961. බුදුරජාණන්වහන්සේ ඉපදුනේ ලංකාවේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බුදුහිමි උපන්නේ / ඉපදුණේ අපේ මේ ශ්‍රී ලංකාවේ ද?

A / T. "... එහි ද දෙව්ලොවෙහි නොවේ. බඹලොවෙහි නොවේ. මිනිස්ලොවෙහිය. අනිත් සක්වළක ඇති මිනිස්ලොවක ද නොවේ. මේ සක්වළෙහිමය. එහිද හැමතැනම නොවේ. නැගෙනහිර දිශාවෙහි කජංගල නම් නියම්ගම ඇත. එයට පසු මහාසාලා නියම්ගමය. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. ගිනිකොන දිශාවෙන් සල්ලවතී නම් නදිය ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. දකුණු දිශාවෙහි සේතකණ්ණික නම් නියම්ගම ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. බටහිර දිශාවෙහි ථූන නම් බමුණුගම ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. උතුරු දිශාවෙහි උසීරද්ධජ නම් පර්වතය ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා මැද යනුවෙන් සීමා කරන ලද දිගින් යොදුන් තුන්සියයක් වූ පළලින් යොදුන් දෙසිය පණහක් වූ වටේට යොදුන් නවසියයක් වූ මධ්‍යම දේශයෙහි තථාගතයන් වහන්සේ උපදිති. හුදෙක් තථාගතයන් වහන්සේ පමණක්ම නොවේ. පසේබුදුවරු අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා බුද්ධමාතාව, බුද්ධ පියා, සක්විති රජවරු, අනිකුත් සාරබවට පත් බ්‍රාහ්මණ ගෘහපතීහු ද මෙහිම උපදිති. ..."




["පෙරදිගින් කජංගල නම් නියම්ගමෙකි. එයට අන්‍යව මහාසාලයෝයි. ඉන් මත්තෙහි මෙපිටින් මැද ප්‍රත්‍යන්ත ජනපදයෝයි. ගිනිකොන දිගින් සලලවතී නම් නදියයි. ඉන් මත්තෙහි මෙපිටින් මැද ප්‍රත්‍යන්ත ජනපදයෝයි. දකුණු දිගින් සෙතකණ්ණික නම් නියම්ගමයි. ඉන් මත්තෙන් මෙපිටින් මැද ප්‍රත්‍යන්තජනපදයෝයි. පැසුළුදිගින් ථුනනම්වූ බමුණුගමයි. ඉන් මත්තෙහි මෙපිටින් මැද ප්‍රත්‍යන්ත ජනපදෙයෝයි. උතුරැ දෙසින් උසීරද්ධජ නම්වූ පර්‍වතයයි. ඉන්මත්තෙහි මෙපිටින් මැද ප්‍රත්‍යන්ත ජනපදයෝයයි මෙසේ පිරිසිඳුණු, දිගින් යොදුන් තුන්සියයක් ඇති, පළලින් යොදුන් දෙසියපණසක් ඇති, වටින් යොදුන් නවසියයක් ඇති මධ්‍යම දේශයෙහි උපදියි. හුදෙක් තථාගතයන්වහන්සේ පමණක් නොවෙත්. පසේබුදුවරු, අගසව්වරු, අසූමහ තෙරවරු බුදුබව, බුදුපියා, සක්විති රජ හා වෙනත් හරවත් (ධනවත්) වූ බමුණු ගැහැවියෝ ද මෙහිම උපදිත්,"

".. මිනිස්ලොවෙහිය. අනිත් සක්වළක ඇති මිනිස්ලොවක ද නොවේ. මේ සක්වළෙහිමය. එහිද හැමතැනම නොවේ. නැගෙනහිර දිශාවෙහි කජංගල නම් නියම්ගම ඇත. එයට පසු මහාසාලා නියම්ගමය. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. ගිනිකොන දිශාවෙන් සල්ලවතී නම් නදිය ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. දකුණු දිශාවෙහි සේතකණ්ණික නම් නියම්ගම ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. බටහිර දිශාවෙහි ථූන නම් බමුණුගම ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. උතුරු දිශාවෙහි උසීරද්ධජ නම් පර්වතය ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා මැද යනුවෙන් සීමා කරන ලද දිගින් යොදුන් තුන්සියයක් වූ පළලින් යොදුන් දෙසිය පණහක් වූ වටේට යොදුන් නවසියයක් වූ මධ්‍යම දේශයෙහි තථාගතයන් වහන්සේ උපදිති. හුදෙක් තථාගතයන් වහන්සේ පමණක්ම නොවේ. පසේබුදුවරු අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා බුද්ධමාතාව, බුද්ධ පියා, සක්විති රජවරු, අනිකුත් සාරබවට පත් බ්‍රාහ්මණ ගෘහපතීහු ද මෙහිම උපදිති. ..."]

{"... තත්‍ථාපි න දෙවලොකෙ, න බ්‍රහ‍්මලොකෙ, මනුස‍්සලොකෙ. මනුස‍්සලොකෙපි න අඤ‍්ඤස‍්මිං චක‍්කවාළෙ, ඉමස‍්මිංයෙව චක‍්කවාළෙ. තත්‍රාපි න සබ‍්බට‍්ඨානෙසු, “පුරත්‍ථිමාය දිසාය ගජඞ‍්ගලං නාම නිගමො, තස‍්ස අපරෙන මහාසාලා, තතො පරං පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ; පුරත්‍ථිමදක‍්ඛිණාය දිසාය සල‍්ලවතී නාම නදී, තතො පරං පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ; දක‍්ඛිණාය දිසාය සෙතකණ‍්ණිකං නාම නිගමො, තතො පරං පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ; පච‍්ඡිමාය දිසාය ථූණං නාම බ්‍රාහ‍්මණගාමො, තතො පරං පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ; උත‍්තරාය දිසාය උසිරද‍්ධජො නාම පබ‍්බතො, තතො පරං පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ”ති (මහාව· 259) එවං පරිච‍්ඡින‍්නෙ ආයාමතො තියොජනසතෙ විත්‍ථාරතො අඩ‍්ඪතෙය්‍යයොජනසතෙ පරික‍්ඛෙපතො නවයොජනසතෙ මජ‍්ඣිමදෙසෙ උප‍්පජ‍්ජති තථාගතො. න කෙවලඤ‍්ච තථාගතොව පච‍්චෙකබුද‍්ධා අග‍්ගසාවකා අසීතිමහාථෙරා බුද‍්ධමාතා බුද‍්ධපිතා චක‍්කවත‍්තිරාජා අඤ‍්ඤෙ ච සාරප‍්පත‍්තා බ්‍රාහ‍්මණගහපතිකා එත්‍ථෙව උප‍්පජ‍්ජන‍්ති. ..."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll