973. ආර්ය මෛත්‍රිය හා අනාර්ය මෛත්‍රිය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. යාලුවනේ! ආර්‍ය මෛත්‍රිය කියල දෙයක් තියෙනවද? එය බුදුරජාණන් වහන්සෙ විසින් දේශනා කළ දෙයක්ද? නැතහොත් බුදුරදුන් විසින් දේශනා කළ අතිශය නිරවද්‍යම මෛත්‍රී භාවනාව කුමක්ද යන වග කරුණාවෙන් පහදා දෙන්න.

A. “(ප්‍රදෙශ) සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තියෙක් ඇත. (ප්‍රදෙශ) සීමා සහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තියෙක් ඇත. දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තියෙක් ඇත.

[2] “සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කී අයුරකින් වේද, දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කී අයුරකින් වේද?

“සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය පස් අයුරකින් වේ. සීමා සහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය අට අයුරකින් වේ. දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය දශ අයුරකින් වේ. (ප්‍රදෙශ) සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කවර පස් අයුරකින් වේද, යත්:- සියලු සත්වයෝ (ii) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා, (iii) සියලු ප්‍රාණීහු (මෙහි (ii) යොදන්න) සියලු භූතයෝ සියලු පුද්ගලයෝ සියලු ආත්මභාවයට ඇතුළත්වූවෝ වෛර රහිතවූවෝ ව්‍යාපාද රහිත වූවෝ දුක් රහිත වූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වායි ප්‍රදෙශ සීමා රහිතව පතුරුවන මෛත්‍රි චිත්ත විමුක්තිය මේ පස් අයුරෙන් වේ.

[3] (ප්‍රදෙශ) සීමා සහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කවර අට අයුරකින් වේදයත් :- සියලු ස්ත්‍රීහු (ii) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාවය පරිහරණය කෙරෙත්වා (iii) සියලු පුරුෂයෝ (මෙහි (ii) යොදන්න) සියලු ආර්යයෝ, සියලු අනාර්යයෝ, සියලු දෙවියෝ, සියලු මනුෂ්‍යයෝ, සියලු විනිපාතිකයෝ (අපායගතවූවෝ) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ, දුක් රහිත වූවෝ සුවපත්ව ආත්ම පරිහරණය කෙරෙත්වායි (ප්‍රදෙශ) සීමා රහිතව පතුරුවන මෛත්‍රීචිත්ත විමුක්තිය මේ අට අයුරින් වේ.

[4] “දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කවර දශ අයුරකින් වේද? සියලු පූර්ව දිශාවෙහි සත්වයෝ (ii) වෛර රහිතවූවෝ ව්‍යාපාද රහිතවූවෝ, දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා, (iii) සියලු පශ්චිම දිශාවෙහි සත්වයෝ (මෙහි (ii) යොදන්න) සියලු උත්තර දිශාවෙහි සත්වයෝ සියලු දක්ෂිණ දිශාවෙහි සත්වයෝ සියලු පූර්ව අනුදිශාවෙහි සත්වයෝ සියලු පශ්චිම අනුදිශාවෙහි සත්වයෝ සියලු උත්තර අනුදිශාවෙහි සත්වයෝ සියලු දක්ෂිණ අනුදිශාවෙහි සත්වයෝ සියලු අට දිශාවෙහි සත්වයෝ සියලු මතු දිශාවෙහි සත්වයෝ (iv) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා.

[5] “සියලු පූර්ව දිශාවෙහි ප්‍රාණීහු (මෙහි 4 ඡේදයේ (iv) යොදන්න) භූතයෝ පුද්ගලයෝ ආත්මභාව පර්යාපන්නයෝ (ශරීර ඇත්තෝ) සියලු ස්ත්‍රීහු සියලු පුරුෂයෝ සියලු ආර්යයෝ සියලු අනාර්යයෝ සියලු දෙවියෝ සියලු මනුෂ්‍යයෝ සියලු විනිපාතිකයෝ වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිත වූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා. සියලු පශ්චිම දිශාවෙහි විනිපාතිකයෝ (අපායගතවූවෝ) සියලු උත්තර දිශාවෙහි විනිපාතිකයෝ සියලු දක්ෂිණ දිශාවෙහි විනිපාතිකයෝ සියලු පූර්ව අනුදිශාවෙහි විනිපාතිකයෝ සියලු පශ්චිම අනු දිශාවෙහි විනිපාතිකයෝ සියලු උත්තර අනුදිශාවෙහි විනිපාතිකයෝ සියලු දක්ෂිණ අනුදිශාවෙහි විනිපාතිකයෝ සියලු හෙට්ඨිම අනුදිශාවෙහි විනිපාතිකයෝ සියලු උපරිම අනුදිශාවෙහි විනිපාතිකයෝ වෛර රහිතවූවෝ ව්‍යාපාද රහිත වූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා. දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය මේ දස අයුරෙන් වේ.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll