566. "සුදු ඇඳගෙන කළු ඇවිදින්" ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අවසරයි!
කුක්කුරවතිය සූත්‍රය
“පුණ්ණය, කෘෂ්ණ නොවූ, ශුක්ල නොවූ, කෘෂ්ණ ශුක්ල නොවූ විපාකද නැති කර්මය කර්මක්ෂය පිණිස පවතියිද, ඒ කර්මය කවරේද? පුණ්ණය, ඒ ත්‍රිවිධ කර්මයන් අතුරෙන් කෘෂ්ණවූ කෘෂ්ණ විපාක ඇත්තාවූ යම් මේ කර්මයක් වේද, එය දුරු කිරීම පිණිස යම් චෙතනාවක් වේද, ශුක්ලවූ ශුක්ල විපාක ඇත්තාවූ යම් මේ කර්මයකුත් ඇද්ද ඔහුගේ දුරු කිරීම පිණිස යම් චෙතනාවක් වේද, කෘෂ්ණ ශුක්ලවූ කෘෂ්ණ ශුක්ල විපාක ඇත්තාවූ යම් මේ කර්මයකුත් ඇද්ද, එය දුරුකිරීම පිණිස යම් චෙතනාවක් වේද, පුණ්ණය, මෙය කෘෂ්ණද නොවූ ශුක්ලද නොවූ, කෘෂ්ණ ශුක්ල විපාකද නැති කර්මය කර්මක්ෂය පිණිස පවතියිද ඒ මේ කර්මයයි කියනු ලැබේ. පුණ්ණය, මේ කර්ම සතර වනාහි මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන ලද්දාහුය”යි (වදාළේය.)
මෙහි (සිව් වැනිව) කර්මක්ෂය පිණිස යැයි වදාළ කර්මය පිළිබඳ පහදා දෙන්න
තෙරුවන් සරනයි!

A. කළු-සුදු නොවන කර්ම = (සෝවහන් ආදි) මාර්ග සිත් (හි චේතනා) 4 හෝ අරහත් මාර්ග සිත් (හි චේතනා) 1 විය යුතු ය .
{කළු කර්ම = අකුසල් සිත් (හි චේතනා) 12
[“ලෝභ මූල සිත් අට ය, දෝස මූල සිත් දෙක ය, මෝහ මූල සිත් දෙක යයි අකුසල් සිත් දොළොසෙකි.”]
සුදු කර්ම = (කාම-රුපාරූප තුන් භූමියෙහි) කුසල් සිත් (හි චේතනා) 17
[ ලෞකික කුසල් සිත් 17 = . මහා කුසල් 8 - මහග්ගත කුසල් 9]
“ඉදං පන කම්මචතුක්කං පත්වා ද්වාදස අකුසලචෙතනා කණ්හා නාම, තෙභූමකකුසලචෙතනා සුක්කා නාම, මග්ගචෙතනා අකණ්හා අසුක්කාති ආගතා.”
https://tipitaka.app/?a=gb0-343-si}
{“පුණ්ණය, මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරනලද්දාවූ මේ කර්ම සතරක් වෙත්. කවර සතරක්දයත්, පුණ්ණය, කෘෂ්ණවූ (දස අකුසල් කර්ම පථවූ) කෘෂ්ණ විපාක ඇති (අපායෙහි උපදින හෙයින් කළුවූ විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, ශුක්ලවූ (දසකුසල කර්ම පථයවූ) ශුක්ල විපාක ඇති (ස්වර්ගයෙහි උපදින හෙයින් සුදුවූ විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, කෘෂ්ණවූද, ශුක්ලවූද (මිශ්‍රක කර්මයවූ) කෘෂ්ණවූද, ශුක්ලවූද විපාක ඇති (සැපවූද දුක්වූද විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, කෘෂ්ණ නොවූ, ශුක්ලනොවූ, කෘෂ්ණ ශුක්ලනොවූ විපාක ඇති (යම්) කර්මයක් කර්මක්ෂය කිරීම පිණිස පවතීද (එබඳුවූ) කර්මයක්ද ඇත්තේය.
“පුණ්ණය, කෘෂ්ණාවූ, කෘෂ්ණ විපාක ඇත්තාවූ කර්මය කවරේද? පුණ්ණය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුක් සහිතවූ කාය සංස්කාරය (කාය ද්වාරයෙහි හටගන්නා දොළොස් අකුසල්) රැස්කරයිද, දුක් සහිතවූ වාක් සංස්කාරය (වචනයෙන් පවත්නා දොළොස් අකුසල්) රැස්කරයිද, දුක් සහිතවූ මනො සංස්කාරය (සිතෙහි හටගන්නා අකුසල් චෙතනාවන්) රැස්කරයිද, හෙතෙම දුක් සහිතවූ කාය සංස්කාරය රැස්කොට, දුක්සහිතවූ වාක් සංස්කාරය රැස්කොට, දුක් සහිතවූ මනො සංස්කාරය රැස්කොට, දුක් සහිතවූ ලොකයෙහි උපදියි. දුක් සහිතවූ ලොකයෙහි උපන්නාවූම ඔහු දුක් සහිතවූ විපාක ස්පර්ශයෝ ස්පර්ශ කරත්. හෙතෙම දුක් සහිතවූ විපාක ස්පර්ශවලින් ස්පර්ශකරන ලද්දේම, දුක් සහිතවූ එකාන්තයෙන් දුක්වූ වේදනාව විඳියි. නිරයෙහි උපන් සත්වයෝ යම්සේද එමෙනි. පුණ්ණය, මෙසේවූ කර්ම හේතුවෙන් සත්වයාගේ උත්පත්තියවේ. යමක් කරයිද එයින් උපදියි. උපන්මොහු ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. පුණ්ණය, මෙසේද මම සත්වයෝ කර්මය දායාද කොට ඇත්තාහුයයි කියමි. පුණ්ණය, මෙය කෘෂ්ණවූ කෘෂ්ණවිපාක ඇත්තාවූ කර්මයයි කියනු ලැබේ.
“පුණ්ණය, ශුක්ලවූ ශුක්ල විපාක ඇත්තාවූ කර්මය කවරේද? පුණ්ණය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිදුක්වූ කාය සංස්කාරය (කාය ද්වාරයෙහි පැවති කාමාවචර කුසල් සිත් අට) රැස්කරයිද, නිදුක්වූ වාක් සංස්කාරය (වචනයෙහි පැවති කුසල්) රැස්කරයිද, නිදුක්වූ මනො සංස්කාරය (මනොද්වාරයෙහි පැවති කුසල චෙතනාවන්) රැස්කරයිද, හෙතෙම නිදුක්වූ කාය සංස්කාරය රැස්කොට නිදුක්වූ වාක් සංස්කාරය රැස්කොට නිදුක්වූ මනො සංස්කාරය රැස්කොට නිදුක්වූ ලොකයෙහි උපදියි. නිදුක්වූ ලොකයෙහි උපන්නාවූ ඔහු නිදුක්වූ ස්පර්ශයෝ ස්පර්ශ කරත්. නිදුක්වූ ස්පර්ශවලින් ස්පර්ශ කරන ලද්දාවූම හෙතෙම නිදුක්වූ එකාන්ත සැපවූ වෙදනාව විඳියි. සුභකිණ්හ නම් දෙවියෝ යම්සේද එමෙනි. පුණ්ණය, මෙසේ වනාහී ඇතිවූ කර්මයෙන් සත්වයාගේ උත්පත්තියවේ. යමක් කරයිද එයින් උපදියි. උපන්නාවූ මොහු ස්පර්ශයෝ ස්පර්ශ කරත්. පුණ්ණය, මෙසේද, මම සත්වයෝ කර්මය දායාදකොට ඇත්තාහුයයි කියමි. පුණ්ණය, මෙය, ශුක්ලවූ, ශුක්ල විපාක ඇත්තාවූ කර්මයයි කියනු ලැබේ. ...”
https://pitaka.lk/main?n=19107&p=81}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll