298. සෙක්ස් ගැන හිතෙනවා වැඩියි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සිතට ඇති වන දැඩි රාග සහ කාම සිතුවිලි ප්‍රහීන කර ගන්නේ කෙසේද?

A / R. “මහණෙනි, යම්සේ අසුභනිමිත්තක් (රාගය තුනී කරණ අරමුණක්) නිසා නූපන් කාමච්ඡන්දය (පඤ්චකාමයන් කෙරෙහි ආසාව) හෝ නූපදී ද, උපන් කාමච්ඡන්දය හෝ විනාසයට යේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. අසුභ නිමිත්ත නුවණින් මෙනෙහිකරන්නා තුළ (පෙර) නූපන් කාමච්ඡන්දයත් නූපදන්නේය, උපන් කාමච්ඡන්දයත් විනාසයට යන්නේය.”https://pitaka.lk/?node=26110&para=16&coll=cs,aps

… “මහණෙනි, නැවතද මහණතෙම පාද තලයෙන් උඩ හිසකේ මුදුනෙන් යට හම කෙළවරකොට ඇති නානාවිධ අසූචියෙන් පිරුණාවූ, මේ කයම නුවණින් බලයි. …. “මහණෙනි, නැවතද මහණතෙම මැරී එක් දවසක් ගියාවූ හෝ දෙදවසක් ගියාවූ හෝ තුන් දවසක් ගියාවූ හෝ ඉදිමුණාවූ, නිල්වූ, සැරව වැගිරෙන්නාවූ අමුසොහොනෙහි දමනලද ශරීරයක් යම්සේ දක්නේද, ඒ මහණතෙම මේ කය ඒ හා සමාන කර බලන්නේය. …” …
https://pitaka.lk/main?n=16185&p=377
https://pitaka.lk/main?n=16186
https://pitaka.lk/main?n=16187
https://pitaka.lk/?node=20119&coll=cs,aps

https://pitaka.lk/main?n=401241
["අසුභානුපස්සී, භික්ඛවෙ, කායස්මිං විහරථ; ආනාපානස්සති ච වො අජ්ඣත්තං පරිමුඛං සූපට්ඨිතා හොතු;"]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll