907. සතුරන් ජයගන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. එක් ජාතක කතා දේශනාවක දැක්වෙනවා ඥාණවන්ත පුද්ගලයා කරුණු 4කින් සතුරන් ජයගන්නා බව.
1. වාක් සත්‍ය?
2. පරික්ශා ඥාණය?
3. අප්‍රතිහත ධර්‍ය?
4. නිස්සග්ග ත්‍යාගය?
මෙය විස්තර වශයෙන් පහදා දිය හැකිද ?

A. 1. බොරු නොකීම.
2. තැනට සුදුසු නුවණ (ස්ථානෝචිත ප්‍රඥාව).
3. නොපසුබස්නා උත්සාහය (ආරද්ධ විරිය).
4. මුළු සිතින්ම අත්හැර දන්දීම. වගේ අර්ථ ගන්න පුළුවන් ඔබේ වචනානුසාරයෙන්.
කෙසේවෙතත්, ජාතක කතාවේ නම දුන්නොත්, අපිට විමසා බලන්න පුළුවන්.

A / S. වානරින්‍ද ජාතකය.

"58. යස‍්ස එතෙ තයො ධම‍්මා වානරින්‍ද යථා තව.
දක‍්ඛියං සූරියං පඤ‍්ඤා දිට‍්ඨං සො අතිවත‍්තතී’ති.

58. වානරෙන්ද්‍රය, දක්ෂභාවය ද, නිර්භයභාවය ද, උපාය කෞශල්‍යඥානය ද යන මේ ත්‍රිවිධ ධර්මයෝ තට මෙන් යමකුට ඇත් ද හෙතෙමේ සතුරා ඉක්මවා යේ."

T. [https://tipitaka.lk/library/737] | [https://tipitaka.app/?a=jm1-822-si]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll