644 - කටුවකි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ධ්‍යාන වඩන්න නම් හුදකලා වෙන්නම ඕනෙද?
ධ්‍යාන වැඩීමට ඇති බාධා මොනවාද? තෙරුවන් සරණයි..!

A / R. “උසස් විවේකයෙහි ඇලුනහුට සමූහය මැද ඇලෙන බව කටුවකි. අශුභ නිමිති භාවනාවේ යෙදුනහුට ශුභ නිමිත්තෙහි යෙදීම කටුවකි. ඉන්‍ද්‍රයයන්හි වසන ලද දොර ඇත්තහුට විසුළු දැකීම කටුවකි. බ්‍රහ්මචාරී පුද්ගලයාට ස්ත්‍රීන් පිරිවැරීම කටුවකි. ප්‍රථම ධ්‍යානයට ශබ්දය කටුවකි. දෙවෙනි ධ්‍යානයට විතර්‍කය හා විචාරය (සිත යෙදීම, හැසිරවීම) කටුවකි. තුන්වෙනි ධ්‍යානයට ප්‍රීතිය කටුවකි. සතරවෙනි ධ්‍යානයට ආශ්වාශ ප්‍රශ්වාශයෝ කටුය. හැඟීම් හා විඳීම් නැතිකිරීමේ සමවතට සංඥාවද, වේදනාවද කටු මෙනි. රාගය කටුවකි. මොහය කටුවකි.”
https://suttacentral.net/an10.72/si/zoysa

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll