663 - හොල්මන් / අවතාර?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුද්ධ දර්ශනයට අනුව අවතාර(හොල්මන්) පිලිබදව පහදා දෙන්න. තෙරුවන් සරණයි

A.  {“මෙහි ලෝකය යන්නෙන් අදහස් කලේ කොටස, වර්ගය යන බව දත යුතු ය. තවත් මස්පිඩු වැනි ශරීර ඇති ප්‍රේතයෝ, ඇට සැකිළි බඳු ශරීර ඇති ප්‍රේතයෝ, සම නැති ප්‍රේතයෝ කටින් දුඟද හමන පූතිමුඛ ප්‍රේතයෝ ආදී බොහෝ ප්‍රේත කොටස් ඇත. ලක්ඛණ හිමි මෙවැනි විවිධ ප්‍රේතයන් විසිඑක් දෙනෙකු දැක ඇත. ප්‍රේත වස්තු ප්‍රකරණයේ ප්‍රේතයන් ගේ දුක්බර කථා පනස් එකක් දක්වා ඇත. දූෂිත සිතින් කරන කියන දෙයෙහි දුක්බර අඳුරු විපාක දැක්වීමට මෙහිලා ඉන් කිහිපයක් දක්වන්නෙමි.

• සෙම සොටු ආහාර කොට ඇති වත්තාස නම් ප්‍රේත ලෝකය.
• මිනිසුන් ගේ හා සතුන් ගේ මළකුණු ආහාර කොට ඇති කුණපාස නම් ප්‍රේත ලෝකය.
• අසූචි ආහාර කොට ඇති ගූථඛාදක නම් ප්‍රේත ලෝකය.
• කටින් නික්මෙන්නා වූ ගිනිදැල් ඇති අග්ගිජාල මුඛ නම් ප්‍රේත ලෝකය.
• ඉදිකටු මලකය පමණ වූ මුඛයක් ඇති මහා සැළියක් පමණ බඩ ඇති සුවිමුඛ ප්‍රේත ලෝකය.
• සාගින්නෙන් හා පිපාසයෙන් නිතර පෙළෙන බැවින් ආහාර පාන ආශාවෙන් පෙළෙන තණ්හට්ටිත පේ්්‍රත ලෝකය.
• ගින්නේ දා ගිය කණුවක් මෙන් වියළී ගිය ශරීර ඇති සුනිජ්ඣාමක නම් ප්‍රේත ලෝකය.
• ආයුධ වැනි වූ තියුණු තමාගේ ශරීරයම කැපෙන නිය ආදී ශරීර අවයව ඇති සත්‍ථංඟ ප්‍රේත ලෝකය.
• පර්වත තරම් විශාල ශරීර ඇති පබ්බතංග ප්‍රේත ලෝකය.
• පිඹුරන් ගේ ශරීර වැනි ශරීර ඇති අජගරංග ප්‍රේත ලෝකය.
• විමානවල ඉපිද සැපදුක් දෙකම කලින් කල විඳින්නා වූ වේමානික ප්‍රේත ලෝකය.
• කැලෑවල වාසය කරන්නා වූ මහත් වු සෘද්ධි ද ඇති මහිඬික නම් ප්‍රේත ලෝකය.”}

https://pitaka.lk/books/karma-vipaka/6-6.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll