Q. චිත්තයේ පැවැත්මට හර්ධය උපකාරී වන බව සදහන් විභාවනි අටුවාවේ අන්තර් ගත කොටසෙහි ලින්ක් එකක් හෝ ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් ලබා දිය හැකිද?
A / R. මට හමු වූ පරිදි නම් “විභංග” අට්ඨකථාවෙහි ඇත්තේ භෞතිකවාදය මුල්කොටගත් විග්‍රහයකි.
සිත හා හදවත ගැන මනා හා සිත්ගන්නා සුළු විග්‍රහයක් දැනගැනීමට නම් “ධම්මසංගණී” අට්ඨකථාවෙහි චිත්තුප්පාද කාණ්ඩයෙහි අදාළ කොටස (මෙහි නම් පිටු 165-167 = 5) දිගින් දිගටම කියවිය යුතු බව මාගේ අදහස ය.
සිත හා හදවත ගැන මනා හා සිත්ගන්නා සුළු විග්‍රහයක් දැනගැනීමට නම් “ධම්මසංගණී” අට්ඨකථාවෙහි චිත්තුප්පාද කාණ්ඩයෙහි අදාළ කොටස (මෙහි නම් පිටු 165-167 = 5) දිගින් දිගටම කියවිය යුතු බව මාගේ අදහස ය.
Q & A. හිත තියෙන්නේ කොහේ ද යන්නට සරල - කෙටි හා ඍජු ම පිළිතුර අඩංගු වන්නේ පහත ගාථාවෙහි ය.
# "5.(37) දූරඞ‍්ගමං එකචරං අසරීරං ගුහාසයං
යෙ චිත‍්තං සඤ‍්ඤමෙස‍්සන‍්ති මොක‍්ඛන‍්ති මාරබන්‍ධනා.
"ගුහානම් චාතුර්මහාභූත ගුහාවෝයි. මේ සිතද හෘදයරූපය ඇසුරු කොට පවත්නා හෙයින් ගුහාසය යන නම ලැබීය."
"ගුහා නාම චතුමහාභූතගුහා, ඉදඤ‍්ච හදයරූපං නිස‍්සාය පවත‍්තතීති ගුහාසයං නාම ජාතං."
# "හදයවත්ථු හදයරූපං නාම."
"ගුහා (VRI English) - A cave; the heart"
# "5.(37) (යොදුන් දහසෙකින් දුර වූ ද අරමුණු ගන්නා බැවින්) දුරට යන්නා වූ ම, හුදෙකලා හැසිරෙන (එක් විට දෙසිතක් නො ඉපද එක් සිතක් ම උපදනා බැවින් එකක් ව ම හැසිරෙන), (අරූපී ධර්‍ම බැවින් පැහැ සටහන් නැත්නු යි) අශ්රිර වූ, (ශරීර නැමැති) ගුහායෙහි පවත්නා වූ සිත යම් කෙනෙක් සංවරයෙහි පිහිටුවද්ද, ඔහු මාරබන්‍ධනයෙන් (ත්‍රෛභූමක වෘත්තයෙන්) මිදෙන්නාහු ය."
# "එහි දූරංගමං යනු සිතෙන් මකුළුනූලක දෙයක් හෝ පෙරදිග ආදි දිසාභාගවලට යෑමක් නැත. කෙතෙක් දුරක වුවද තිබෙන අරමුණු දැනගනී යන අරුතින් දූරංගම නම් වෙයි. සිත් හත අටක් කැණිමඩක පරාල මෙන් පොකුරට එක් ක්ෂණයක උපදින්නට සමාර්ථ නැත. උපදින විට එකම සිතක් උපදී. එය නිරුද්ධ වූ පසු නැවත එකක් නැවත එකක් ලෙස උපදී. එහෙයින් ඒකවර නම් විය. සිතට ශරීර සටහනක් හෝ නීලාදි වශයෙන් වර්ණ භේදයක් හෝ නැතැයි අසරීර නම් විය. ගුහානම් චාතුර්මහාභූත ගුහාවෝයි. මේ සිතද හෘදයරූපය ඇසුරු කොට පවත්නා හෙයින් ගුහාසය යන නම ලැබීය. යෙ චිත්තං යනු යම් කිසි පුරුෂයෝ හෝ ස්ත්‍රීහු හෝ ගිහියෝ හෝ පැවිද්දෝ හෝ නූපන් කෙලෙස්වලට උපදින්ට නොදෙමින් සිහියෙන් උපන් කෙලෙස් හැරදමන්නාහු වෙත් නම් චිත්තං සඤ්ඤමෙස්සන්ති සංයතං අවික්ඛිත්තං කරිස්සන්ති මොක්ඛන්ති මාරබන්ධනාති, යනු ඒ සියලු ක්ලේශයන්ගේ අභාවයෙන් මාරබන්ධන සංඛ්‍යාත ත්‍රිභූමක සංසාර පැවැත්මෙන් මිදෙන්නෝ වෙත්."
"තත්‍ථ දූරඞ‍්ගමන‍්ති චිත‍්තස‍්ස හි මක‍්කටසුත‍්තමත‍්තකම‍්පි පුරත්‍ථිමාදිදිසාභාගෙන ගමනාගමනං නාම නත්‍ථි, දූරෙ සන‍්තම‍්පි පන ආරම‍්මණං සම‍්පටිච‍්ඡතීති දූරඞ‍්ගමං නාම ජාතං. සත‍්තට‍්ඨචිත‍්තානි පන එකතො කණ‍්ණිකබද‍්ධානි එකක‍්ඛණෙ උප‍්පජ‍්ජිතුං සමත්‍ථානි නාම නත්‍ථි. උප‍්පත‍්තිකාලෙ එකෙකමෙව චිත‍්තං උප‍්පජ‍්ජති, තස‍්මිං නිරුද‍්ධෙ පුන එකෙකමෙව උප‍්පජ‍්ජතීති එකචරං නාම ජාතං. චිත‍්තස‍්ස සරීරසණ‍්ඨානං වා නීලාදිප‍්පකාරො වණ‍්ණභෙදො වා නත්‍ථීති අසරීරං නාම ජාතං. ගුහා නාම චතුමහාභූතගුහා, ඉදඤ‍්ච හදයරූපං නිස‍්සාය පවත‍්තතීති ගුහාසයං නාම ජාතං. යෙ චිත‍්තන‍්ති යෙ කෙචි පුරිසා වා ඉත්‍ථියො වා ගහට‍්ඨා වා පබ‍්බජිතා වා අනුප‍්පජ‍්ජනකකිලෙසස‍්ස උප‍්පජ‍්ජිතුං අදෙන‍්තා සතිසම‍්මොසෙන උප‍්පන‍්නකිලෙසං පජහන‍්තා චිත‍්තං සංයමෙස‍්සන‍්ති සංයතං අවික්ඛිත්තං කරිස්සන්ති. මොක්ඛන්ති මාරබන්‍ධනාති සබ‍්බෙතෙ කිලෙසබන්‍ධනාභාවෙන මාරබන්‍ධනසඞ‍්ඛාතා තෙභූමකවට‍්ටා මුච‍්චිස‍්සන‍්තීති."
https://tipitaka.lk/atta-kn-jat-22-3/72-4/sinh
චිත්ත සන්තතිය හදවතේ ශක්තිය නිසාම පැවතුණේය."
# "මෙහි වනාහි ‘හදයරූප’ යයි යම් උපාදාරූපයෙක් ඇත්ද, එය වත්‍ථු (හෙවත් යමක් රඳවා ගෙන සිටින දෙයක්) නමි, එය ද්වාරයෙක් නොවේ; විඤ්ඤත්ති දෙක ද්වාර යි, වත්‍ථු නොවේ, පසාදරූප වස්තු මෙන්ම ද්වාරද වන හෙයින් වත්‍ථුද්වාර යි, සෙසුරූප වස්තුද ද්වාරද නොවන හෙයින් අවත්‍ථුඅද්වාරයි. මෙසේ වත්‍ථාදි චතුක්ක වශයෙන් සිවුවැදෑරුම් වේ."
"යං ¶ පනෙත්ථ හදයරූපං නාම, තං වත්ථු න ද්වාරං. විඤ්ඤත්තිද්වයං ද්වාරං න වත්ථු. පසාදරූපං වත්ථු චෙව ද්වාරඤ්ච. සෙසං නෙව වත්ථු න ද්වාරන්ති එවං වත්ථාදිචතුක්කවසෙන චතුබ්බිධං."
# "හදය වත්‍ථු රූපය.
සත්ත්වයෝ යම් රූපයක් කරණ කොට ගෙනැ අර්ථ හෝ අනර්ථ හදත් ද පුරත් ද එය හදය යි කියනු ලැබේ. චිත්ත චෛතසික එහි වසන බැවින් එයට වත්‍තු ය යි ද කියනු ලැබේ. හදය වූයේත් එ ම වත්‍ථු වූයේත් එම නු යි. සමාස වශයෙන් ගෙනැ හදයවත්‍ථු ය යි කියන ලදි. මනෝ ධාතු මනොවිඤ්ඤාණධාතූන්ට නිශ්‍රය වූ ස්ථාන යයි. එය හෘදය කොෂාභ්‍යන්තරයෙහි අඩ පතක් පමණ ලෙය ඇසුරු කොට පවත්නේ ය යි ආචාර්යවරයෝ දැක්වූහ.
බුදුරජාණන් වහන්සේ මේ රූපය ධම්මසංගණියෙහි නො වදාළ සේක. “වත්‍ථු කුසලානං ඛන්ධානං නිස්සය පච්චයෙන පච්චයො. වත්‍ථු අකුසලානං ඛන්ධානං නිස්සය පච්චය යෙන පච්චයො” යනාදීන් පට්ඨානයෙහි වදාළසේක.
මනොධාතු මනොවිඤ්ඤාණධාතූන්ට නිශ්‍රයස්ථානය හෘදය - පපුව නොවැ මොළය යි. ඇතැම්හු කියති. එස හෘදය (පපුව) ම බව අටුවාහි ස්ථිර සේ දක්වත්.
පර සිත් බලන සෘද්ධිමත්හු මේ වස්තු රූපයේ පැහැය බලා මොහුගේ සිත දැන් රාග සහිතය, මොහුගේ සිත රාග සහිතය, මොහුගේ සිත ද්වේෂ මෝහ විතර්කාදි සහිත ය මොහුගේ සිත ද්වේෂ මෝහ විතර්කාදි රහිත ය යි කියන්නට සමර්ථ වෙත්. ඒ එසේ මැ යි. සිත සොම්නස් කල්හි වත්‍ථු රූපය පිහිටි ලෙය පැසුණු නුග ඵලයක් සේ රත් පැහැ ය. දොම්නස් කල්හි කළු පැහැ ය. උපෙක්‍ෂා කල්හි පහන් තල තෙලක් බඳු ය. අරූපාවචරයන්ට වත්‍ථු රූප නැති බැවින් ඔවුන්ගේ සිත බැලීම විශේෂ සෘද්ධි විෂයෙකැ යි දතයුතු."
"මේ ඥානය ඉපැදවියයුතු වනුයේ කෙසේද? මෙය වනාහි දිබ්බචක්‍ඛු ඤාණ වශයෙන් සිද්ධවේ. එම ඥානය මෙයට පිරියම් වන්නේය; එහෙයින් එම භික්‍ෂුව විසින් ආලෝක කසිණය වඩා දිවැසින් අන්පුද්ගලයකුගේ හෘදයරූපය ඇසුරු කොට පවත්නා ලෝහිතයෙහි වර්ණය බලමින් සිත සෙවිය යුතුය, යම් විටෙක සොම්නස් සිතක් පවත්නේද, එවිට ඉදුණු නුග පලයෙක වර්ණය මෙන් රක්ත-වර්ණ වේ; යම් විටෙක දොම්නස් සිතක් පවත්නේද, එවිට ඉදුණු දඹපලයෙක වර්ණය මෙන් කාලවර්ණ වේ; යම්විටෙක උපේක්‍ෂා සිතක් පවත්නේද, එවිට තලතෙල් මෙන් පෑදුණු වර්ණ ඇත්තේ වේ; එහෙයින් මේ භික්‍ෂුව විසින් ‘මේ හෘදයරූපය සොම්නස් සහිත ඉන්‍ද්‍රියයෙන් හටගත්තේය, මේ හෘදයරූපය දොම්නස් සහිත ඉන්‍ද්‍රියයෙන් හටගත්තේය, මේ හෘදයරූපය උපේක්‍ෂා සහිත ඉන්‍ද්‍රියයෙන් හටගත්තේය’යි අන්‍යයන්ගේ හෘදය-ලෝහිත-වර්ණය බලමින්, සොයමින් චේතෝපරියඤාණය තර කළයුතුය. මේ ආකාරයෙන් චේතෝපරියඤාණය තර කරගත් කල අනුපිළිවෙළින් කාමාවචර වූද, රූපාවචර-අරූපාවචර වූද සියලු සිත් දැනගනියි. තමාගේ සිත අනිකාගේ සිත තුළ හසුරුවමින් හෘදයරූපය දැකීමෙන් තොරවද දැනගනියි. අටුවාවෙහි කියන ලද්දේමය: “අරූපධ්‍යාන විෂයෙහිදී අන්‍යයාගේ සිත දන්නා කැමැත්තේ කවරකුගේ හෘදයරූපය දක්නේද? කවරකුගේ ඉන්‍ද්‍රියවිකාරය බලන්නේද? කිසිවකුගේ හෝ නොදකියි, නොබලයි, යම්කිසි භූමියෙක සිතක් ආවර්ජනය කරමින් සොළොස් ආකාර සිත දනී නම්, මේ සෘද්ධිවිෂයයි. නොකරන ලද අභිනිවේශ (භාවිත) ඇත්තහුගේ වශයෙන් මෙසේ (හෘදයරූප වශයෙන්) කියනලදී” යනුවෙනි."