332. චිත්ත, මනෝ, විඤ්ඤාණ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. චිත්ත, මනෝ, විඤ්ඤාණ පිළිබඳ ප්‍රමාණවත් විස්තරයක් කරන්න පුලුවන් ද?

A / R. "එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ගචිත්තයෙක් මන සඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්ද්‍රියයෙක් විඥානයෙක් විඥාන ස්කන්ධයෙක් තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ."

("තත්‌ථ කතමං චිත්‌තං? යං චිත්‌තං මනො මානසං හදයං පණ්‌ඩරං මනො මනායතනං මනින්‌ද්‍රියං විඤ්‌ඤාණං විඤ්‌ඤාණක්‌ඛන්‌ධො තජ්‌ජාමනොවිඤ්‌ඤාණධාතු – ඉදං වුච්‌චති ‘‘චිත්‌තං’’)


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll