173. ඉෂ්ටාරම්මණ අනිෂ්ටාරම්මණ අතිඉෂ්ටාරම්මණ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ඉෂ්ටාරම්මන, අනිෂ්ටාරම්මන සහ අතිඉෂ්ටාරම්මන පිලිබදව සදහන් සුත්‍ර මොනව ද?

A / R. "ඉෂ්ට හෙවත් හොඳ රූප ශබ්දාදි ආරම්මණයන් ප්‍ර‍සාදවල ගැටුණු කල්හි කුශල විපාක පඤ්චවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණයෝ උපදිති. අනිෂ්ට හෙවත් නරක රූප ශබ්දාදිය ද්වාරයන්ට මුණ ගැසුණු කල්හි අකුශල විපාක පඤ්ච විඤ්ඤාණ සම්පටිච්ඡ සන්තීරණ තදාරම්මණයෝ වෙති. ආරම්මණය ඉතා ම හොඳ වන කල්හි සෝමනස්ස සහගත සන්තීරණ තදාරම්මණයෝ වෙති.

ඉතා ම නරක දෙයක් වන අසූචියත් සමහර සත්තු හොඳ සැටියට සලකති. බොහෝ සම්පත් ඇති ඇතැම්හු සමහර හොඳ දේව්ල ද නරක ලෙස සලකති. එබැවින් අරමුණුවල හොඳ නරක බව තීරණය කිරීම දුෂ්කර ය. ඒවායේ හොඳ නරක බව මධ්‍යම ජනයාගේ සැලකීම අනුව කළ යුතු බව අටුවාවේ දක්වා ඇත්තේ ය.

අරමුණ ගැන පුද්ගලයා ගේ අදහස කුමක් වුවත් හොඳ අරමුණෙහි ඇති වන්නේ කුශල විපාක සිත් ය. එසේ ම නරක අරමුණෙහි ඇති වන්නේ ද අකුශල විපාක සිත් ය. පුද්ගලයන්ට වැරදි අදහස් ඇති වූවාට කර්මයට හා විපාකයට වැරදීමක් නො වේ. එබැවින් බුදුන් වහන්සේ ගේ ශරීරය දැකීමට පවා නුසුදුසු නො මනා අරමුණක් ලෙස සලකන මිසදිටුවන්ට බුද්ධ දර්ශනයේ දී කුශල විපාක වූ ම චක්ඛුවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණයෝ වෙති. නරක දෙයක් වූ අසූචිය ප්‍රිය කරන සත්ත්වයාට අසූචිය දැකීමේ දී ඇති වන්නේ ද අකුසල විපාක චක්ඛුවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණයෝ ය.

ජවනය පුද්ගලයන්ගේ අදහස් අනුව ඇති වන්නකි. කුශලාධ්‍යාශය ඇති කුශලයට කැමති අයට හොඳ නරක මධ්‍යම සියලු අරමුණුවලදී ම කුශල ජවනයන් ඇති විය හැකි ය. ධර්මයෙන් ඈත්ව යෝනිසෝමනසිකාරයෙන් තොර ව පවෙහි ඇලී වාසය කරන්නවුන්ට සියලු ම අරමුණුවල අකුසල ජවන් ඇතිවිය හැකි ය. රහතුන්ගේ වීථිවල ක්‍රියා ජවන් ඇති වේ."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll