Q. අහිධර්මයේ "චේතනා" වදන "පාලියත් සමග" සිංහලෙන් පහදන ලෙස ඉල්ලා සිටිමි.
A. 1. “චේතනාව” යන්නන්ට “අභිධර්මානුකූල” කෙටි පැහැදිලි කිරීම පහත දැක්වේ.
“චෙතයතීති චෙතනා. සද්ධිං අත්තනා සම්පයුත්තධම්මෙ ආරම්මණෙ අභිසන්දහතීති අත්ථො. සා චෙතයිතලක්ඛණා, ආයූහනරසා, සංවිදහනපච්චුපට්ඨානා සකකිච්චපරකිච්චසාධකා ජෙට්ඨසිස්සමහාවඩ්ඪකිආදයො විය.”
A. 2. “චේතනාව” යන්නන්ට දිගු (නිදර්ශනාත්මක හා විචිත්‍රවත්) “අභිධර්මානුකූල” පැහැදිලි කිරීම පහත දැක්වේ.
“චෙතයතීති චෙතනා සද්ධිං අත්තනා සම්පයුත්තධම්මෙ ආරම්මණෙ අභිසන්දහතීති අත්ථො. සා චෙතයිතලක්ඛණා, චෙතනාභාවලක්ඛණාති අත්ථො. ආයූහනරසා. චතුභූමිකචෙතනා හි නොචෙතයිතලක්ඛණා නාම නත්ථි. සබ්බා චෙතයිතලක්ඛණාව. ආයූහනරසතා පන කුසලාකුසලෙසු එව හොති. කුසලාකුසලකම්මායූහනට්ඨානඤ්හි පත්වා සෙසසම්පයුත්තධම්මානං එකදෙසමත්තකමෙව කිච්චං හොති. චෙතනා පන අතිරෙකඋස්සාහා අතිරෙකවායාමා, දිගුණුස්සාහා දිගුණවායාමා. තෙනාහු පොරාණා – “ථාවරියසභාවසණ්ඨිතා ච පනෙසා චෙතනා”ති. ථාවරියොති ඛෙත්තසාමී වුච්චති. යථා ඛෙත්තසාමී පුරිසො පඤ්චපණ්ණාස බලිපුරිසෙ ගහෙත්වා ‘ලායිස්සාමී’ති එකතො ඛෙත්තං ඔතරති. තස්ස අතිරෙකො උස්සාහො අතිරෙකො වායාමො, දිගුණො උස්සාහො දිගුණො වායාමො හොති, ‘නිරන්තරං ගණ්හථා’තිආදීනි වදති, සීමං ආචික්ඛති, තෙසං සුරාභත්තගන්ධමාලාදීනි ජානාති, මග්ගං සමකං හරති. එවංසම්පදමිදං වෙදිතබ්බං. ඛෙත්තසාමිපුරිසො විය හි චෙතනා. පඤ්චපණ්ණාස බලිපුරිසා විය චිත්තඞ්ගවසෙන උප්පන්නා පඤ්චපණ්ණාස කුසලා ධම්මා. ඛෙත්තසාමිපුරිසස්ස දිගුණුස්සාහදිගුණවායාමකරණකාලො විය කුසලාකුසලකම්මායූහනට්ඨානං පත්වා චෙතනාය දිගුණුස්සාහො දිගුණවායාමො හොති. එවමස්සා ආයූහනරසතා වෙදිතබ්බා.
සා පනෙසා සංවිදහනපච්චුපට්ඨානා. සංවිදහමානා හි අයං උපට්ඨාති, සකිච්චපරකිච්චසාධකා, ජෙට්ඨසිස්සමහාවඩ්ඪකීආදයො විය. යථා හි ජෙට්ඨසිස්සො උපජ්ඣායං දූරතොව ආගච්ඡන්තං දිස්වා සයං අධීයමානො ඉතරෙපි දාරකෙ අත්තනො අත්තනො අජ්ඣයනකම්මෙ පවත්තයති, තස්මිඤ්හි අධීයිතුං ආරද්ධෙ තෙපි අධීයන්ති, තදනුවත්තිතාය. යථා ච මහාවඩ්ඪකී සයං තච්ඡන්තො ඉතරෙපි තච්ඡකෙ අත්තනො අත්තනො තච්ඡනකම්මෙ පවත්තයති, තස්මිඤ්හි තච්ඡිතුං ආරද්ධෙ තෙපි තච්ඡන්ති, තදනුවත්තිතාය. යථා ච යොධනායකො සයං යුජ්ඣමානො ඉතරෙපි යොධෙ සම්පහාරවුත්තියං පවත්තයති, තස්මිඤ්හි යුජ්ඣිතුං ආරද්ධෙ තෙපි අනිවත්තමානා යුජ්ඣන්ති, තදනුවත්තිතාය. එවමෙසාපි අත්තනො කිච්චෙන ආරම්මණෙ පවත්තමානා අඤ්ඤෙපි සම්පයුත්තධම්මෙ අත්තනො අත්තනො කිරියාය පවත්තෙති. තස්සා හි අත්තනො කිච්චං ආරද්ධාය, තංසම්පයුත්තාපි ආරභන්ති. තෙන වුත්තං – ‘සකිච්චපරකිච්චසාධකා, ජෙට්ඨසිස්සමහාවඩ්ඪකීආදයො වියා’ති. අච්චායිකකම්මානුස්සරණාදීසු ච පනායං සම්පයුත්තානං උස්සාහනභාවෙන පවත්තමානා පාකටා හොතීති වෙදිතබ්බා.”
A. 3. කාරණා කිහිපයක් නිසා ම අප විසින් තව දුරටත් පාළි සිංහලයට පරිවර්තනය නොකරන බව කරුණාවෙන් සලකන්න; ඒ වෙනුවට රේරුකානේ හිමියන්ගේ අර්ථ දැක්වීමක් (පරිවර්තනයක්) වෙත (ඉහත යොමුකර ඇතත්, නැවත) යොමු කරනු ලැබේ.
https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/8-1-4.html
{"චේතනාව
චේතනා චෛතසිකයේ සැටි අන්‍යයන්ට අවබෝධ වන ලෙස ලිවීම දුෂ්කර ය. එය අපගේ දුබල කමක් ද අපේ භාෂාවේ දුබල කමක් ද ධර්මයේ ගැඹුරු කමක් දැයි නොදනිමි. මේ විස්තරය කරනුයේ අපට දැනට පුළුවන් සැටියට ය. සිත නම් අරමුණු දැනීම ම ය. එයට තවත් කිසි ම ක්‍රියාවක් සිදු කිරීමේ ශක්තියක් නැත. පහ වූ සිත ඇති කය, දරකඩක් සේ නොසැලී තුබූ තැන ම තිබෙන දෙයකි. එබැවින් කයට ද ක්‍රියා සිදුකිරීමේ තුබූ තැන ම තිබෙන දෙයකි. එබැවින් කයට ද ක්‍රියා සිදුකිරීමේ ශක්තියක් හෝ ඕනෑ කමක් නැති බව කිය යුතුය. සිත කය දෙකේ ම ස්වභාවය එසේ වුවද යාම් ඊම් සිටීම් කෑම් පීම් ආදි දහස් ගණන් ක්‍රියා සිදු වනු දක්නා ලැබේ. ඒවා සිදුවන්නේ සිත සමග ම උපදනා වූ එක්තරා ශක්ති විශේෂයකිනි. චේතනාවය යි කියනුයේ කායික වූ ද, වාචසික වූ ද මානසික වූ ද ඒ ක්‍රියා සිදු කරන්නා වූ ශක්ති විශේෂයට ය.
මිනිසකු විසින් බල්ලකුට පහරක් ගසන කල්හි සිතින් සිදුවනුයේ බල්ලා නමැති ආරම්මණය ගැනීම පමණෙකි. පහර දීමේ උත්සාහය පහර දීමේ වේගය වූ චේතනාවත් සමග ඒ සිත උපන් කල්හි එයින් ඇතිවන්නා වූ වායු වේගයට අනුකූලව යම් කිසි ශරීරාවයවයක් බල්ලාගේ ශරීරය කරා යාමෙන් පහර වැදීම සිදු වේ. බල්ලා අරමුණු කිරීම හැර අනෙකක් නො කළ බැවින් සිත ඒ පහර ගැසීම නො කෙළේය. ස්පර්ශ වේදනාදි චෛතසිකයෝ ද එය නො කළෝ ය. පහර දීමේ අදහසක් ශරීරයට නැති බැවින් ශරීරය ද එය නො කළේය. ඒ පහර වැදීම වූයේ සිත හා උපන් චේතනාව නිසා ය. චේතනාවේ ඒ ක්‍රියාවට ශරීරය හා සිත ද අන්‍ය චෛතසිකයන් ද සහාය වූ නමුත් චේතනාවක් නූපන්නොත් එය නො කෙරෙන බැවින් ඒ සිද්ධිය පිළිබඳ ප්‍රධාන හේතුව මූල හේතුව චේතනාව ය. එබැවින් කර්ම කථාවෙහි මේ චේතනාව ම ප්‍රධාන කොට ගනු ලැබේ. ඒ ඒ ක්‍රියා සිදු කිරීමට චේතනාවට සහාය වන්නා වූ චිත්ත ඵස්සාදීහු ද කර්ම භාවයෙන් නො ගනු ලැබෙත්.
චේතනාව සාමාන්‍යයෙන් එකක් වුව ද ප්‍රාණඝාත චේතනාව ය, අදත්තාදාන චේතනාව ය, මිථ්‍යාචාර චේතනාව ය, දාන චේතනාව ය, වන්දනා චේතනාව ය යනාදීන් ආකාර නානත්වයෙන් එය බහුප්‍රභේද වේ.
චේතනාව ක්‍රියා සිදු කරන්නේ යයි කියතත් චිත්ත ස්පර්ශාදියෙන් වෙන්ව ඒවායේ සහායත්වය නැතිව එයට ඉපදීමට ද නුපුළුවන. චේතනාව උපදනා කල්හි එයට අනුව චිත්තස්පර්ශාදි ධර්මයෝ ද උපදිති. ක්‍රියා සාධනයෙහි ප්‍රධාන ධර්මය වූ චේතනාව උපදනා කල්හි චිත්තස්පර්ශාදීන් ද ඒකාන්තයෙන් උපදනා බැවින් චේතනාවේ ඉපදීම චිත්තාදීන් උපදවා ගෙන ඉපදීමක් වැනි ය. යම්කිසි චේතනාවක් උපදනා කල්හි චිත්තාදි ධර්මයෝ ආරම්මණ විජානනාදි තම තමා අයත් කෘත්‍යයන් සිදුකරමින් උපදිති. එබැවින් චේතනාව සම්ප්‍රයුක්ත ධර්මයන් උපදවන්නා වූ සම්ප්‍රයුක්ත ධර්මයන් ඒ ඒ කෘත්‍යයෙහි යොදවන්නා වූ ධර්මයකැයි කියනු ලැබේ. ප්‍රාණඝාතාදි චේතනාවක් උපදනා කල්හි උපදනා වූ චිත්ත චෛතසික ධර්මයෝ ඒ ප්‍රාණඝාත චේතනාවට අනුව එයට තුඩු දී ගෙන එය හා බැඳී උපදිති. එබැවින් චේතනාව සම්ප්‍රයුක්ත ධර්මයන් සංග්‍රහ කරන්නා වූ පිඬු කරන්නා වූ ධර්මයක් ලෙස කියනු ලැබේ. චේතනාව උපදනා කල්හි ඒ ඒ කෘත්‍ය සිදු කරමින් සම්ප්‍රයුක්ත ධර්මයන් ද උපදනා බැවින් එය තමා අයත් කෘත්‍යය සිදු කරමින් චිත්ත ස්පර්ශාදි ධර්මයන්ට අයත් කෘත්‍යයන් ද සිදු කරවන්නා වූ ධර්මයකැ යි කියනු ලැබේ.
සිත ද චේතනාවට අනුකූලව ඉපදීමෙන් ක්‍රියා සාධනයෙහි චේතනාවට උපකාර වන බැවින් සිත ප්‍රධානස්ථානයෙහි තබා කථා කිරීමේ දී ක්‍රියා සිදු කරන ධර්මයක් ලෙස කියනු ලැබේ. චේතනාව අනේක ප්‍රභේද බැවින් චේතනාවට අනුකූල වී එක සිතකින් අනේක ක්‍රියා සිදු කරනු ලැබේ. කම්පල අදහන මිනිසෙක් පහන් සිතින් කාගේවත් මෙහෙයීමක් නො මැතිව මල් නෙලන්නට යයි. මල් නෙලා විහාරයකට ගෙන යයි. පැන් ගෙනෙන්නට යයි. මල්වලට පැන් ඉසී. මලසුනේ පරමල් ඉවත් කරයි. මලසුන පවිත්‍ර කරයි. මල් පුදයි. මේ ක්‍රියා සියල්ල ම සිදු කිරීමේ දී ඒ පුද්ගලයාට ඇතිවූයේ සෝමනස්ස සහගත ඤාණසම්ප්‍රයුක්ත අසංඛාරික කාමාවචර කුසල සිත ය. චේතනාව හැර ඒ සිතේ ලැබෙන චෛතසික ගණන දෙතිසකි. ඒ පුද්ගලයා කෙරෙහි ඇති වූ ලක්ෂණයෙන් හා යෙදෙන චෛතසිකයන් ගෙන් ද වෙනසක් නැත්තා වූ එක් ම සිතින් අනේක ක්‍රියා සිදුවූයේ චේතනාවේ නානත්වය නිසා ය. යාමෙහි දී සිත හා සම්ප්‍රයුක්ත වූයේ ගමන චේතනාව ය. සිත හා චෛතසික දෙතිස එයට අනුව පැවැත්තේය. මල් නෙලීමේ දී ඒ සිත හා සම්ප්‍රයුක්ත වූයේ මල් නෙලන චේතනාව ය. සිත හා චෛතසික දෙතිස එයට අනුව පැවැත්තේ ය. පැන් ගෙන ඒමේ දී ඒ සිත හා සම්ප්‍රයුක්ත වූයේ පැන් ගෙනෙන චේතනාව ය. සිත හා චෛතසික දෙතිස එයට අනුකූලව පැවැත්තේ ය. මෙසේ චේතනාවගේ නානත්වයෙන් එක් සිතකින් අනේක ක්‍රියා සිදු වන බව තේරුම් ගත යුතුය.
චේතනාව ප්‍රකටව පවත්නේ කුශලාකුශල ක්‍රියා සිත්වල ය. විපාක චිත්තයෙහි යෙදෙන චේතනාව දුබල ය. එබැවින් එය අප්‍රකට ය. චේතනාව ගේ සර්ව චිත්ත සාධාරණත්වය දක්වන්නට යතොත් නොයෙක් ආකාර සිත්වල එය ලැබෙන සැටි දැක්විය යුතු ය. ග්‍රන්ථය ඉතා දීර්ඝ වන බැවින් එය නො කරනු ලැබේ."}