593. “බැරි වෙලාවත්” නරක සිතුවිල්ලක් ආවොත්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සොවාන් කෙනෙකු සතර අපායෙන් සදහටම මිදේ. සසර ගමන හව හතකට හෝ ඊට අඩු ප්‍රමානයකට සීමා වේ. උතුම් අරිහත් පලය ලබා ගැනීම සදහා පලමු ජය කනුව සම්පුර්න කොට ඇත. මරනාසන්න වන විට යම් කෙනෙකු හට ඇති වන සිත්විල්ල අනුව ඊලග උප්පත්තිය (භවය) සිදු වේ. නරක සිතුවිල්ලක් නම් දුගතියකද, යහපත් සිතුවිල්ලක් නම් සුගතියකද උත්පත්තිය සිදු වේ. මා හට ඇති ගැටලුව වන්නේ සෝවාන් උත්තමයකුට මරනාසන්න අවස්තාවේදි ඇති වන සිතුවිල්ල යහපත් එකක්ම්ද යන්නයි. නරක සිතුවිල්ලක් එම උත්තමයන්ට සිහි වෙනවාද යන්නයි. නරක සිතුවිල්ලක් සිහි වූවත් සතර අපායෙන් මිදේද යන්නයි, කරුනාවෙන් පහදිලි කර දෙන්න. තෙරුවන් සරනයි...

A. සෝවහන් උතුමන් මැරෙන වෙලාවේ දී “බැරි වෙලාවත්” නරක සිතුවිල්ලක් (සිතක්) එන්නේ ම නෑ - හොඳ සිතුවිල්ලක් (සිතක්) ම යි එන්නේ.

[“කාමාවචර ඥාන සම්ප්‍ර‍යුක්ත මහා කුසල් හතර” කියන සිත් හතරෙන් එකක් ම තමයි සෝවහන් උතුමන් (කොයි වෙලාවේ, කොතැනක දී, කොහොම මැරුණත්,) මැරෙන වෙලාවේ දී අවසාන සිත විදිහට ඇතිවෙන්නේ.]

{ජවන් සිත් මත පිහිටා පිළිතුර ලබා දී ඇත.}

Q. මහා කුසල් සිත් හතර පිලිබදව පැහදිලි කරන්න පුලුවන් ද?

A. මහා කුසල් සිත් නං අටක් තියනවා. පිං-කුසල් තියනවා, ඒවා කරාම හොඳ විපාක ලැබෙනවා කියලා හිතලා ම හෝ එහෙම හිතිලා ම හෝ කරන දස-කුසල් හා දස-පුණ්‍යක්‍රියා කරනකොට ඇතිවෙන සිත් හතර.

[https://pitaka.lk/books/abhidharma-margaya/2-12.html]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll