351. ගොඩාක් ඉක්මනට කේන්ති එනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මට තියෙන ප්‍රශ්නේ ගොඩාක් ඉක්මනට කේන්ති යනවා. හැමදාම රෑට පිරිත් කියලා භාවනා කරනවා කියලා හිතුවට ඇත්තටම ඒක වෙන්නේ මාසෙටම සතියක් වගේ.භාවනාවක් කරන්න ගියත් විකාර දේවල් මතක් වෙනවා. එතකොට කේන්ති අරන් නවත්තලා දානවා. හිත පාලනය කරගන්න විදියක් කියන්න.

A. (විශේෂයෙන් ම තරුණ කාලයේ ඇතිවන හෝ ...) මානව / ආදර සබඳතා බිඳ වැටීම හෝ/හා විශ්වාසය බිඳ වැටීම (විශ්වාස ඝාතනය) නිසා ද කේන්ති යෑම ආරම්භ විය හැක. එසේ වීමෙන් යම් කලක් ගතවූ පසු, මානසික අවපීඩනය දක්වා (කාංසාව / විශාදය දක්වා පවා) මෙම තත්ත්වය වර්ධන විය හැක; එවිට ද (අධිකව / නිතර) කේන්ති යෑම සිදුවිය හැක.(මේ කෙටි හේතු දැක්වීම ප්‍රශ්නයේ මූලය සොයා ගැනීම පිණිසය - මූල හේතු සොයා ගැනීම ප්‍රශ්නයක් විසඳීමේ ප්‍රබල ම ක්‍රමයකි.)

(කවුරුන් හරි වුවත්, වැරදි වුවත් - සිතින් හෝ) සැමවිට ම පාහේ “සමාවගැනීම හා සමාවදීම” තමා තාමාට ම කරගන්නා විශාල යහපතක් බව වටහාගන්න. (සිතින් අතහැරීම ද වටී.)

එසේම, (පැවති / පවතින / පැවතිය හැකි) මානව / ආදර සබඳතා දෙස යථාර්ථවාදීව බැලීම ද ප්‍රඥාවන්තව (පවතින / පැවතිය හැකි) මානව / ආදර සබඳතා ගොඩනඟාගැනීම ද මෙහිලා ඉතා ම වැදගත්ය.

අධික ලෙස (පමණට වඩා) හැඟීම්බර නොවීම (පමණට හැඟීම්බර වීම) ද අවශ්‍ය ය; සිරිත්-විරිත්, ගුණ-දහම්, බණ-දහම්, සංස්කෘතිය ... (ආදිය) රැකීම ද වටී.

[“සතුට” බාහිර නොව ආභ්‍යන්තරික සාධකයක් කරගැනීම ද “මානව සබඳතාව ගොඩනැඟීමේත කලාව” ඉගෙන ගැනීම ද ප්‍රගුණ කිරීම ද වටී.]

තවද, මෛත්‍රී (හෝ/හා කරුණා - මුදිතා - උපේක්ෂා) භාවනා(ව) නිතර-නිතර වැඩීමෙන් මෙම තත්ත්වයෙන් සම්පූරණයෙන් ම නිදහස් විය හැක.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll