906. අට්ඨක්ඛරා තීණි පදා?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ලොව පහල වන්නේ අකුරු අටකින් හා පද තුනකින් යුත් ත්‍රිලක්ෂණය ලොවට ප්‍රකාශ කරන්න බව සඳහන් වෙන මේ පාඨය අඩංගු ගාථාව ත්‍රිපිටකයේ දැක්වෙන  එකක්ද?
"අට්ඨක්කරා තීනි පදා සම්බුද්ධේන පකාසිතා"

මේ ගාථාව සඳහන් වන තැන කියන්න පුළුවන් නම් බොහොම පින්.
නහි සීල වතං හෝතු උප්පජ්ජංති තථාගතා
අට්ඨක්කරා තීනි පදා සම්බුද්ධේන පකාසිතා (සුදෙසිතා?)

A. සද්ධම්මෝපායන (සද්ධර්මෝපාය / Saddhammopayana) නම් ග්‍රන්ථයෙහි සඳහන් බව කියවේ.

““නාහි සීලවතං හේතු උප්පජ්ජන්ති තථාගතා අටඨකඛරා තීණි පදා සම්බුද්ධෙන පකාසිතා” යනුවෙන් සද්ධම්මෝපායන නම් ග්‍රන්ථයෙහි සඳහන් පාඨයට අනුව තථාගත බුදුරජාණන් ලොව පහළ වන්නේ සීලය යනු කුමක්දැයි පැහැදිලි කිරීමට නොව අක්‍ෂර හෙවත් අකුරු අටක් සහ පද තුනක් පැහැදිලි කිරීමට ය. මෙම අකුරු අට නම් “චතු අරිය සච්ච” යන අකුරු අට ය. පද තුන යනු “අනිච්ච දුක්ඛ අනත්ත” යන තුනය. මේ අනුව බුදු කෙනකු ලොව පහළ වන්නේ චතුරාර්ය සත්‍ය යනු කුමක්දැයි පැහැදිලි කිරීමට සහ ත්‍රිලක්‍ෂණ ධර්ම යනු මොනවාදැයි පැහැදිලි කිරීමට ය.”

{“Na hi silavatarh hetu uppajjanti Tathagata
atthakkhara tipi pada Sambuddhena sudesita. 

Tathagatas are not born for promoting virtuous practices (a*onc). (The essence of) the doctrine taught by the fully Enlightened One is enshrined in eight letters and three words. 

Here the reference is to the three cliaracteristics (tilakkliaijani) of the conditioned states (sankhata-dhamma) namely anicca (impermanent nature), dukkha (unsatisfactory nature) and ancita (unsubstantial nature). They are the very-subject-matter of Vipassana meditation.

The gatha in question docs not mean that the teaching of the Buddha attaches all importance to Vipassana and ignores the importance of sila and samadhi. The path being an integrated one, parbia is not possible without samadhi and samadhi is not possible without sila.”


Q / S. අකුරු අට සහ පද තුන යන්නට තවත් අර්ථ කථනයක් මා අසා තිබෙනවා.

"මෙහි අකුරු අට සහ පද තුන නම් “අනිච්චං දුක්ඛං අනත්තා “ යනුයි. මෙහි පද තුන පැහැදිලිව පෙනේ. එහෙත් සාමාන්‍ය ව්‍යවහාරික අකුරු වශයෙන් ගතහොත් අකුරු දහතුනකි. මෙහි ගෙන ඇත්තේ ඡන්දස් ශාස්ත්‍රයෙහි අකුරු වශයෙන් ගැනෙන ලඝු හා ගුරුයි. ‘අනිච්චං දුක්ඛං අනත්තා “ යන පද තුන ප්‍රස්තාර කර බැලූ විට ඡන්දස් ශාස්ත්‍රීය අකුරු අටක් දක්නට ලැබේ"

[S. "නහි සීල වතං හේතු – උප්පජ්ජන්ති තථාගතා
අට්ඨක්කරා ථීනි පදා – සම්බුද්ධේන ප්‍රකාශිතා”

සිල් වතක් දීමට නොව – තථාගතයන් වහන්සේලා පහල වෙන්නේ
අකුරු අටකි පද තුනකි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව.

මේක තමයි ඒ ගාථාවේ සරල අදහස.

මෙහි අකුරු අටයි පද තුන වෙන්නේ “අනිච්ච දුක්ඛ අනත්ථ” (අනත්ත). 
(බැඳී (බැඳි)  අකුරු ලෙස ගත් විට තමයි අටක් ලැබෙන්නේ)"]

A. ඔව් - නොයෙක් විග්‍රහයන් තියනවා. ඔබට පුළුවන් නම්, ගාථාවේ අංකය හොයල දෙන්න, පහත ලින්ක් එකෙන් බාගතකරගෙන, අපිට විමසා බලන්න පුළුවන්. (ගාථා 104 | 621+8 = 629)

[Saddhamopayana - "Atthakkhara .... pada Sambuddhena sudesita. Tathagatas are not born for promoting' virtuous practices (alone). (The essence of) the doctrine taught by the ..."

“නාහි සීලවතං හේතු උප්පජ්ජන්ති තථාගතා අට්ඨකඛරා තීණි පදා සම්බුද්ධෙන පකාසිතා” යනුවෙන් සද්ධම්මෝපායන (සද්ධර්මෝපාය) නම් ග්‍රන්ථයෙහි සඳහන් පාඨයට අනුව තථාගත බුදුරජාණන් ලොව පහළ වන්නේ සීලය යනු කුමක්දැයි පැහැදිලි කිරීමට නොව අක්‍ෂර හෙවත් අකුරු අටක් සහ පද තුනක් පැහැදිලි කිරීමට ය. මෙම අකුරු අට නම් “චතු අරිය සච්ච” යන අකුරු අට ය. පද තුන යනු “අනිච්ච දුක්ඛ අනත්ත” යන තුනය. මේ අනුව බුදු කෙනකු ලොව පහළ වන්නේ චතුරාර්ය සත්‍ය යනු කුමක්දැයි පැහැදිලි කිරීමට සහ ත්‍රිලක්‍ෂණ ධර්ම යනු මොනවාදැයි පැහැදිලි කිරීමට ය.]

{T. සද්ධම්මෝපායන? or විමුක්ති මාර්ගය? (විමුක්තිමග්ග) | Vimuttimagga - "විමුක්ති මාර්ගය - මෙය මිහිඳු මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය මහාරිට්ඨ මහරහතන් වහන්සේ විසින් රචනා කරන ලද ග්‍රන්ථයකි.හෙළ මහ ඇඳුරු බුදුගොස් හිමියන් විසින් රචිත විශුද්ධ් මාර්ගයට පාදක වූ අත්පොත ලෙස හැඳින් විය හැක."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll