755. “සම්‍යක් ප්‍රයෝගය” යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සම්‍යක් ප්‍රයෝග යනු මොනවාද?

A. තේරෙන සරල සිංහලෙන් කියනවා නං: පොඩි උපායකින් (පොඩි ට්‍රික් එකකින්), පොඩි පරීක්ෂණයක් (පොඩි ටෙස්ට් එකක්) කරලා (තමා ම හෝ) වෙන කෙනෙක් සුමඟට ගන්න ක්‍රියා මාර්ගය “සම්‍යක් ප්‍රයෝගය” යි - මේ උපාය හෝ පරීක්ෂණය හෝ ක්‍රියා මාර්ගය මගින්, තමාගේ හෝ අනිත් කෙනාගේ සීල-සමාධි-ප්‍රඥා එකකටවත් දසමෙකවත් (දශමයකවත් / අල්පමාත්‍රවත්) හානියක් වෙන්න බෑ හැබැයි; ඒකයි වැදගත්ම දේ.

එබැවින්, එකී “සම්‍යක් ප්‍රයෝග” සීල-සමාධි-ප්‍රඥා පූර්ණ (කෙලෙස් අඩු-අඩු) මට්ටම්වලින් සාර්ථකත්වය ළඟාකර දෙන බව කිව හැකි ය - බුදු-පසේබුදු-(මහ)රහත් මහෝත්තමයන් වහන්සේලාගේ සීල-සමාධි-ප්‍රඥා පරිපූර්ණ බැවින්, මෙය (“සම්‍යක් ප්‍රයෝගය”) උන්වහන්සේලා විසින් ම සිදුකරන්නේ නම් වඩා යෝග්‍ය බව ද කිව හැකි ය.

“සම්‍යක්ප්‍රයෝග” යන වදන, “සම්‍යක්” + “ප්‍රයෝග” යන වචන දෙකෙහි අර්ථය වෙන වෙන ම ගෙන දක්වන “හොඳ හිතින් (හිතන-කියන) කරන දේ හෝ බොරුව හෝ උපාය/ප්‍රයෝගය” යන සරල අර්ථයට එහා ගිය පුළුල් අර්ථයක් ඇත්තකි.

සම්‍යක් ප්‍රයෝග(ය) = සද්භාවයෙන් (හොඳ හිතින්) හිතන-කියන-කරන දේ/ප්‍රයෝගය/උපාය (tricks that are performed in good heart or in good faith) හෝ “සුළු බොරුව / සුදු බොරුව” (white lie) හෝ ආදී වශයෙන් බොහෝ නොයෙක් ධර්මානුකූල නොවන හෝ ධර්මානුකූලවැ අර්ථහීන බොහෝ (පෞද්ගලික) අර්ථ විවරණ දක්නට ඇත.

එහෙත්, මූලාශ්‍රගත පාළි අර්ථ විවරණ අනුව, එයින් (“සම්‍යක් ප්‍රයෝගය” යන්නෙන්), සීල-සමාධි-ප්‍රඥා යන නිවැරදි ප්‍රතිපදාව නොබිඳීම, දුර්වල නොවීම, පහත නොවැටීම, වැඩීම, පරිපූර්ණ වීම ලෙසින් ධනාත්මක දිශානතිය ම මුඛ්‍ය පරමාර්ථය කොටගෙන ඇති බව පැහැදිළි විය යුතු ය.

>>>“සම්‍යක් ප්‍රයෝගය” = ඒ ඒ දැන-හඳුනාගැනීමට (දැනුමෙහි) හේතු-ප්‍රත්‍යවන උපාය ම වනාහි “සම්‍යක් ප්‍රයෝගය” යි කියන ලදී.

යම්හෙයකින් ප්‍රයෝගයෙන් (වනාහි) පරීක්ෂණ (පර්යේෂණ මූලිකව) සිදු වේ ද, එකී  පර්යේෂණ ගොදුරුකොට ගෙන දැනුම නිෂ්පාදනය කරයි. අනතුරුව හෝ “සම්‍යක් ප්‍රයෝගය” ගැන, සීල-සමාධි-ප්‍රඥා යන නිවැරදි ප්‍රතිපදාවට පැමිණ කල්පනා කරයි - මෙතෙක් කී පූර්වයෙහි වූ සිදුවීම් පෙළ සිතාබලා, ඒ සියල්ල ම කියන ලද ආකාරයෙන් ම සිතා-විමසා-බලා ක්‍රියා කිරීම “සම්‍යක් ප්‍රයෝගය” යි. [An AnglomaniA IngreesI TranslatioN]<<<

>>>{“තංතංවිජානනස්‌ස පච්‌චයභූතොයෙව හි පයොගො ‘‘සම්‌මාපයොගො’’ති වුත්‌තො. යෙන හි පයොගෙන පරියෙසනාදි නිප්‌ඵජ්‌ජති, සො තබ්‌බිසයවිජානනම්‌පි නිප්‌ඵාදෙති නාම තදවිනාභාවතො. අථ වා සම්‌මාපයොගං සම්‌මාපටිපත්‌තිං අන්‌වාය ආගම්‌ම ආභුජති සමන්‌නාහරති. ආභොගපුබ්‌බකො හි සබ්‌බොපි විඤ්‌ඤාණබ්‍යාපාරොති තථා වුත්‌තං.”}<<<

“සම්‍යක් ප්‍රයෝගය”, “ප්‍රයෝග සම්පත්තිය” ද වේ.
ඒ ඒ කර්මයේ “සම්‍යක් ප්‍රයෝගය” වනාහි “ප්‍රයෝග සම්පත්තිය” යි.
{“පයොගසම්පත්තීති සම්මාපයොගො.”
“තස්ස තස්ස පන කම්මස්ස සම්මාපයොගො පයොගසම්පත්ති.”}

“ප්‍රයෝග සම්පත්තිය” = “‘ප්‍රයෝග සම්පත්තිය’ යන පව්කම්වලින් වැලකීම හා දානාදි යහපත් ක්‍රියා කිරීම ය. ප්‍රයෝග සම්පත්ති ඇති කල්හි ද ඒ නිසා දුබල වූ ද කුශල කර්‍මයන් ගේ විපාක ලැබෙන්නේ ය. පැවිද්දන්ට ගරුබුහුමන් ලැබෙන්නේ, පූජාසත්කාර ලැබෙන්නේ ඒ අය ගේ අතීත කුශල් නිසා ය. එහෙත් ඒවායේ විපාකය ලැබෙන්නේ සිල් රැකීම නමැති ප්‍රයෝග සම්පත්තිය නිසා ය. දැහැමින් කල් යවන යහපත් ක්‍රියා කරන ඇතැම් ගිහියන්ට ද නොයෙක් විට ඒ ප්‍රයෝග සම්පත්තිය නිසා පොදු ජනයාගෙන් හා රාජාදීන්ගෙන් නොයෙක් සැලකිලි ලැබෙන්නේ ය. ඒ සැලකිලි ප්‍රයෝග සම්පත්තිය නිසා ලැබෙන කුශල කර්ම විපාකයෝ ය. ප්‍රයෝග සම්පත්තිය ඇති කල්හි ඒ නිසා ඇතැම් අකුශලයන්ට විපාක දීමට ඉඩ නො ලැබෙන්නේ ය.”

{“සම්‍යක් ප්‍රයෝග” හා  “සම්‍යක් ප්‍රයෝග පච්චය ඍද්ධි” පටලවා ගත හැක - “සම්‍යක් ප්‍රයෝගය”, “සම්‍යක් ප්‍රයෝග පච්චය ඍද්ධි” (“සම්මාපයෝගපච්චයිද්ධි”) තුළට ඇතුළත් කළ හැකිබව / ඇතුළත් කොට ඇති බව ද පෙනේ.

"ප්‍ර‍තිපත්ති සඞ්ඛ්‍යාත සම්‍යක් ප්‍රයෝගයෙන් ක්ලේශ ප්‍ර‍හාණය කිරීම හා උපායෙන් තවත් නොයෙක් දේ සිදු කිරීම සම්මාපයෝගපච්චයිද්ධි නම් වේ."
https://pitaka.lk/books/abhidharma-margaya/10-6.html

"10. සම්මා පයොග පච්චය ඉද්ධිය

ඒ ඒ තන්හි සම්‍යක් ප්‍රයෝගයෙන් කැමති දැය සමෘද්ධ වීම (ඒ ඒ කටයුත්තෙහි මනාව යෙදීමට හේතුවන හෙයින්) සෘද්ධි නම් වේ.

“නෙක්ඛම්මෙන කාමච්ඡන්‍දස්ස පහානට්ඨො ඉජ්ඣතීති තත්‍ථ තත්‍ථ සම්මා පයොගපච්චයා ඉජ්ඣණඨෙන ඉද්‍ධි -පෙ- අරහත්ත මග්ගෙන සබ්බ කිලෙසානං පහනඨො ඉජ්ඣතී ති තත්‍ථ තත්‍ථ සම්මා පයොගපච්චයා ඉජ්ඣනඨෙන ඉද්‍ධි.”1

“නෙක්ඛම්ම සඞ්ඛ්‍යාත ප්‍ර‍ථමධ්‍යානයෙන් කාමච්ඡන්‍ද නීවරණ ප්‍ර‍හාණ කිරීම් සඞ්ඛ්‍යාත අර්ථය සිද්ධවන හෙයින් සෘද්ධි නම් වේ. යනාදීන් ඒ ඒ කටයුත්තෙහි ක්‍ර‍මානුකූල වැ යෙදීමෙන් ඒ ඒ අර්ථය සමෘද්ධවන හෙයින් සෘද්ධි නම් වේ. -පෙ-රහත් මගින් සියලු කෙලෙසුන් ගේ ප්‍ර‍හාණාර්ථය සිද්ධවන හෙයින් සෘද්ධි නම් වේ යැයි, දතයුතු.

මේ දසවන සෘද්ධියෙහි සම්‍යක් උපාය යෙදීම යැ යි කියන ලද න්‍යායානුගත ප්‍ර‍තිපත්තියෙන් සමෘද්ධ වන හෙයින් සෘද්ධි නමැ යි කීවා වේ.

විශේෂ :- ප්‍ර‍තිපත්ති සඞ්ඛ්‍යාත සම්‍යක් ප්‍රයෝග ප්‍ර‍කාශ කිරීම් වශයෙන් පෙරැ සමාධි විප්ඵාර ඉද්ධි ආදීන්ගේ නිර්‍දෙශයට සමාන වැ පෙළ ආයේය. එහෙත් අටුවායෙහි[10] ශකට රචනාදි වශයෙන් යම්කිසි ශිල්පයක් හෝ ත්‍රිපිටකය ඉගෙනීමක් හෝ වෛද්‍ය කර්මාදියක් හෝ ත්‍රිවේදය ඉගෙනීමක් හෝ යටත් පිරිසෙයින් සීසෑම්-වැපිරීම් ආදිය පටන් ඒ ඒ කර්‍මාන්ත කොට හටගත් විශේෂය ඒ ඒ කටයුත්තෙහි සම්‍යක් ප්‍රයෝග ප්‍ර‍ත්‍යයයෙන් සමෘද්ධ වන අර්ථයෙන් සෘද්ධිය යි ආයේ ය."
https://pitaka.lk/books/vishuddhi-margaya/14-1.html}

{"පයොගසම්පත්තීති සම්මාපයොගො."
“ප්‍රයෝග සම්පත්තිය” නම් “සම්‍යක් ප්‍රයෝගය” වේ.
https://tipitaka.app/?a=4b15-168-si

"තංතංවිජානනස්ස පච්චයභූතො තංනිප්ඵාදකොයෙව පයොගො සම්මාපයොගො නාම."
ඒ ඒ දැනගැනීමට හේතුවන, ඒ (එසේ) හටගන්නා උපාය “සම්‍යක් ප්‍රයෝගය” නම් වේ.
https://tipitaka.app/?a=ka2a-236-si

"තස්ස තස්ස පන කම්මස්ස සම්මාපයොගො පයොගසම්පත්ති, මිච්ඡාපයොගො පයොගවිපත්ති නාම."
ඒ ඒ කර්මයේ “සම්‍යක් ප්‍රයෝගය” වානහි “ප්‍රයෝග සම්පත්තිය” යි.
https://tipitaka.app/?a=6k8-329-si

"තංතංවිජානනස්ස පච්චයභූතොයෙව හි පයොගො “සම්මාපයොගො”ති වුත්තො."
ඒ ඒ දැන-හඳුනාගැනීමට (දැනුමෙහි) හේතු-ප්‍රත්‍යවන උපාය ම වනාහි “සම්‍යක් ප්‍රයෝගය” යි කියන ලදී.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll