877. ඉති කුමාරිගේ කතාව?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q / Q. අප ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ පුර්ව ජන්මයක් වූ ඉති කුමාරි අබතෙල් පිදු කථා  වස්තුව සඳහන් තැන කුමක්ද? සඳහන් පුරාන ග්‍රන්ථය කුමක්ද?  (550 ජාතක කතා පොතෙහි එනම් වූ ජාතකයක් දක්නට නැත. නමුත් ඉති කුමාරි ජාතකය නමින් තොරන්ද ඉදිවේ.)

ඉතිකුමාරියගේ කතාව කොහෙද තියෙන්නේ..?


A / S. "ගැමි ජනතාව විසින් ආශාවෙන් භාවිතා කරණු ලබන ආගමික චරිතයන්ගෙන් තවත් එකකි. ඉතිකුමාරි කථාව. එහි සම්පූර්ණ. නාමය, “ඉතිකුමාරිගේ කථාව හෙවත් ගෞතම බෝසතානෝ ස්ත්රීගව ඉපද පිරිමි බව පැතීම” යන්නය. නාමයෙන්ම කථාවෙන් කියැවෙන දේ ගැන සිතා ගැනීමට හැකිය. මෙය නානා වෘත්තයන් ගෙන් යුත් කව් 141 කින් යුක්ත පොතකි.

පිරිමි බව ලැබීමට වරමක් දීපංකර බුදුහාමුදුරුවන් වහන්සේගෙන් ඉල්වා සිටි ඉති කුමාරියට තිලෝගුරුන් වහනසේ වදාළේ මෙලෙසය.

අ ස න් නැගනියනි මා බස් ගෙන සිත ට ව ර න් දෙන්ට බැරිමට පිරිමි බවක ට ඉ ති න් තොපගෙ හිමියාගෙන් මිස ඊ ට වෙතින් කෙනෙක් හට බැරි වරය දෙන්න ට

එ නි සා තොප ගොසින් හිමියා ඇති නිව ස සතොසා නොයෙක් වැඩපල කර සිට නිදො ස නොලසා හිමි සතුටුකර තොප නමා හි ස නි දොසා පිරිමි බවකට වරය ගනු ය ස

අන්න දුගී භාවයේ සිටි එඩේර ඉතිකුමාරිය නිසා රජබවටද පැමිණියේ ය. එහෙත් ඒ සියළු යස ඉසුරු සාදා දුන් තම ප්රේකමනීය භාය්යාන ග ව අත්හැර ඔහු වෙන බිසවක් පාවා ගත්තේ ය. නොබෝ කලකින්ම හේ යලිත් දිළිදු විය. මීට හේතුව අළුත් බිරියයැයි ඔහු සිතූ සැටි කවියා පවසන්නේ මෙලෙසය.

තිබුන වස්තුව නැතුව දුගී රජ සිව් නිදානය බැලු වි ටා පමන නැති දන තිබු නමුත් පෙර මොකුත් නැතිවිය දකින ටා ඉතින දුගි රජ ඉතා දුක් වැද මෙලෙස සිතුවයි එම වි ටා අමන විලසින් ගත්තු බිසවගෙ දෝසමයි මෙය සැබව ටා

ඉ ති න් මේ හැතිරිගෙන් නම් කම් නැත කියා දුගිරජ එම දි නේ ල සි න් පෙර සිටි ඉති කුමාරිය වෙතට පැමිණි සැබවි නේ උ තු න් සොදුරේ සමාවීමට තොපට කල නින්දා ගැ නේ මෙදැන් පවසනු පෙරසේ වස්තුව ලබන උපදෙස නුඹ අ නේ

හිමියා ගේ වරද ගැන උරන නොවූ ඉති කුමාරිය ඔහුට පෙරසේම සංග්රදහ කොට පිරිමි බව ලැබිමේ වරය ලැබුවාය.

කවියා ස්වකීය කෘතිය අවසාන කරන්නේ ස්ත්රීැ පුරුෂ දෙපක්ෂසයටම දෙන අවවාද මාලාවකිනි.

ත ම න් හිමියා නොයෙක් විලසට දුකක් දුන් මුත් සැම දි නේ එ යි න් කෝපය නොගෙන ඉවසනු වඩා ආදර නිතියෙ නේ ගුනෙන් එම ලෙස පැවතුනෝතින් මහත් පින් සිදු කර ග නේ නි ව න් සැප මතු දිනේ ලැබෙතිය දිවිය සැප විඳිමින් ‍අනේ

පෙලක් අඟනෝ තොගේ මස්කමි කියා හිමිහට බනින් නේ පෙලක් අඟනෝ මෝට.............. වෙයන් කියමින් පතන් නේ පෙලක් අඟනෝ දුකක් ලැබුනොත් දෙගුරු නිවසට දුවන් නේ පෙලක් අඟනෝ නෙදුක උනමුත් ඉවසමින් එය සිටින් නේ

අඟනු සින්දා තමන් ජීවිත රකින පිරිමින් බෝ ඇ තේ අඟනු සින්දා ඇඳුම් පැළඳුම් අඳින සමහර අය ඇ තේ අඟනු සින්දා නොයෙක් උවටැන් ලබන සමහරු ඇති වෙතේ අඟනු සින්දා කෙලෙස ලැබුනත් නොතකමින් සමහරු ඇ තේ

දෙදෙන අඹු සැමි සමගි වීමෙන් පනේ පන ලෙස විසුවොති න් දි ලෙ න පහනක් සේ එනිවසට සියළු යසසිරි දෙයි නිති න් එ මෙ න් නොමවී නිතර කරදර ඇතොත් දෙදෙනා නොම සිති න් සි ටි න රුදු යකු වනයසේ බව දැන ගනිව් සුදනෝ මෙතී න්"

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll