Q. පහත ජේදය රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේගේ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයෙන් උපුටා ගන්නාලදි.
S. බුදුන් වහන්සේ විසින් “පභස්සරමිදං භික්ඛවෙ චිත්තං” යි සිත පැහැපත් දෙයකැයි වදාළේ ද මේ භවාංග චිත්තය ගැන ය. එහි පැහැපත් බව නම් පරිශුද්ධත්වය යි. ඒ පරිශුද්ධත්වය ඔපයක් වැනි ය. සමීපයේ ඇති දේවල ඡායා තමන් තුළට ගන්නා බව ඔපයේ ස්වභාවය ය. එබඳු ස්වභාවයක් භවාංග චිත්තයෙහි ඇත්තේ ය. රූප ශබ්දාදි සකලාරම්මණයන්ගේ ම ඡායා භවාංග චිත්තයෙහි ස්පර්ශ වන්නේ ය. ඒ අරමුණු චක්ෂුරාදියෙහි සැපුණේ වී නමුත් මනෝද්වාර සංඛ්‍යාත භවාංග චිත්තයෙහි නො සැපුනේ නම් දැකීම් ඇසීම් ආදි වශයෙන් පහළ වන සිත් පහළ නොවේ. සිත් පහළ වනුයේ භවාංග චිත්තයෙහි අරමුණු ගැටීමෙන් ය. භවාංග චිත්තයෙහි අරමුණු ගැටීම පඤ්චද්වාරානුසාරයෙන් ද වේ. පඤ්චද්වාර සම්බන්ධයක් නැතිව ද වේ. යම් කිසි අරමුනක් භවාංග චිත්තය නමැති ඔපයෙහි නො සැපුණ හොත් එතෙක් ඒ පුද්ගලයාගේ සන්තානයෙහි භවාංග සිත් ම මිස අනෙකක් පිළිබඳ සිතක් නූපදී. නිදන අවස්ථාව සත්ත්වයන් තුළ භවාංග සිත් පමණක් උපදනා අවස්ථාවෙකි. එහෙත් සිහින දැකීම වනුයේ භවාංගයෙහි අරමුණු ගැටී වීථි සිත් පහළ වීමෙනි.
මෙහි කියැවෙන පරිදි පන්චඉන්ද්‍රියන්ගේ සම්බන්ධයක් නොමැතිව භවාන්ග චිත්තයේ අරමුණු ගැටෙන සැට් පැහැදිලි කරදීමට කාරුනික වනු මැනවි.
තෙරුවන් සරණයි!!!
A / S. “සිතට දැනෙන හසුවන දේවලට - හිතින් අල්ලා ගන්නා දේවලට ආරම්මණය” යි කියනු ලැබේ.
රූපාරම්මණය, සද්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, ඵොට්ඨබ්බාරම්මණය, ධම්මාරම්මණය කියා ද්වාර අනුව ආරම්මණ ද සයක් ඇත්තේ ය.
ද්‍රව්‍යයන්හි ඇත්තා වූ පැහැය රූපාරම්මණය ය. ඇසට පෙනෙන්නේ රූපාරම්මණය පමණෙකි. පැහැය මිස, වස්තූන් ඇසට පෙනෙන්නේ නො වේ. සෑම දෙයක ම පැහැයක් ඇත්තේ ය. එහෙත් ඉතා සියුම් ඒවායේ පැහැය අපේ ඇස්වලට නො පෙනේ.
සෝතින්ද්‍රියට හෙවත් කනට දැනෙන දෙය සද්දාරම්මණ නම් වේ.
නාසයට දැනෙන හොඳ නරක ගන්ධ ගන්ධාරම්මණ නම් වේ.
දිවට දැනෙන රස රසාරම්මණ නම් වේ.
කායින්ද්‍රියට දැනෙන තද බව - මොළොක් බව - සිසිල් බව - උණුසුම් බව යනාදිය ඵොට්ඨබ්බාරම්මණ නමි.
රූපාදි අරමුණු පස හැර සිතට දැනෙන - සිතට හසු වන සියල්ල ධම්මාරම්මණ නම් වේ. ප්‍රසාද රූප - සූක්ෂ්ම රූප - චිත්ත - චෛතසික - නිර්වාණ - ප්‍රඥප්ති වශයෙන් ධම්මාරම්මණය සයාකාර වේ. ඒවා අනාගතයෙහි දත හැකි වනු ඇත. දැනට කොටස් සය නම් වශයෙන් පමණක් මතක තබා ගන්න.
අතීතය - අනාගතය - වර්තමානය - කාලමුක්තය කියා අරමුණු සතර කොටසකි. ඉපද අභාවප්‍රාප්ත දෙය “අතීතාරම්මණ” නම් වේ. මතු ඇති වන දේ “අනාගතාරම්මණ” නම් වේ. පවත්නා දෙය “වත්තමානාරම්මණ” නම් වේ. මේ කාල භේදය, ඇති වීම් නැති වීම් දෙක ඇත්තා වූ දේවලට ය. නිර්වාණ-ප්‍රඥප්ති දෙක්හි ඇති වීම්-නැති වීම් දෙක නැත. එබැවින් ඒවා තුන්කාලයෙන් එකකටවත් ඇතුළත් නො වේ. ඒවාට “කාල විමුක්තය” යි කියනු ලැබේ. (මෙය ගැඹුරු කරුණෙකි. වැඩි දුරටත් ගුරුන්ගෙන් අසා දැනගන්න.)
චක්ෂුර්ද්වාරික සිත් සසාළිසට අරමුණු වන්නේ වර්තමාන රූපාරම්මණය පමණකි. අතීතානාගත රූප චක්ෂුර්ද්වාරික සිත්වලට හසු නො වේ. එසේ ම සෝත-ඝාන-ජිව්හා-කාය ද්වාරවලට අයත් සිත්වලට වර්තමාන ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයෝ අරමුණු වෙති.
මනෝද්වාරික චිත්තයන්ට වනාහි කාලත්‍රයට ම අයත් වන රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය යන ෂඩාලම්බනය හා කාලවිමුක්ත වූ නිර්වාණ - ප්‍රඥප්තීහු ද අරමුණු වෙති.
ද්වාර විමුක්ත චිත්තයන්ට වනාහි අතීතානන්තරභවයෙහි මරණාසන්න ජවනයන්ට අරමුණු වූ කර්මය - කර්ම නිමිත්තය - ගති නිමිත්තය යි කියනු ලබන වර්තමාන වූ ද, අතීත වූ ද, ප්‍රඥප්ති වූ ද ෂඩාලම්බනයෝ අරමුණු වෙති. ..."