Q. සබ්බං භික්ඛවේ අනිච්චං ලෙස දක්වන සූත්‍රයක් තිබේද?
(“මහණෙනි, සියල්ල අනිත්‍ය වෙයි. මහණෙනි, කවර නම් සියල්ලක් අනිත්‍යද? ...”)
[43 >>> 51]
{"අනිච්චධම්ම සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’මහණෙනි, සියල්ල අනිත්‍ය වෙයි. මහණෙනි, කවර නම් සියල්ලක් අනිත්‍යද?
’’මහණෙනි, ඇස අනිත්‍යය. රූපයෝ අනිත්‍යයෝය. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.
’’මහණෙනි, කණ අනිත්‍යය. ශබ්දයෝ අනිත්‍යයෝය. සෝත විඤ්ඤාණය අනිත්‍යය. සෝත සම්ඵස්සය අනිත්‍යය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.
’’මහණෙනි, නාසය අනිත්‍යය. ගන්‍ධයෝ අනිත්‍යයෝය. ඝාණ විඤ්ඤාණය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.
’’මහණෙනි, දිව අනිත්‍යය. රසයෝ අනිත්‍යයහ. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වේ. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.
’’මහණෙනි, කය අනිත්‍යය. ස්පර්‍ශයෝ අනිත්‍යයෝය. කාය විඤ්ඤාණය අනිත්‍යය. කාය සම්ඵස්සය අනිත්‍යය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.
’’මහණෙනි, සිත අනිත්‍යය. ධර්මයෝ අනිත්‍යයෝය. මනෝ විඤ්ඤාණය අනිත්‍යය. මනෝ සම්ඵස්සය අනිත්‍යය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.
’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.
’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.
’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.
’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.
’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.
’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ’’ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය’’ යි (වදාළ සේක.)"}