997. විහිළුවට බොරුවක් කිව්වත් පව් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. විහිලුවට බොරුවක් කීවත් - එය විහිලුවක් බව දැන කිසිවෙක් රැවටුනේ නැත්නම් එයින් මුසාවාද ශික්ෂාපදය කැඩෙනවාද?

A / T. "අනුන් මුළා කරවන අදහසින් ඇති දෙය නැත යයි ද, නැති දෙය ඇත යයි ද, වූ දෙය නො වූයේය යි ද, නො වූ දෙය වූයේය යි ද වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මෘෂාවාදය නම් වේ.

මෘෂාවාද කර්මය සිදුවන්නේ අඞ්ග සතරක් සම්පූර්ණ වීමෙනි. (1) කියන කරුණ බොරුවක් වීම ය. (2) අනුන් රවටන අදහස ය (3) ඇඟවීමේ උත්සාහය ය (4) අනෙකා කී දෙය තේරුම් ගැනීම ය යන මේ සතර මෘෂාවාදයේ අංගයෝ ය.

කියන දෙය බොරුවක් වුව ද නොදන්නා භාෂාවකින් කීමෙන් හෝ හොඳින් නො ඇසීමෙන් හෝ අසන්නාට තේරුම් ගත නො හැකි වුවහොත් කර්මය සිදු නො වේ. වැරදීමෙන් කියවෙන බොරුවින් ද මෘෂාවාද කර්මය සිදු නොවේ."

https://pitaka.lk/books/bauddhayage-athpotha/9-4.html


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll