735. අකුසල කර්මයෙන් අපායේ යන්නේ නැද්ද? කර්ම පථයෙන් විතර ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ලිංගික (ස්වයංවින්දනය - නිත්‍යානුකූල / ධාර්මික කාම සේවනය - සමලිංගික සේවනය - වැරදි කාම සේවනය - ආදී) චර්යාවලින් දුගතිගාමී විය හැකි චර්යා මොනවා ද? දුගතිගාමී විය නො හැකි චර්යා මොනවා ද?

[මෙහිදී, “කර්ම” = ලෝභ /ද්වේෂ / මෝහ අකුසල් ක්‍රියා; “කර්ම පථය” = දස අකුසල් / ඉන් එකක් හෝ.]

A. ඉහත චර්යාවලින් “කර්ම” පමණක් වන චර්යා මඟින් (“කර්ම” පමණක් වන අයව / පාර්ශව) දුගතියට පමුණුවන බව අපැහැදිලි ය - එය සිදුවන්නේ මෙසේය: ඉහත (ඕනෑම) චර්යාවක් හෝ ඒ (ඕනෑම) චර්යාවක් සඳහා අදාළ වූ තමා හෝ අනුන් හෝ තමාගේ හෝ අනුන්ගේ හෝ ශරීරය, ශරීර කොටසක් (අඟ-පසඟ), ශරීර අනුකොටසක්, රූප-ශබ්දාදිය, අවස්ථා ආදිය, සිත්-සිතුවිලි ආදිය, සංසර්ගය-වින්දනය ආදී ක්‍රියා, චිත්තරූප-මනෝ සංකල්ප, උපකරණ, සිත්-සිතුවිලි ආදියෙන් (නිමිති - අනුනිමිති වලින්) කුමක් හෝ මරණාසන්න වෙලාවේ දී තමාට අරමුණු වුවහොත් (කර්ම - කර්ම නිමිති), ඒ අරමුණ උපාදානය වී ලෝභ සිත් (ලෝභ මූල) හෝ තරහ සිත් (ද්වේශ මූල) හෝ මුලා සිත් (දිට්ඨි සිත් හා පළමු මෝහ සිත) ඇතිවී, දැඩි ලෝභය (අභිධ්‍යා) හෝ දැඩි තරහව (ව්‍යාපාද) හෝ දැඩි මුලාව (මිත්‍යා දිට්ඨි) “කර්ම පථයක්” ඇති කොට හෝ අකුසල කර්ම - කර්ම නිමිති - ගති නිමිති මගින් හෝ ද දුගතිගාමී වේ - බොහෝ දෙනා දුගතිගාමී වීමට මෙම සංසිද්ධිය ප්‍රධාන හේතුවකි.

ඉහත චර්යාවලින් “කර්ම පථය” වන චර්යා මඟින් දුගතියට පමුණුවන බව පැහැදිලි ය.

එසේ නම්,

1. “අකුසල කර්ම පථ” මඟින් ඍජුව ම දුගතිගාමී වන බවත්,

2. “අකුසල කර්ම” මඟින් වක්‍රව දුගතිගාමී වන බවත්, පැහැදිලි විය යුතු ය.

{එසේ ම “අකුසල කර්ම පථ” හා “අකුසල කර්ම” යන කර්ම කොටස් දෙකෙන් ම “දුක් විපාක” (දුගතිගාමී වීම හා දුකසේ ජීවත් වීම / දුක් විඳීම) ඇති කරන බව ද පැහැදිලි විය යුතු ය.}

☛ “කර්ම පථ” ඍජුව ම හොඳ හෝ නරක උපතක් ලබා දීමට හේතු වන අතර, “කර්ම” ඍජුව ම සැප හෝ දුක් ගෙන දීමට හේතු වේ.

(කරුණාකර, “වක්‍ර විපාක” හා “අවශ්‍ය සෙස්ස” පහත උපුටනයෙන් ගම්‍ය/මතු කර ගැනීමට දක්ෂ වෙන්න.)
[උපකාරකය: ප්‍ර‍තිසන්ධිය = උපත.]

“>කර්මපථය< යි කියනු ලබන්නේ ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මයන්ට ය. ප්‍ර‍තිසන්ධිය ගෙන දීමේ ඒකාන්ත බවක් නැත්තා වූ කර්මයන්ට >කර්ම< යන නාමය පමණක් කියනු ලැබේ.” ☚

[T. "... චක්‍ෂුර්විඥෙය රූපයන්හි අනුඛ්‍යඤ්ජන වශයෙන් නිමිත්ත ග්‍ර‍හණය නො මැනව” - යනාදීන් වදාළ ආදිත්ත පරියාය දේශනාව සිහි කරමින්, රූපාදි ආරම්මණයන්හි චක්‍ෂුර්ද්වාරාදියෙහි පැවැති සිත් අභිජ්ඣාදීන් විසින් ලුහුබැඳ යත හැකි නිමිත්ත ග්‍ර‍හණය නො නැසුණු සිහියෙන් වළක්වා ලමින් මේ ඉන්‍ද්‍රිය සංවර ශීලය මනාකොට රැක ගත යුතුයි. ඉදින් ඉන්‍ද්‍රිය සංවර ශීලය නොරැකුණේ නම් යට දැක්වුණු ප්‍රාතිමෝක්‍ෂය සංවර ශීලය ද වැට නැති ගොයමක් මෙන් නො රැකුණේ වේ. චිරස්ථායී නො වේ. දොරවල් හැර දමා තිබෙන ගම සොරුන් විසින් පැහැර ගනු ලබන්නා සේ මැ ඒ ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය එවිට කෙලෙස් සොරුන් විසින් පැහැර ගනු ලැබේ. එ පමණක් ද මනාව සෙවෙණි නො කළ ගෙය වැසි දියෙන් මෙන් ඔහුගේ සිත රාගයෙන් තෙමෙන්නේ ය."
https://pitaka.lk/books/vishuddhi-margaya/3-13.html

"අට වැන්නෙහි - අනුබ්‍යඤ්ජන සේ නිමිත්තග්ගා භො = අත් හොබනේය. පා හොබනේය” යි මෙසේ හඟින්නේ කුඩා කොටස් හි ලක්ෂණ වශයෙන් රූපයෙහි නිමිති සිතට ගන්නා තැනැත්තාය. නිමිත්ත ග්‍රාහකයා වනාහී (හෙවත් කුඩා කොටස් වශයෙන් නිමිති ගන්නා තැනැත්තා වනාහී) බෙදා වෙන් කොට ග්‍රහණය කරයි. නිමිත්තග්‍රාහී තැනැත්තේ කිඹුල් සිරුරක් මෙන් සියල්ලම ගනියි. අනුව්‍යඤ්ජනග්‍රාහී තැනැත්තේ අත් පා ආදී වශයෙන්
බෙදා ඒ ඒ කොටස් වෙන්ව ගනියි. මේ ග්‍රාහකයෝ දෙදෙනා ම එක් ජවන වාරයකදීම (නිමිත්ත) ලබත් ජවන වාර කීපයකදී නම් කිව යුත්තක්ම නැත. (හෙවත් වැඩියෙන් නිමිති ගනීත්මය) නිමිත්තස්සාදෙ ගථිතං = නිමිත්ත ආස්වාදනයෙන් ඒ හා ගැට ගැසේ. බැඳේ. විඤ්ඤාණං = කර්මය පිළිබඳව දැන ගැනීම. තස්මිඤ්චෙ සමයෙ කාලං කරෙය්‍ය - කිලිටි වු සිතින් කාල ක්‍රියා කරන්නාවූ කිසිවෙක් හෝ ඇත්තේ නැත. සියළු සත්ත්වයන්ගේ ම කාලක්‍රියා කිරීම භවාංගයෙන් ම සිදු වේ. කෙලෙස් බිය දක්වන්නෝ මෙසේ කීහ. (එසේ නැතහොත්) මතවාද වශයෙන් හෝ මෙසේ කියන ලදී. ඇස නමැති දොරටුවෙහි වනාහී අරමුණ ගැටුණ කල්හි රාග සිතක් හෝ ද්වේෂ සිතක් හෝ මෝහ සිතක් හෝ ගැටුණ අරමුණු රසය විඳ ගෙන භවාංගයට බැස ගනියි. භවාංගයෙහි සිට කාල ක්‍රියා කරයි. එසමයෙහි කලුරිය කරන්නාට ගති දෙකක් බලාපොරොත්තු විය හැක. එම මතවාදය වශයෙන් (කිලිටි වූ සිතින් කාල ක්‍රියා කරන්නා වූ කිසිවෙක් හෝ නැත යන) මේ මතය කියන ලදී."

"නිමිත්තස්සාදගථිතන්ති නිමිත්තස්සාදෙන ගන්ථිතං බද්ධං. විඤ්ඤාණන්ති කම්මවිඤ්ඤාණං. තස්මිං චෙ සමයෙ කාලං කරෙය්‍යාති න කොචි සංකිලිට්ඨෙන චිත්තෙන කාලං කරොන්තො නාම අත්ථි. සබ්බසත්තානඤ්හි භවඞ්ගෙනෙව කාලකිරියා හොති. කිලෙසභයං පන දස්සෙන්තො එවමාහ. සමයවසෙන වා එවං වුත්තං. චක්ඛුද්වාරස්මිඤ්හි ආපාථගතෙ ආරම්මණෙ රත්තචිත්තං වා දුට්ඨචිත්තං වා මූළ්හචිත්තං වා ආරම්මණරසං අනුභවිත්වා භවඞ්ගං ඔතරති, භවඞ්ගෙ ඨත්වා කාලකිරියං කරොති. තස්මිං සමයෙ කාලං ¶ කරොන්තස්ස ද්වෙව ගතියො පාටිකඞ්ඛා, ඉමස්ස සමයස්ස වසෙනෙතං වුත්තං."



"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll