239. විවාහය / ආදරය ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අවිවාහක බව, විවාහයන් පමාව සිදු වෙන්නේ පෙර අකුසලයටද? ඵ් පව් යටපත් කරන්නේ කොහොමද?

A. පිං/කුසල් හෝ ප්‍රර්ථනා බලය නිසාද මෙය සිදුවිය හැක. එසේම ...
“ආදරය නො ලැබීමට, විවාහය ප්‍රමාද වීමට හේතු මොනවා ද?
සම්බුද්ධ දේශනාවල පෙන්වා දෙන ආකාරයට සසරේ ගමන් කරන සත්වයා කර්මානුරූපවයි සැප දුක් විඳින්නේ. ඒ අනුව පෙර ජීවිතවල දී වැරදි කාම සේවනයේ යෙදී තිබීමත්, අඹු සැමියන්ගේ සමඟිය බිඳවීම පිණිස කේළාම් කීමත් කර්මානුරූපව ආදරය නොලැබීමටත්, විවාහ ප්‍රමාදවීමටත්, විහාහ ජීවිත අසාර්ථක වීමටත් හේතුවිය හැකියි.” (උපුටා ගැනීමකි.)

A. “කාමය වරදවා හැසිරුණ කෙනෙක් අපායේ උප්පත්තිය නොලැබුනොත් (අපායේ ඉපදුනොත් නොයෙක් දුක් විඳලා, තිරිසන් වෙලා බීජෝත්පාටන ආදී දුක් ලබනවා), කාමය වරදවා හැසිරීමේ විපාක හැටියට එයාට නින්දා අපහස දුක් වැඩි වෙනවා, සතුරෝ වැඩි වෙනවා, රෝග වැඩි වෙනවා, තමන් කැමති සහකාරියව/සහකරුවව නොලැබී යනවා, ගැහැණියක් නම් ගැහැණු ආත්ම භාවයෙන් මිදෙන්නේ නෑ, පිරිමියෙක් නං ගැහැණියෙක් වෙනවා, ලිංග විපර්යාස ඇතිවෙනවා ... ආදී නොයෙක් දුක් මෙලොව පරලොව විඳින්න වෙනවා.
එහෙත් (මං නිතරම හැමෝටම කියනවා වගේ) අකුසල් කරපු කෙනෙක්, කළ අකුසල් ගැන පසුතැවිලි නොවන ගමන්, කළ කුසල් නිතර නිතර සිහි කරනවා නම්; එසේම, වක්‍රව හෝ ඍජුව කළ/සම්බන්ධ වූ අකුසල් වලට ප්‍රතිවිරුද්ධ කුසල් වක්‍රව හෝ ඍජුව බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම කරනවා නම්; (බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) පස්පව්, දස අකුසල් ආදී සෑම පවක්ම/අකුසලයක්ම දිවිහිමියෙන් දුරු කරනවා නම්; (බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) දාන, සීල, භාවනා––ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍යක්‍රියා ආදී සෑම පිනක්/කුසලයක්ම දිවිහිමියෙන් පුරුදු කරනවා නම්, වඩවා නම්, ධාර්මිකව හැසිරෙනවා නම් එයට පුළුවන් තමන් කරපු ඕනෑම අකුසලයක් (“ගරුක කර්ම” හැර) “අහෝසි කර්ම” ගණයට පත්කරන්න හෝ අකුසල් වල විපාක ශක්තිය අඩු කරන්න.
මිනීමරුවෝ, සල්ලාලයෝ, බේබද්දෝ, ගණිකාවෝ ... වගේ සමාජ සම්මත නරක චරිත පවා මාර්ග ඵල පවා ලබා ගත්තේ ඉහත ක්‍රමය නිසා (මෙය එක් ක්‍රමයක් පමණි). මාර්ග ඵල වලින් නං බොහෝ අකුසල්/ අකුසල් විපාක (කුසල් පවා) “අහෝසි කර්ම” ගණයට පත් වෙනවා.
කෙනෙක්ට තියන පෙර පිං, කන බොන දේ, මානසික ශක්තිය, ජාන, පරිසරය, ධර්ම ඥානය, දැනුම, බුද්ධිය ... කියන ප්‍රධාන කාරණා මත එයාට මොන (පෙර/සංසාරේ) අකුසලය කරත් සම්පූර්ණයෙන්ම ජීවිතය වෙනස් කර ගැනීමේ හැකියාව තියනවා.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll