65. "නව-ගුණ-වැල" මොකට ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නව ගුණ වැල මොකට ද?

A. “... මෙයට ‘මතුරු වැළ’ යැ යි කියැවිණ. බෞද්ධයෝ ‘නව ගුණ වැළ’ යන නමින් මෙය ගනිති. නව බුදු ගුණ ජප කරන්නට යෙදෙන හෙයිනි.” – “ ... සිල් සමාදන්වන අය අත තිබිය යුතු තවත් දෙයක් නම් නව ගුණ වැලයි. එහි ඇට එකසිට අටකි. භාවනා කරන අවස්ථාවලදී නව ගුණ වැල ප්‍රයෝජනයට ගනී.”

108 වරක් කීමෙන් යම් දෙයක් (මන්ත්‍රයක් වශයෙන්) "ජප වෙන" බව කියවෙන්නේ - යමක් බොහෝ වාරයක් භාවිතා කරන විට එය භාවනාවක් (පත්තියන්) වන බවයි.

එමෙන්ම 108 වාරයක් ම ගැනීමට ද හේතුවක් තිබිය හැක - කෙසේ වෙතත්, භාවනාව සඳහා ගණන් කිරීම ද යොදා ගන්නා බව ද නොරහසකි.

අවසාන වශයෙන්, මෙය (නවගුණවැල) යොදා ගනුයේ සමාධියට උපකාරක වස්තුවක් ලෙස බව මාගේ මතය යි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll