747. අනික් අයගෙ අදහස් වලක්වන එක වැරදි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ඇයි comments බ්ලොක් කරන්නෙ? අනික් අයගෙ අදහස් වලක්වන එක හරි නෑ නේද? අන්තගාමීව හැසිරෙන එක ගැලපෙනවා ද?

A. සෑම ප්‍රශ්නයක ම “කොමෙන්ට් ඕෆ්” කරන්නේ නෑ - “කොමෙන්ට් ඕෆ්” කරන්නේ විවාදමූලික ප්‍රශ්නවල පමණයි. ඒ විවාදාත්මක විවාදාපන්න කෙලෙස් අවුස්සාගෙන බොහෝ දෙනා හිත දූෂ්‍ය කරගැනීම, පව් රැස් කරගැනීම / පවු පුරවා ගැනීම වලක්වාලීම හෝ තවත් (කිව හැකි - කිව නොහැකි) හේතු රාශියක් නිසා මෙන් ම ඔබේ ම යහපත සඳහා ය - සද්භාවයෙනි.

(“පිළියමට වඩා වැලකුම හොඳ නිසා ය” – “Prevention is better than cure”.)
[කෙසේ වෙතත්, වැඩිපුර ම “කොමෙන්ට් ඕෆ්” කරන්නේ මම (AnglomaniA IngreesI) නිසා, අනිත් අය ගැන අහිතක් නොහිතන්න!)

අපි Path Nirvana Discussion ද බැවින්, නිවනට ඍජුව අදාළ වන ප්‍රශ්නවල  “කොමෙන්ට් ඕෆ්” කරන්නේ නෑ - ඔබත් “නිවන” සොයන්නෙක් නම් එවැනි ප්‍රශ්න ගැන වඩා අවධානය යොමු කරන්න!

[එසේ නොකළ හැකි අයට පිළිසඳරේ යෙදීමට බොහෝ ප්‍රශ්න සෑම විට ම “කොමෙන්ට් ඕෆ්” නොකොට, විවෘතව ඇත.]

{“කොමෙන්ට් ඕෆ්” කරන තවත් හේතු දැනගන්න - https://www.facebook.com/groups/path.nirvana.discussion/permalink/1925003941140361/?comment_id=1925989524375136}

A. කොමෙන්ට් කිරීම නැවැත්වීම බොහෝ විට සිදු කරන්නේ එම ප්‍රශ්ණයට පිළිතුරක් ලැබී ඇතැයි හැගෙන විටයි. එසේ නොකිරීමෙන් එයට බොහෝ දෙනා කොමෙන්ට් කිරීමෙන් පිළිතුරක් සිතා ගැනීමට අපහසුය. අපහට පිළිතුරු එකින් එක බැලීමට බොහෝ කාල වෙලා යන නිසා එසේ සිදු කිරීම වඩා උචිත යයි සිතේ. එසේ කිරීමට සිදුවීම අඩුපාඩුවක් බව දනිමි. නමුත් එසේ නොකිරීමෙන් එක් ප්‍රශ්නයකට පිළිතුරු සිය ගනනක් වැටෙනවා. ඒවායින් බොහොමයක් පුද්ගලික අදහස්, තේරුම් ගැනීමට අපහසුය. ඒ වගේම බොහෝ විට එකිනෙකා අතර වාද විවාද අපහාස වැලැක්වීමට ද comment off කරනවා, මධ්‍යස්ථව පිළිතුරු සපයන අය අඩුය. තෙරුවන් සරණයි!

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll