548. සෝවහන් ද? නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සෝවාන් වූ අයෙකු තමා සොවාන් බව දනීද? දනීනම් එසේ තමා දැනගන්නේ කෙසේද?

[ මෙය ද කියවන්න.]

A / R. දනී.
සෝවාන් ඵල සමාපත්තියට සමවැදිය හැකිය.
සෝවාන් වූ පසු ඊලගට පහල වන ප්‍රත්‍යවේක්ෂා ඥාන මගින් දැනගන්නවාමයි.
"ප්‍ර‍ත්‍යවේක්ෂා වීථි.
මාර්ග වීථිවලින් පසු මාර්ගය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ද, ඵලය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ද, නිර්වාණය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ද, ප්‍ර‍හීණ ක්ලේශ ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ද, අප්‍ර‍හීණ ක්ලේශ ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ද වීථිහු ඇති වෙති. රහතුන්ට අප්‍ර‍හීණ ක්ලේශයන් ප්‍ර‍ත්‍යවේක්ෂා කරන වීථියක් නො ලැබේ. භවාඞ්ග චලනය - භවාඞ්තෝපච්ඡේදය මනෝද්වාරාවජ්ජනය - ප්‍ර‍ත්‍යවේක්ෂා ජවන සත ය යන මේ සිත් පරම්පරාව ප්‍ර‍ත්‍යවේක්ෂා වීථිය ය. මාර්ගාදි එක් එක් දෙයක් ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීම් වශයෙන් එක් එක් ප්‍ර‍ත්‍යවේක්ෂා වීථියක් ඇති වේ."

A / R. "ඉක්බිති ඒ සෝවාන් පුද්ගලයා තමා පැමිණි මාර්ගයත්, එයින් ලැබූ ඵලයත්, තමාට ප්‍ර‍හීන ක්ලේශත්, ඉතිරි ක්ලේශත්, නිර්වාණයත් ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නේ ය. සියලු ම ආර්‍ය්‍යයෝ එසේ ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නාහ. අර්හත් පුද්ගලයාට ඉතිරි ක්ලේශයක් නැති බැවින් අනික් කරුණු සතර පමණක්  ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නේ ය."

A / R. භාග්‍යවතුන් වහන්සේම මෙසේ වදාළහ.

"ආනන්දය, යම් ධර්මයකින් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඉදින් කැමතිවන්නේ නම් නිරාදුකින් මම නිදහස් වීමි. ප්‍රෙත දුකින් නිදහස් වීමි. තිරිසන් දුකින් නිදහස් වීමි. නපුරු ගති ඇති අපාය දුකින් නිදහස් වීමි. අපායට නොහෙළන ස්වභාව ඇත්තාවූ රහත් බවට නියතවූ සෝවාන් ඵලයට පැමිණියෙමියි’ තමා ගැන තමා විසින්ම ප්‍රකාශ කරන්නේද? ඒ “ධර්ම ආදාස” නම් ධර්ම ක්‍රමය කවරේද?
ආනන්දය, මේ ශාසනයෙහි උතුම් ශ්‍රාවකතෙම (ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විදර්ශනාඥාන ආදී විද්‍යා අට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පහළොව යන අෂ්ට විද්‍යා පසළොස්වරණ ධර්මයන්ගෙන් යුක්තය. යහපත් ගති ඇත්තාහ, සියලු ලොකයන් දන්නාහ, ශ්‍රෙෂ්ඨය, හික්මවියයුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිය, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූහ. සත්‍යවූ උතුම් ධර්ම සතර (චතුරාර්‍ය්‍ය සත්‍යය) අවබොධ කළසේක. භාග්‍යවත්වූසේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වන පැහැදීමෙන් යුක්තවූයේද, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය මනාකොට දෙශනා කරන ලද්දේය. මේ ආත්මයේදීම දැක්කහැකිවූ ඵල ඇත්තේය. කල් නොයවා ලැබියයුතු ඵල ඇත්තේය. ‘එව, බලවයි’ දැක්විය හැකිවූ ගුණ ඇත්තේය. නිර්වාණය කරා පමුණුවන්නේය. නුවණැත්තන් විසින් ඊට පැමිණ තම තමන්ගේ සිතින්ම දතයුතුවූ ගුණ ඇත්තේයයි ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවේද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඍජුව (කෙළින්) පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගරු බුහුමනට සුදුසු පරිදි පිළිපන්නේය. යම් මේ පුරුෂ යුගල සතරක් වන්නාහුද, (පුරුෂ පුද්ගල වශයෙන්) අටදෙනෙක් වන්නාහුද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා සොයා ගොස් පිදිය යුතු භොජනය පිළිගැනීමට සුදුසුය, පරලොව අදහා දෙන දානය (දක්ෂිණාව) පිළිගැණීමට සුදුසුය (අංජලීකර්මයට) දෑත හිස මත තබා වැඳීමට සුදුසුය, ලොකයාට උතුම්වූ පින් කෙතක් වැනියයි සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ඇදහීමෙන් යුක්ත වේද, නොකැඩුනාවූ, සිදුරු නොවූ, පැල්ලම් නැති කැලැල් නොවූ, තණ්හාවට වාල් නොවූ නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන්නාවූ, දොස් රහිතවූ සමාධිය පිණිස පවත්නාවූ උත්තමයන්ට ප්‍රිය මනාපවූ සීලයෙන් යුක්තවේද, ආනන්දය, යම් ධර්මයකින් යුක්තවූ උතුම් ශ්‍රාවක තෙම ඉදින් කැමතිවන්නේ නම්, ‘නිරා දුකින් මිදුනෙමි. තිරිසන් දුකින් මිදුනෙමි. ප්‍රෙත දුකින් මිදුනෙමි. නපුරු ගති ඇති අපාය දුකින් මිදුනෙමි. මම අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ රහත් බවට නියතවූ සෝවාන් ඵලයට පැමිණියෙමියි’ තමාම තමන් ගැන ප්‍රකාශ කරන්නේද ඒ "ධර්ම ආදාස" ("ධර්මාදාස") නම් ක්‍රමය මෙය වන්නේය"

A. නිසැකව ම දනී; එමෙන් ම, සරලව ම, තව ද:
සෝවහන් උතුමන් / සෝවහන් උතුමන් අතින්,
පන්සිල්පද එකක් හෝ,
1. (“මැරුවත්”) කඩන්නේ නැත.
2. (“බැරිවෙලාවත්”) කැඩෙන්නේ ද නැත.
3. (“බලෙන්”) කඩවන්නට ද බැරි ය.
4. කඩන්නට සිතින් සැලසුම් (“ප්ලෑන්”) කරන්නේ ද නැත.
5. (“හදිසියේවත්”) රහසින් හෝ කඩන්නේ ද නැත.

Q. වැරදිය.
සෝවාන් පුද්ගලයන් අතින් පන්සිල් කැඩිය හැක.
නමුත් එතුමන් එය නොසගවයි. වහා නැවත සමාදන් වෙයි.

A. ඔබයි වැරදි; ඔබට ඔබේ පිළිතුරු ස්ථිර කිරීමට එක් “ත්‍රිපිටක සාක්ෂියක්” ගෙනහැර පෙන්විය හැකි නම්, මම මාගේ පිළිතුර ස්ථිර කිරීමට “ත්‍රිපිටක සාක්ෂි 10ක්” ගෙනහැර දක්වමි.
(ඔබ “රතන සූත්‍රයෙන්” පටන් ගන්න. නමුත් කිසිදු දේශකයකුගේ හෝ දේශකයන්වහන්සේ නමකගේ දේශනා උපුටා දැක්වීම හෝ යොමු කිරීම නොකරන්න; ත්‍රිපිටකය හෝ අටුවා ටීකා හෝ රේරුකානේ හිමියන්ගේ වැනි පිළිගත් පොත්-පත් ද භාවිතා කිරීමට හැක - පහත පින්තූරය ද හොඳින් අධ්‍යනය කරන්න.)

[මෙය ද කියවන්න.]

Q. එහෙනම් කුක්කුටමිත්ත වැදි කථාව ප්‍රබන්ධයක්ද?

A / R. “… සොතාපන්නයෝ පරපණ නොනසත්. …. මෙය ගෙන ගොස් සතුන් මරන්නැයි ඇයට සිතක් නැත.”
(“බුදුරජාණන්වහන්සේ අවුත්, මහණෙනි, කිනම් කථාවක් කරමින් හුන්නාහුදැයි විචාරා, මේ කථාවෙනුයි කීකල්හි, මහණෙනි, සොතාපන්නයෝ පරපණ නොනසත්. ඈ කර තිබෙන්නේ වචනය ඉටුකිරීම පමණකි. මෙන්න අර ආවුධය. මෙය ගෙන ගොස් සතුන් මරන්නැයි ඇයට සිතක් නැත. වණයක් නැතිවට ඒ අතින් විෂ ඇල්ලුවත් ඒ විෂය සිරුරට ඇතුළු කිරීමට නොහැකිය.
ඒ විධියට අකුසල චේතනාවක් එහි නොවන බැවින්, පව්නොකරන්නකු බැවින් දුනු ආදය ගෙනත් දුන්නත් පවක් නම් නොවන්නේමයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද ප්‍ර‍කාශ කළහ.”)



"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll