවේ දක්වා නැත. - මා විසින් කලින් අටුවාව අනුසාරයෙන් පිළිතුරු වලදී ලබා දී ඇත.

5 (වන සිල්පදය) “සරකාණි” සූත්‍ර කොටස අදාළ, - මාන්කඩවල සුදස්සන නාහිමියන්ගේ දේශනාව දක්වා ඇත - http://www.mediafire.com/listen/8xzezzkdy8xxxzj - (හරියටම කියන්නේ නම් පැය 1යි මිනිත්තු 2යි තත්පර 45 සිට පැය 1යි මිනිත්තු 6 දක්වා ඇති කෙටි කාලය පමණක් ශ්‍රවණය කරන්න.) - මා විසින් කලින් පිළිතුරු වලදී ද ලබා දී ඇත.

නැවත, 5 (වන සිල්පදය)  පහත අටුවා උපුටනය තුළ ද බලන්න - “ ... අරියසාවකො ජීවිතහෙතුපි .... න සුරං පිවති.”

R. “ .... අරියසාවකො ජීවිතහෙතුපි නෙව පාණං හනති න සුරං පිවති. සචෙපිස්‌ස සුරඤ්‌ච ඛීරඤ්‌ච මිස්‌සෙත්‌වා මුඛෙ පක්‌ඛිපන්‌ති, ඛීරමෙව පවිසති, න සුරා. යථා කිං? කොඤ්‌චසකුණානං ඛීරමිස්‌සකෙ උදකෙ ඛීරමෙව පවිසති? න උදකං. ඉදං යොනිසිද්‌ධන්‌ති චෙ, ඉදං ධම්‌මතාසිද්‌ධන්‌ති ච වෙදිතබ්‌බං. යස්‌මා පන සරණගමනෙ දිට්‌ඨිඋජුකකරණං නාම භාරියං. සික්‌ඛාපදසමාදානෙ පන විරතිමත්‌තකමෙව. තස්‌මා එතං යථා වා තථා වා ගණ්‌හන්‌තස්‌සාපි සාධුකං ගණ්‌හන්‌තස්‌සාපි අප්‌පට්‌ඨතරඤ්‌ච අප්‌පසමාරම්‌භතරඤ්‌ච. පඤ්‌චසීලසදිසස්‌ස පන දානස්‌ස අභාවතො එත්‌ථ මහප්‌ඵලතා මහානිසංසතා ච වෙදිතබ්‌බා.”

T / R. සෝවහන් උතුමන් ...
http://pitaka.lk/34127/cs,aps (https://suttacentral.net/si/an10.92)

’’ගෘහපතිය, යම් හෙයකින් වනාහි ආර්ය ශ්‍රාවකයාගේ වෛරී භය පස සංසිඳුනාහු වෙත්ද, සතර සෝවාන් අඞ්ගයන්ගෙන් සමන්විත වේද, හෙතෙම කැමතිවනු ලබන්නේ ක්‍ෂයවූ නිරය ඇත්තෙම්යයිද, ක්‍ෂයවූ තිරිසන් යෝනි ඇත්තෙම්යයිද, ක්‍ෂයවූ ප්‍රේත විෂය ඇත්තෙම්යයිද, ක්‍ෂයවූ අපාය දුගතියේ වැටිම ඇත්තෙම් යයිද, නිරයේ වැටෙන ස්වභාව නැති, නියතවූ සම්බෝධිය පිහිටකොට ඇති, සෝවාන්වූයේ වෙම්යයිද, තෙමේම තමා ප්‍රකාශ කරන්නේය.

’’කවර නම්වූ වෛරී භය පසක් සංදිඳුනාහු වෙත්ද?

“... ප්‍රාණඝාතයෙන් වැළකුණේ .... පාණාතිපාතයෙන් වැළකුණහට මෙසේ ඒ වෛරීභය සංසිඳුනේ වෙයි.”
“... අදින්නාදානයෙන් වැළකුණේ .... අදින්නාදානයෙන් වැළකුණහට මෙසේ ඒ වෛරීභය සංසිඳුනේ වෙයි. ”
“... කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ .... කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණහට මෙසේ ඒ වෛරීභය සංසිඳුනේ වෙයි.”
“... මුසාවාදී ...” http://pitaka.lk/34127/cs,aps (“බොරුකීමෙන් වෙන්වූවහුට .... බොරුකීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ බිය, වෛර සන්සිඳුනේ වේ.” - https://suttacentral.net/si/an10.92)
“...රහමෙර මත් ද්‍රව්‍ය පානය කිරීමෙන් වැළකුණේ .... රහමෙර මත් ද්‍රව්‍ය පානය කිරීමෙවැළකුණහට මෙසේ ඒ වෛරීභය සංසිඳුනේ වෙයි.”

“... (හේ වනාහි) කඩ නොවූ, නොසිදුරුවූ, සබල නොවූ, කැලැල් නොවූ, නිදහස්වූ නුවණැතියන් විසින් පසස්නා ලද්දාවූ, පරාමර්‍ශණය නොකරන ලද්දාවූ, සමාධිය සංවත්තනිකවූ, (සමාධිය සමග පවත්නාවූ) ආර්යකාන්ත සීලයෙන් යුක්තවුයේ වෙයි. මේ සතර සෝවාන් අඞ්ගයෙන් යුක්තවුයේ වේ.”

(“සෝවාන් උතුමන් කිසිසේත් ම පන්සිල් නොබිඳී” යන්න සපථ කිරීමට, අටුවා/ටීකා/ටිප්පනි අවශ්‍ය නැත. ඉහත සූත්‍රයම වුවද බෙහෙවින් ප්‍රමාණවත්ය.)

මම නැවත කියමි - “සෝවාන් උතුමන් කිසිසේත් ම පන්සිල් නොබිඳී” යන්න සනාථ කිරීමට, අටුවා/ටීකා/ටිප්පනි අවශ්‍ය නැත. මෙම http://pitaka.lk/34127/cs,aps - https://suttacentral.net/si/an9.27 (https://suttacentral.net/si/an10.92) සූත්‍රයම වුවද බෙහෙවින් ප්‍රමාණවත්ය.

එහෙත් ඒ බව ඍජුව හෝ වක්‍රව සපථ කිරීමට තවත් සූත්‍ර ඇති බව දැක්වීමට උදාහර 5 ක් ද පහත දක්වනු ලැබේ.

1. http://pitaka.lk/231310/cs,aps

2. http://pitaka.lk/25209/cs,aps

3. http://pitaka.lk/31192/cs,aps

4. http://pitaka.lk/34112/cs,aps

5. http://pitaka.lk/252012/cs,aps

http://pitaka.lk/34127/cs,aps (https://suttacentral.net/si/an10.92)

මම නැවත නැවත කියමි - “සෝවාන් උතුමන් කිසිසේත් ම පන්සිල් නොබිඳී” යන්න සනාථ කිරීමට, අටුවා/ටීකා/ටිප්පනි අවශ්‍ය නැත. මෙම http://pitaka.lk/34127/cs,aps - https://suttacentral.net/si/an9.27 (https://suttacentral.net/si/an10.92) සූත්‍රයම පමණක් වුවද බෙහෙවින් ම ප්‍රමාණවත්ය.

T/ R. "විපල්ලාසයන් අතුරෙන් අනිත්‍ය දෙය නිත්‍යය යි ද ආත්ම නොවන දෙය ආත්මය යි ද ඇති වන සඤ්ඤා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨිවිපල්ලාසයෝ ද දුක්ඛය සුඛය අසුභය කියා ඇති වන දිට්ඨිවිපල්ලාසය ද යන මොහු සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබෙත්. අසුභය සුභය කියා ඇති වන සඤ්ඤා විපල්ලාස චිත්ත විපල්ලාසයයෝ අනාගාමී මාර්ගයෙන් ද දුක්ඛය සුඛය කියා ඇති වන සඤ්ඤාවිපල්ලාසය අර්හත් මාර්ගයෙන් ද ප්‍ර‍හාණය කරනු ලැබෙත්."

"අකුශල කර්මපථයන් අතුරෙන් පාණාතිපාත අදින්නාදාන මිච්ඡාචාර මුසාවාද මිච්ඡාදිට්ඨි යන පස සෝවාන් මාර්ගයෙන් ද පිසුණාවාචා ඵරුසාවාචා ව්‍යාපාද යන තුන අනාගාමි මාර්ගයෙන් ද සම්ඵප්පලාප අභිජ්ඣා යන දෙක අර්හත් මාර්ගයෙන් ද ප්‍ර‍හාණය කරනු ලැබේ."

මෙය ද කියවන්න.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll