531. පව් ද? නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පාපයක් සිදුවීමට සම්පූර්ණ විය යුතු කරුණු මොනවාද?

A / R. උපකාරක: >>> [“යම් කිසි කරුණක් සිතන කල්හි ඒ කරුණ හරියට දැන ගන්නට නො පිළිවන් වන පරිදි සිත අඳුරු කරන එක්තරා ස්වභාවයකට මෝහය යි කියනු ලැබේ.”
“ද්වේෂය යනු සිතින් ගන්නා වූ අරමුණ කෙරෙහි ඇති වන විරුද්ධ ස්වභාවය ය. අරමුණට නො කැමති ස්වභාවය ය. කෝපය, තරහව, වෛරය, භය, අප්පිරියාව, නො සතුට යන වචනවලින් කියැවෙන්නේ ද ද්වේෂය ය.”
“මේ දේ හොඳ ය, ලස්සන ය, මිහිරි ය කියා ඒ ඒ දේවලට හා පුද්ගලයන්ට ඇලුම් කරන ස්වභාවය ලෝභය ය. ආශාවය - ඕනෑකම ය - රාගය ය - ගිජු කම ය - කැතකම ය - ආදරය - ප්‍රේමය යන නම් වලින් කියැවෙන්නේ ද ලෝභය ම ය.”]

අවමයෙන්,
සිත් (චිත්ත) වශයෙන් = මෝහය මුල් විය යුතු ම ය. /
(මෝහය හා) ලෝභය මුල් විය යුතු ම ය. /
(මෝහය හා) ද්වේශය මුල් විය යුතු ම ය.

උපකාරක: >>> [මෝහය - “අරමුණෙහි සැබෑ තත්ත්වය වසන ස්වභාවය මෝහ නම් වේ. මෝ මෝහය ඇසෙහි ඇති පටලයක් වැනිය යි ද, අඳුරක් වැනිය යි ද කිය යුතු ය. ...
අහිරිකය - පාපය පිළිකුල් නො කරන ස්වභාවය අහිරික නමි. මෙයට පාපයට ලජ්ජා නො වන ස්වභාවය යි ද කියනු ලැබේ.
අනොත්තප්පය - පාපයට බිය නො වන ස්වභාවය අනොත්තප්පය නමි. අහිරිකය අනොත්තප්පය යන මේ චෛතසික දෙක අකුශල පක්ෂයෙහි මහ බල දෙකකි.
උද්ධච්චය - සිත සැලෙන ස්වභාවය, ආරම්මණයෙහි මැනවින් නො පිහිටන ස්වභාවය උද්ධච්ච නමි. මෙය සමාධියට විරුද්ධ ස්වභාවයෙකි.”]

අවමයෙන්,
සිතේ ඇති ගති / සිතේ ඇති ගති ස්වභාව (චෛතසික) වශයෙන් = මෝහය - අහිරිකය - අනෝත්තප්පය - උද්ධච්චය එකට එක්ව තිබිය / හැසිරිය යුතු ම ය.

{ගැඹුරින් වැඩිදුර - https://pitaka.lk/books/abhidharma-margaya/2-5.html >>>
https://pitaka.lk/books/abhidharma-margaya/3-10.html}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll