67. නාම-රූප පරිච්ඡේදය හරි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නාම-රූප පරිච්ඡේදය, නාම-රූප / ධාතු / ආයතන ආදී වශයෙන් බැලීම කරන්නේ කෙසේ ද?

A. මේ එක් එක් ක්‍රමය නාම-රූප පරිච්ඡේදය ( = නාම-රූප පිරිසිඳ දැකීම; නාම-රූප වවත්ථානය; පුද්ගල/ආත්ම/ඝණ ... ආදී විපරීත සංඥා බිඳීම; සිතේ කෙලෙස් ඇති නොවීම; සිතේ කෙලෙස් ගෙවීම ) සඳහා යොදාගන්නා යථාර්ථවාදී එක් එක් උපක්‍රම බැවින්, ඒ ඉහත කුමන ආකාරයකට හෝ අවසානයේදී පුද්ගල/ආත්ම/ඝණ සංඥාව බිඳේ නම් හා/හෝ, නාම-රූප පරිච්ඡේදය ( නාම-රූප පිරිසිඳ දැකීම ) වේ නම් හා/හෝ, සිතේ කෙලෙස් ඇති නොවේ නම් හා/හෝ, සිතේ කෙලෙස් ගෙවේ නම්, තම තමාට වඩ වඩා පහසු හා ප්‍රකට වන ‘ධර්මානුකූල ආකාරයකට' ‘නාම-රූප වවත්ථානය’ කළ හැක.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll