267. තෙරුවන් සරණයි! නිවැරදි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "තෙරුවන් සරණයි" යන්නේ ඉංග්‍රීසි පරිවර්තනය ලෙස "Triple gems bless you" නිවැරදි ද?

A. Gem = “Any precious or highly valued thing or person (Figuratively)”
රත්නය = බොහෝ වටිනා හෝ අතිශයින් ඇගයුමට බඳුන් වූ (අතිශයින් වටිනා) ඕනෑම දෙයක් හෝ පුද්ගලයෙක් (වාච්‍යාර්ථයෙන් නොව රූපකාර්ථයෙන්).

ත්‍රිවිධ රත්නය / රත්නත්‍රය = Triple Gem (Triple Gems > GemS නොවේ).
[Triple Gem“s” ලෙස නොයෙදීමට වග බලා ගැනීම ද පුදුම සහගතය; මන්ද “ත්‍රිවිධ රත්න ම” එකක් ලෙස (as a whole / as a unit/set) “ත්‍රිවිධ රත්නය / රත්නත්‍රය” ගෙන, සමූහවාචී අර්ථයෙන් (in collective sense) යෙදීම අර්ථ ගම්භීර ය, එමෙන් ම ව්‍යාකර්ණානුකූල ය.]

“ත්‍රිවිධ රත්නය = Triple Gem” ලෙස කවුරුන් කෙසේ කවදා කළ’මුත්, මෙය ඉතා සුවිශේෂී - අද්විතීය - පරිපූර්ණ පරිවර්තනයකි. පුද්ගලයා / රට / සංස්කෘතිය ආදිය අනුව (ඉංග්‍රීසි) භාෂාව තේරුම් ගැනීම, ඒ ඒ අදාළ පාර්ශවයන් සතු දෝෂයක් විනා, භාෂාවේ හෝ පරිවර්තනයේ දෝෂයක් නොවේ. බොහෝ පදවල විවිධ වූ ද - ගැඹුරු වූ ද අරුත් දක්නට ලැබීම බෙහෙවින් ම සාමාන්‍යය ය.

The / Noble පද එකතුකොට යෙදීමේ දී (The Triple Gem / The Noble Triple Gem), “The” යන්න අන්‍යසම (unique) අර්ථයේ ද “Noble” යන්න අර්ථය වැඩිදියුණු කොට (intensifier) ගෞරවාර්ථයේ (honorific) ද, යෙදෙන බව කිව යුතු ය.

May The Noble Triple Gem Bless You !!!
ඔබට ඒ උතුම් අසමසම ත්‍රිවිධ-රත්නයේ ආශිර්වාදය ම වේවා !!!

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll