929. චුල්ලසෝතාපන්න නියත ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. චුල්ල සෝතාපන්න කෙනෙක් කියන්නෙ කාටද? එහෙම කෙනෙක් බවට පත්වන්නෙ කෙසේද?

A.  “යෙසං මයි සද්ධාමත්තං පෙම්මත්තං මෙයින් යම් කෙනෙකුන්ට අන්‍ය ආර්ය ධර්මයෙක් නැත්ද? එතකුදු වුවත් තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් පමණක් වේද ඒ විදර්ශක පුද්ගලයෝ අදහස් කරන ලදී. විදසුන් පිහිටුවා හුන් විදර්ශක භික්‍ෂූන්ට දසබලයන් කෙරෙහි හුදු ශ්‍රද්ධාව, හුදු ප්‍රේමය උපදී. ඒ ශ්‍රද්ධාවෙන් ඒ ප්‍රේමයෙන් අත්ගෙන ස්වර්ගයෙහි තබන ලද්දවුන් මෙන් වෙති. මොව්හූ නියති ගතිකයෝය. පෞරාණික ස්ථවිරයෝ වනාහි මෙබඳු මහණ චුල්ල සෝතාපන්න යයි කියති. සෙසු පදයන්හි ප්‍රකට අර්ථ ඇත්තේමැයි.”

["යෙසං මයි සද‍්ධාමත‍්තං පෙමමත‍්තන‍්ති ඉමිනා යෙසං අඤ‍්ඤො අරියධම‍්මො නත්‍ථි, තථාගතෙ පන සද‍්ධාමත‍්තං පෙමමත‍්තමෙව හොති. තෙ විපස‍්සකපුග‍්ගලා අධිප‍්පෙතා. විපස‍්සකභික‍්ඛූනඤ‍්හි එවං විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නිසින‍්නානං දසබලෙ එකා සද‍්ධා එකං පෙමං උප‍්පජ‍්ජති. තාය සද‍්ධාය තෙන පෙමෙන හත්‍ථෙ ගහෙත්‍වා සග‍්ගෙ ඨපිතා විය හොන‍්ති, නියතගතිකා කිර එතෙ. පොරාණකත්‍ථෙරා පන එවරූපං භික‍්ඛුං චූළසොතාපන‍්නොති වදන‍්ති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති."]



A. "15-16. කවර පුද්ගලයෙක් නියත වේ ද යත්: ආනන්තර්‍ය්‍ය කර්ම සමඞ්ගී පුද්ගලයෝ පස් දෙනා ද නියත මිථ්‍යාදෘෂ්ටික වූ යම් කෙනෙක් වෙත් නම් ඔහු ද, ආර්‍ය්‍ය පුද්ගලයෝ අටදෙනා ද නියතයෝ යැ, අවශේෂ පුද්ගලයෝ අනියතයෝ යි."

["15-16. කතමො ච පුග‍්ගලො නියතො: පඤ‍්ච පුග‍්ගලා ආනන‍්තරියකා යෙ ච මිච‍්ඡා දිට‍්ඨිකා නියතා, අට‍්ඨ ච අරියපුග‍්ගලා නියතා. අවසෙසා පුග‍්ගලා අනියතා."]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll