426. දුක්ඛාර්ය සත්‍ය නොවීම?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අභිදර්ම ක්‍රමයට අනුව දුක්ක ආර්ය සත්ය විස්තර කිරීමෙදී ලෞකික සිත් 81 ත් ලෝබය හැර ඉතිරි චතසික 51 ත් රූප28 ත් යන පරමාර්ත සමූහය දුක්ක සත්ය ලෙස විස්තර වේ. ලොකොත්තර සිත් 8 ත් ඒ හා යෙදෙන චයිතසිකත් දුක්ක සත්යට අයත් නොවේ. අනිත්ය දුක්ක අනාත්ම යන තිලක්ශනයෙන් යුත් මේ ලොකොත්තර දර්ම දුක්ක ආර්ය සත්යට ඇතුලත් නොවීමට හේතුව කුමක්ද? ඒවා මම මාගේ යැයි උපාදානය හසු නොවීමද?

A / R. ඔව්.
“… රූපාදිය මගේ ය කියා ද මම ය කියා ද තදින් ගන්නා තෘෂ්ණා දෘෂ්ටි දෙක උපාදාන නම් වේ. සම්පූර්ණ පඤ්චස්කන්ධය ම උපාදානයන් ගේ ගැන්මට හසු නො වේ. උපාදානයන්ගේ ගැන්මට හසු වන්නේ උපාදානයන්ගේ පැවැත්මට ස්ථාන වන්නේ ලෞකික ධර්මයන්ය. ලෝකෝත්තර ධර්ම උපාදානයන්ට හසු නොවේ. …”

(“කොටින් චතුරාර්‍ය්‍ය සත්‍යය
ලෞකික සිත් එක් අසූව ය, චෛතසික එක් පනස ය, රූප විසි අට ය යන මේවා දුඃඛ සත්‍යය ය. තෘෂ්ණාව හෙවත් ලෝභ චෛතසිකය සමුදය සත්‍යය ය. නිවන නිරෝධ සත්‍යය ය. ලෝකෝත්තර කුසල් සිත් සතරෙහි යෙදෙන සම්මාදිට්ඨි ආදි මාර්ගාඞ්ග අට මාර්ග සත්‍ය ය.
ලෝකෝත්තර කුසල්සිත් සතර ය, ඒවායේ යෙදෙන මාර්ගාඞ්ග අටෙන් අන්‍ය වූ චෛතසිකයෝ ය. ඵල සිත් සතර හා ඒවායේ යෙදෙන චෛතසිකයෝ ය. යන මේ ධර්මයෝ සත්‍ය සඞ්ග්‍ර‍හයට ඇතුළත් නො වෙති. චතුරාර්‍ය්‍ය සත්‍යයට අයත් නො වෙති.”)


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll