Q. බටහිර විද්‍යාවේ සදහන් සවිඤ්ඤාණක හා අවිඤ්ඤාණක මනස් පිළිබඳ බුදුසමයේ යම් විස්තරයක් තිබේද?
A. සාමාන්‍යයෙන්, සවිඤ්ඤාණක = සිත සහිත / අවිඤ්ඤාණක = සිත රහිත.
සාමාන්‍යයෙන්, භවාංග සිත = ප්‍රතිසන්ධි සිත (මනෝද්වාරය).
(අප්‍රකටව, යටපත්ව තිබෙනා අර්ථයෙන්) අවිඤ්ඤාණික = (සප්ත) අනුසය / (1500) කෙලෙස් / වාසනා (සසර පුරුදු) / මේ භවයේ පුරුදු.
(ප්‍රකටව, මතුව පෙනෙනා අර්ථයෙන්) සවිඤ්ඤාණික = (කාය - වාග් - මනෝ) කර්ම (ක්‍රියා) / (අසංකාර - සසංකාර) සංස්කාර / (සම්පජාන - අසම්පජාන) සංඛාර.
T. {සිතන්න ↓
1. භවාංග සිත / අවිඥානික සිත (The Unconscious Mind).
2. යටි සිත / පූර්ව විඥානය (The Preconscious Mind).
[පෙර (උප) විඥානය (Sub-Conscious Mind)]
3. උඩු සිත / සවිඥානික සිත (The Conscious Mind).
1. අනුසය.
2. පරියුට්ඨාන.
3. වීතික්කම.
1. තදංග ප්‍රහාණය.
2. විෂ්කම්භන ප්‍රහාණය.
3. සමුච්ඡේද ප්‍රහාණය.}
T / S. "ශයිත අවස්ථාවය පර්ය්‍යුත්ථානාවස්ථාවය ව්‍යතික්‍රමණාවස්ථාවය යි කාමරාගාදීන්ගේ අවස්ථා තුනක් ඇත්තේ ය. ක්‍රියා විරහිත, ඇති බව නො දත හැකි ආකාරයෙන් සන්තානයෙහි යටපත් ව පවත්නා අවස්ථාව ශයිත අවස්ථාව ය. කාරණයක් ඇති වූ කල්හි ඉපදීමට පැමිණි අවස්ථාව, චිත්තය හා උත්පාදස්ථිතිභංග යන අවස්ථාවන්ට පැමිණි අවස්ථාව, තවත් ක්‍රමයකින් කියතහොත් ජවන චිත්තය හා රූපාදි ආරම්මණයන් ගෙන ඉපද ඇති අවස්ථාව පර්ය්‍යුත්ථානාවස්ථාවය. එනම් නැඟී සිටීමය. අවදිවීමය. නැඟී සිටියා වූ කාමරාගාදීහු බොරු කීම් ආදිය සඳහා මුඛයත් අදත්තාදානාදිය සඳහා කයත් ක්‍රියා කරවති. ඒ අවස්ථාව ව්‍යතික්‍රමණ අවස්ථාවය. අනුසයයෝ ය යි කියනුයේ මේ අවස්ථා තුනෙන් ශයිත අවස්ථාවෙහි පවත්නා කාමරාගාදීන්ට ය. අනුශයයන් ලෝකෝත්තර මාර්ගයෙන් මිස අනිකකින් ප්‍රහාණය නො කළ හැකි ය."