Q. ස්කන්ද, ධාතු, ආතන, පටිච්ච සමුප්පාද පිලිබඳව දැන පණ්ඩිතයෙකු වන බව බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමිගේ පැනයකට පිළිතුරු දෙයි... මෙහි "පණ්ඩිතයෙකු" යැයි අදහස් කර ඇත්තේ චුල්ල සෝතාපන්න භාවයද?
A / R. චුල්ලසොතාපන්න / චුල්ලසෝතාපන්න.
... "කඞ්ඛාවිතරණවිසුද්‍ධි සමධිගමයෙන් ලබ්ධප්‍රතිෂ්ඨ වේ. ඒ මෙසේ යි:- හේතු ප්‍රත්‍යය සහිත නාම-රූප දර්‍ශනයෙන් මඩනාලද දිට්ඨිකණ්ටක ඇත්තේ අහෙතු-විසමහෙතු වාදයෙන් මැඩ-පියන ලද්දේ තම තමා පිළිබඳ ප්‍රත්‍යයයෙන් ම ධර්‍ම ප්‍රවෘත්තිය දැන ශාසනයෙහි පිහිටුවන ලද ශ්‍රද්‍ධා ඇත්තේ ලබ්ධප්‍රතිෂ්ඨ නම් වේ. නාම-රූප වවත්‍ථානයෙන් දුඃඛසත්‍යය ද, ධම්මට්ඨිතිඤාණයෙන් සමුදය සත්‍යය ද, එය ම මෑත භාගයෙහි අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමාදී ක්‍රමයෙන් මාර්‍ගසත්‍යය ද, විශිෂ්ට ඥානයෙන් දැන නාම-රූප ප්‍රවෘත්තියෙහි දුඃඛභාවය දැක අප්‍රවෘත්තිය ව නිරොධ (නිර්‍වාණ) යෙහි එකනාත් නැමුණු අදහස් ඇති බැවින් ලෞකික ඥානයෙන් ම චතුරාර්‍ය්‍ය සත්‍යයන් අධිගත හෙයින් අපායොත්පත්තියට අභව්‍ය වූයේ සෝතාපත්ති භූමියට භව්‍ය උත්පත්ති ඇත්තේ වන්නේය යි ද නියත ගතිකය යි ද චුල්ලසෝතාපන්නය යි ද එයින් කියන ලදී." ...
A / R. (1.) එක් අතකින් පණ්ඩිතයකු වන්නේ කෙසේදැයි එම සූත්‍රයේ ම සවිස්තරව අඩංගු වේ.“ආනන්දය, යම්තැනක පටන් මහණතෙමේ (අටළොස්) ධාතු දැනීමෙහි දක්ෂවේද, ආයතන දැනීමෙහි දක්ෂවේද, පටිච්චසමුප්පාදය දැනීමෙහි දක්ෂවේද, කරුණු නොකරුණු දැනීමෙහි දක්ෂවේද, ආනන්දය, මෙපමණකින් භික්ෂුතෙම විමසීමෙහි කටයුතු කරන පණ්ඩිතයෙකැයි කීමට සුදුසුවේ.” ...
අනෙක් අතට, මෙය ඍජුව ම අදාළ වන්නේ බහුධාතුක සූත්‍රය - https://pitaka.lk/main?n=20115 ට ම බැවින් “පණ්ඩිතයා පරියත්ති සාසනය අසා (කියවා, දරා,) පටිපත්ති හා පටිවේධ සාසන දෙක ම පුරන්නේය.” යන්න සූත්‍ර වර්ණනාව අනුසාරයෙන් ගත් මාගේ අදහසයි.
[බුද්ධ සාසනය ත්‍රිවිධාකාර වේ.
1. පරියත්ති සාසනය - ත්‍රිපිටකය.
2. පටිපත්ති සාසනය - ධර්මානුකූල ප්‍රතිපදා.
3. පටිවෙධ සාසනය - නිවන් අවබෝධය.]
{“ධර්ම පණිවුඩය අමතක කරයි.” යනු කරුණු දෙකකින් ශාසනය අමතක වෙයි. පර්‍ය්‍යාප්ති ශාසනයද අමතක වෙයි. ප්‍රතිපත්ති ශාසනයද අමතක වෙයි. පර්‍ය්‍යාප්ති ශාසනය කවරේද? (ii) සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භූත ධර්මය, වෙදල්ලය යන ප්‍රගුණ කළයුතු ධර්මය පර්‍ය්‍යාප්ති ශාසනය නමි. එයද අමතක වෙයි. වෙන්වූයේ වෙයි. මෙසේද ශාසනය අමතක වූයේ වෙයි. ප්‍රතිපත්ති ශාසනය කවරේද, සම්‍යක් ප්‍රතිපදාව, අනුලොම ප්‍රතිපදාව, උසස් ප්‍රතිපදාව, අන්වර්ථ ප්‍රතිපදාව, ධර්මානු ධර්ම ප්‍රතිපදාව සිල් පිරීම, ඉන්ද්‍රියයන්හි වැසුන දොර ඇති බවත භොජනයෙහි පමණ දැනීම, නිදි දුරුකිරීම, සිහි නුවණ ඇතිබව, සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඍද්ධිපාද, පඤ්චෙන්ද්‍රිය, පඤ්ච බල, සප්ත බොධ්‍යංග, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යන මේ ධර්මයෝ ප්‍රතිපත්ති ශාසනයයි. එය ද අමතක වෙයි. බැහැරවූයේ වෙයි. “මිච්ඡාව පටිපජ්ජති” යනු සතුන්ද මරයි. හොරකම් කරයි. ගෘහයන්ද බිඳියි. කොල්ලකෑමද කරයි. එක් ගෙයක් බිඳීමද කරයි. අනුන්ට උවදුරු කරමින් සිටියි පරදාර කර්මයද කරයි. බොරුද කියයි. වැරදි මගට බසියි.”
2 < https://pitaka.lk/main?n=52160&p=50}
A / R. ( 2.) බහුධාතුක සූත්‍රය හා සමානව ම මෙහි ද - https://pitaka.lk/main?n=28101
එබැවින්, ’’මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූයේ පණ්ඩිතයයි දත යුතුයි. කවර තුනකින්ද යත්? කාය සුචරිතයෙන්ද, වාග් සුචරිතයෙන්ද, මනෝ සුචරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුක්තවූයේ පණ්ඩිතයයි දත යුතුයි. මහණෙනි, එහෙයින් යම් ධර්‍ම තුනකින් යුක්තවූයේ බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූයේ පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම සමාදන්ව වාසය කරන්නෙමියි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය’’
https://pitaka.lk/main?n=28102
https://pitaka.lk/main?n=28103
A / R. (3.) ‘පණ්ඩිතයා’ යන්නට එසේ ම සම විසම තවත් විග්‍රහයන් ඇති බවට ගත හැක.
“මහණෙනි, පණ්ඩිතයාගේ මේ පණ්ඩිත ලක්ෂණ, පණ්ඩිත නිමිති. පණ්ඩිත චරිත තුනක් වෙති. ඒ තුන කවරහුද?
https://pitaka.lk/main?n=20129&p=253
https://pitaka.lk/main?n=28103
“මෙපරිද්දෙන් පටිච්චසමුප්පාදය දක්නාවූ කර්ම විපාකයෙහි දක්ෂවූ, ඇතිසැටියෙන් කර්මය පණ්ඩිතයෝ දකිති.
https://pitaka.lk/main?n=19148&p=460