53. යෝධයෝ හිටිය ද? අද නැත්තේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. යෝධයෝ හිටිය ද? අද නැත්තේ ඇයි?

A. මාගේ අදහස නම්: ලෝකයේ (විශ්වයේ) කාලය, අවකාශය හා ස්ථානයන්ට සාපේක්ෂව, ඒ ඒ සම පුද්ගලයන්, ඒ ඒ සම කාලය තුළ, ඒ ඒ සම ස්ථාන වල ප්‍රතිසන්ධිය/උප්පත්තිය/ඇසුර ලබන හෝ නොලබන බවය; එය එක්තරා ධාතු ස්වභාවයක් බවයි. උදාහරණ වශයෙන්, බුද්ධකාලයේදී (ඉන්ද්‍රීය ධර්මයන් වැඩූ) තියුණු ප්‍රඥාවන්තයිනේ පහළ වීම හා දැනට එතරම් තියුණු ප්‍රඥාවන්තයින්ගේ පහළ නොවීම, සිංහල රජ කාලයේදී අතිශයින් කුමන්ත්‍රණකාරී පිරිසගේ පහළ වීම, එදාද/අදද නොයෙක් ප්‍රදේශවල නොයෙක් සමාන හොඳ/නරක ගතිගුණ ඇති පිරිසගේ පහළවීම ... ආදී නොයෙක් උදාහර ගෙනහැර දැක්විය හැක. මෙතැනදී ද, යෝධයන් සම්බන්ධවද එවැනිම තත්ත්වයක් බවයි.

කෙසේ වෙතත් “බලය” ද (චිත්ත බලය හා කාය බලය විය යුතුය) අග්‍රව ලැබීමට කළයුතු ක්‍රියා හතරක් අග්ගප්පසාද සූත්‍රය තුළ (http://pitaka.lk/29134/cs,aps) දැක්වේ.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll