Q. ප්‍රශ්න නඟන්නේ / අහන්නේ ඇයි?
A / R. “ඇවැත්නි, යම්කිසිවෙක් වනාහි අනිකෙකුගෙන් ප්‍රශ්න අසයිද. ඒ සියල්ල කරුණු පසකින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙයි.
“කවර පසකින්ද යත්? 1. නුවණ මඳ බැවින්, ඉතා මුළාවන බැවින් අනිකෙකුගෙන් ප්‍රශ්න අසයි. 2. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. 3. පරිභව කරන්නේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. 4. දැනගණු කැමැත්තේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. 5. ඉතා කිපෙමින් අනිකාගෙන් ප්‍රශ්න අසයි - "ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ කරන්නේ නම් මෙසේ මෙය යහපති. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ නොකරන්නේ නම් මම මොහුට මනාකොටම ප්‍රකාශ කරන්නෙමියි”
“ඇවැත්නි, යම්කිසිවෙක් වනාහි අනිකෙකුගෙන් ප්‍රශ්න අසයිද. ඒ සියල්ල කරුණු පසකින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙයි."
{"කතමෙහි පඤ්චහි? මන්දත්තා මොමූහත්තා (මොමුහත්තා (සී.)) පරං පඤ්හං පුච්ඡති, පාපිච්ඡො ඉච්ඡාපකතො පරං පඤ්හං පුච්ඡති, පරිභවං පරං පඤ්හං පුච්ඡති, අඤ්ඤාතුකාමො පරං පඤ්හං පුච්ඡති, අථ වා පනෙවංචිත්තො (අථ වා පකුප්පන්තො (සී. පී.)) පරං පඤ්හං පුච්ඡති - ‘සචෙ මෙ පඤ්හං පුට්ඨො සම්මදෙව බ්‍යාකරිස්සති ඉච්චෙතං කුසලං, නො චෙ (නො ච (ස්‍යා.)) මෙ පඤ්හං පුට්ඨො සම්මදෙව බ්‍යාකරිස්සති අහමස්ස සම්මදෙව බ්‍යාකරිස්සාමී’ති."}
[පඤ්හපුච්ඡාසුත්තං - පඤ්ච පුච්ඡන සූත්‍රය]
Q. (එසේ ඇසූ / නැඟූ, ප්‍රශ්න / ගැටළුවලට) පිළිතුරු දෙන්නේ කෙසේ ද?
A / R. “මහණෙනි, මේ ප්‍රශ්න විසඳීම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්, මහණෙනි, ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් ඇත්තේය. මහණෙනි, බෙදා විසඳියයුතු ප්‍රශ්නයක්ද ඇත්තේය. මහණෙනි, ප්‍රශ්නකොට විසඳියයුතු ප්‍රශ්නයක් ඇත්තේය. මහණෙනි, නොවිසඳා තැබියයුතු ප්‍රශ්නයක් ඇත්තේය. මහණෙනි, මේ ප්‍රශ්න ප්‍රකාශකිරීම් සතරය.
“ඒකාන්තයෙන් කිවයුතු එකෙක. බෙදා කිවයුතු අනිකෙක. විචාරියයුතු තුන්වැන්නය. සතරවැන්න වනාහි තැබිය යුතුය. යමෙක් ඒ ඒ තන්හි ධර්‍මයට අනුව ඒ ප්‍රශ්නයන් දනීද, එබඳු භික්‍ෂුව ප්‍රශ්න සතරෙහි දක්‍ෂයයි කීහු. හෙතෙම නොගැටිය හැකි, මැඩපැවැත්විය නොහැකි, ගැඹුරු ගත් දේ වෙනස් නොකළ හැකි, අර්ත්‍ථයෙහිද, අනර්ත්‍ථයෙහිදැයි යන දෙක්හිම දක්‍ෂවෙයි. ඒ පණ්ඩිත තෙම අනර්‍ථය දුරුකරයි. අර්‍ථය ගනියි. අර්‍ථය අවබෝධ කළ හෙතෙම නැණවත්, පණ්ඩිත පුද්ගලයායයි කියනු ලැබේ.”
[පඤ්හබ්‍යාකරණසුත්තං - පඤ්හව්‍යාකරණ සූත්‍රය]