212. අධිකුසල් මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අධි කුසල සමාදානය යනු කුමක්ද..?

A / R. කාමචර කුසල් “කුසල්” ලෙස ද, රූපාවචර-අරුපාවචර හා බුදු-පසේ බුදු-අරිහත් (අරිහත්වයට අදාළ “පාරමී”) ගණයේ ලා සැලකෙන කුසල් “අධි කුසල්” ලෙස දක්වන බවක් පෙනේ (සෙවිය යුතුය) (මේ සියල්ලටම ද පොදුවේ ““කුසල්” යන නම දක්වන බවක් ද පෙනේ) “අධි කුසල”යෙහි උතුම් ම/උපරිම අවස්තාව “බුද්ධත්වය” යි.

[පහත පාඨය (හා පාළි සම්බන්ධ පැන වලදී), මෙම කණ්ඩායමේ සිටින පිවත් අපේ හාමුදුරුවරු පරිවර්තනය කිරීම /පිළිතුරු ලබා දීම වඩා උචිත බව විටෙක සිතේ.]

“අධිකුසලෙසූති එත්‌ථ අත්‌ථි කුසලා, අත්‌ථි අධිකුසලා. සබ්‌බෙපි කාමාවචරා කුසලා කුසලා නාම, රූපාවචරා අධිකුසලා. උභොපි තෙ කුසලා නාම, අරූපාවචරා අධිකුසලා. සබ්‌බෙපි තෙ කුසලා නාම, සාවකපාරමීපටිලාභපච්‌චයා කුසලා අධිකුසලා නාම. තෙපි කුසලා නාම, පච්‌චෙකබොධිපටිලාභපච්‌චයා කුසලා අධිකුසලා. තෙපි කුසලා නාම, සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණප්‌පටිලාභපච්‌චයා පන කුසලා ඉධ ‘‘අධිකුසලා’’ති අධිප්‌පෙතා. ...”

(මා පාළි විශාරදයෙකු නොවන බැවින් මාගේ වැටහීමේ තරමට පාළි සිංහලට පරිවර්තනය කිරීමට නොකැමැති ය - එබැවින් උපුටා දැක්වීම් කිරීමට සිදුවන බව සලකන්න.)

R. "අධිකුසලා ධම්මා සමථවිපස්සනාදයො."
R. "සමථවිපස්සනා අධිකුසලා නාම."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll