515. රහතන්වහන්සේ හට විඤ්ඤාණය පහළ නොවේ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රහතන්වහන්සෙට විඤ්ඤාණ පහලවෙන්නෙ නැද්ද? පහදාදෙන්න.

A / R. නිසැකව ම පහළ වේ - පහළ නොවන්නේ (ඊළඟ භවයට අදාළ) “ප්‍රතිසන්ධි විඤ්ඤාණය” යි.

"අර්හත් ඵලස්ථයාගේ සිත් 44-
අහේතුක 18, මහා විපාක 8, මහා ක්‍රියා 8, මහග්ගත ක්‍රියා 9, අර්හත් ඵල සිත යන මේවා ය.
ධ්‍යාන නො ලැබූ සාමාන්‍ය සත්ත්වයන් ගේ වශයෙන් සිත් ගණන් ගැනීමේ දී මහග්ගත සිත් හැර සිත් ගණන ගත යුතු ය."

[“අකිරිය” සිත්, කියා කොටසක් නැත - ඇත්තේ “කිරිය” සිත්, කියා කොටසකි.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll