770. වටාපත් පූජා කිරීමේ අනුසස් මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මෙවර අැසළ පොහෝ දිනය දින රැවන්වැලි චෙෙත්ය රාජයානන් වහන්සේ උදෙසා පූජා කිරීමට මනාව හැඩගැන්වු වටාපතක් සකසමින් සිටී... මා හට අනුකම්පාවෙන් වටාපත් පූජා කිරීමේ අනුසස් කියාදෙනු මැනවි.

A. "පවන් අතු පිදීමේ අනුසස් අට ....

තථාගතයන් වහන්සේට ශෝභන වූ පවන් අතු ද තල්වැට ද පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් අටක් ලබමි. ශීතයෙන් හා උෂ්ණයෙන් පීඩා නො ලබමි. ශරීර දාහයක් ද නැත. මාගේ සිත තවන්නා වූ දාහයක් ද නැත. රාගග්නිය ය, ද්වේෂාග්නිය ය, මෝහාග්නිය ය, මානාග්නිය ය, දෘෂ්ට්‍යාග්නිය ය යන සකලාග්නීහු මගේ ඒ කුශලයාගේ නිස්සන්දයෙන් මාහට නිවුණාහු ය. මොනර පිල් හා චාමර ද සංඝයා හට දී, සන්සුන් කෙලෙස් ඇත්තේ කෙලෙස් වලින් මිදී වාසය කරමි.

https://pitaka.lk/books/paramitha-prakaranaya/5-19.html

A. {"සමත්ථං අප්පකාරංපි - කරණේ විපුලප්ඵලං

පරික්ඛාරෙන පුජෙමි - අචින්තෙ‍ය ගුණං ජිනං

සැදැහැයෙන් කරන දෝත නඟා වැඳීම් සුළු පින්කම් පවා මහත්ඵල කිරීමෙහි සමත් අචින්තනීය ගුණ ඇති තථාගතයන් වහන්සේට මේ පිරිකර පූජා කරමි. පූජා වේවා!

පාත්‍ර සිවුරු වටාපත් කුඩ පාවහන් ආදී යම්කිසි වස්තුවක් බුදුනට පුදන සැදැහැවතුන් ඉහත කී ගාථාව කියා ඒ වස්තුව පූජා කරනු. කිනම් දෙයක් හෝ පූජා කිරීමේදී කීමට සුදුසු තවත් ගාථාවක් මෙසේය."}

https://pitaka.lk/books/punyopadeshaya/8.html

"මම සිද්ධාර්ථ බුදුරජානන් වහන්සේට සමන්මලින් වසන ලද තල්වැටක් දුනිමි. (එහෙයින්) මහත් යශස් දරමි.
මම මෙයින් සිවුඅනූ වන කපෙහි යම් තල්වැටක් දුනිම් ද, (ඒ හෙතුවෙන්) දුගතියක් නො දනිමි. තල්වැට (වටාපත්) දීමෙහි මේ විපාක යි."

https://tipitaka.lk/kn-ap-1-47-5/15-14/sinh

"ශොභන වූ විජිනිපත් ද (තල්පතින් කළ) වටාපත් ද බුදුරජුන් කෙරෙහි ද (උතුම් සඟගණ කෙරෙහි ද දි) මාගේ කර්‍මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි.
3488. ශීතොෂ්‍ණයන් නො දනිමි. (සිරුරෙහි හෝ සිතෙහි) දාහයක් නැත. මාගේ කාය චිත්ත සන්තාපකර දරථයක් නො දනිමි.
3489. මාගේ ඒ කුශලකර්‍මයාගේ විපාකයෙන් රාගාගනිය ද්වෙෂාග්නිය මොහාග්‍නිය දෘෂ්‍ට්‍යග්‍නිය යන සියලු අග්නීහු නිවී ගියහ.
3490. මොණරපියාපත් ද, සෙමෙරවලිග ද, බුදුරජුන් කෙරෙහි හා උතුම් සඟගණ කෙරෙහි දී මම සන්හිඳුනු කෙලෙස් ඇත්තෙම් කෙලෙස් රහිත ව වෙසෙමි.
3491. බුදුරජුන් කෙරෙහි හා උතුම් සඟගණ කෙරෙහි පෙරහන් දී මාගේ කර්‍මයට සුදුසු වූ පඤ්චාසංසයක් අනුභව කරමි:‍
3492. මම සෙසු සියල්ලන්ගේ ආයුෂ ඉක්මවා දිව්‍යමය ආයුෂ ලබමි. හැමකල්හි සොරුන් විසින් හෝ පසමිතුරන් විසින් හෝ බලයෙන් මැඩලිය නොහෙන්නේ වෙමි.
3493. අවියකින් හෝ විසකින් හෝ වෙහෙසකුදු නො කෙරේ. ඒ පුණ්‍යවිපාකයෙන් මාගේ (නියමිත ආයුෂ නො ගෙවී) අතරතුර මරණයකුදු නැත.
3494. බුදුරජුන් කෙරෙහි ද, උතුම් සඟගණ කෙරෙහි ද තෙල්ගුලා දී මාගේ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
3495. මනහර රූ ඇත්තෙම් මනොඥ හඬ ඇත්තෙම් මැනවින් සමාධිගත සිත් ඇත්තෙම් නො කැළඹුනු සිත් ඇත්තෙම් සියලු ආරක්‍ෂාවන්ගෙන් රැකුනෙම් ද වෙමි."

https://tipitaka.lk/kn-ap-1-40-1/54-8/sinh

"2349. ග්‍රීෂ්මය නිවීම පිණිස ද දැවීම සන්සිඳෙනු පිණිස ද මා විසින් තිස්ස බුදුරජුන්හට තල්වැටක් (විජිනිපතක්) පුදන ලදී.
2350. රාගාග්නිය නිවමි. එයින් අධික වූ ද්වෙෂාග්නිය ද නිවමි. එසේ ම මොහාග්නිය ද නිවමි. විජිනිපත් දනෙහි මේ විපාකය යි.
2351. මාගේ කෙලෙස් දවන ලදී. සියලු භවයෝ නසන ලදහ. (දැන්) සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
2352. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හෙතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2353. මෙයින් තෙසැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මහානාම නම් සක්විති රජෙක් වීමි.
2354. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමොක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී."

https://tipitaka.lk/kn-ap-1-22-7/sinh

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll